තමන් තම නිවසේ නිදා සිටියදී කිසියම් කණ්ඩායමක් පැමිණ එක දිගට පහරදුන් බව ඒ සමග විශාල ශබ්දයක් ඇසී තමන් නින්දෙන් අවදි වුණු බවත් මාධ්‍යවේදී චමුද...
තමන් තම නිවසේ නිදා සිටියදී කිසියම් කණ්ඩායමක් පැමිණ එක දිගට පහරදුන් බව ඒ සමග විශාල ශබ්දයක් ඇසී තමන් නින්දෙන් අවදි වුණු බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා සඳහන් කරයි.
පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.
නිවසේ වීදුරු රැුසකට හානි සිදුවී ඇති බවත් නිවස පුරාම අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් තමන්ට සැක කළ හැකි අයෙකු නම් කළ නොහැකි බවද කියා සිටියේය.
තමන් සිටින නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාට පිස්තෝලයක් එල්ල කර බිම දිගාකර මෙම ප්‍රහාරකයන් පැමිණ ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.
මේ වන විට තම නිවසේ නිවසට පැමිණි පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

COMMENTS