දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චම්පිකගේ රිය අනතුරු නඩුවට පුහුණු කළ සාක්ෂිකරුවෙක්!
Homeප්‍රවෘත්ති

චම්පිකගේ රිය අනතුරු නඩුවට පුහුණු කළ සාක්ෂිකරුවෙක්!

PropellerAds

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවතින නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ ස...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා පත් කෙරේ.
රජ ගෙදරින් සිරගෙදරට
අදින්නාදානා නෝ ප්‍රොබ්ලම් කරන මොක්පුර නොදුටු දෙව්දත්ලා
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවතින නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් ඊයේ (18) රණවක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ මූලික සාක්ෂි විමසීමේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සාක්ෂිකරු පුහුණු කරන ලද සාක්ෂිකරුවකු ලෙස පෙනී ගිය බවයි.

“1000 සී සී මෝටර් සයිකලය යාලුවෙක් ගෙ කිව්වා. එයාට වෙනම බයිසිකලයක් තිබුණා. ඒ ගැන මොහු දන්නේ නෑ කිව්වා. ඊළඟට මෙවැනි මෝටර් සයිකලයක් මහපාරේ පදින්න පුළුවන්ද බැරිද කියන එක ගැන එයා දන්නෙ නෑ කිව්වා. ඒ කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට දැනගත යුතු කරුණු.

පැමිණිලිකරුගේ පියාගේ සාක්ෂිය අනුව “රක්ෂණාවරණයක් තිබේ නම් ඒ රක්ෂණාවරණයට අනුව අනතුරක් වුනාම පුතා හෝ පුතාගෙ යාළුවා අදාළ අනතුර සම්බන්ධයෙන් වන්දියක් ඉල්ලුවද? ඒක පිළිබඳව පැහැදිලි උත්තරයක් දුන්නෙ නෑ. එහෙම කරලා නෑ. දෙක ඒ සම්බන්ධයෙන් සිවිල් නීතිය යටතේ වන්දි නඩුවක් පවරන්න පුළුවන්. ඒ දෙකම කරලා නෑ. එතකොට අපි යෝජනා කළා එහෙම නොකළේ තමන් දන්න හින්දා තමන්ගේ පුතා වරදක් කරපු හින්දා කියලා. ඒක ඉතා වැදගත් සාක්ෂියක්.”
ඊට අමතරව කිසිම අවස්ථාවක පොලීසිය මේ සඳහා මැදිහත් කරගෙන නොමැත. තෙවැනි පාර්ශවයේ අයිතිවාසිකම් සහිත රක්ෂණ ආවරණයක් මෙම මෝටර් බයිසිකලය සඳහා ලබාගෙන තිබුණද, වැරදි ලෙස ධාවනය කිරීම සහ රක්ෂණ වාරික ආවරණයක් නොමැති වීම නිසා රක්ෂණ මුදල් අදාළ අනතුර වෙනුවෙන් ලබාගත නොහැකි ව තිබේ. මෙය තමන්ට පැදවිය නොහැකි වාහනයක් පැදවීම තුල සිදුවූ අනතුරකි. නමුත් අද වන තෙක් පොලීසිය විසින් වැරදි වාහනයක් පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම පදනම් කරගෙන නඩු පවරා නැත.
“මොහු පිළිගත්තා ඔහු බත්තරමුල්ල ජයන්තිපුර පොහොට්ටු කාර්යාලයට ගිහිල්ලා තමයි මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළේ කියලා. ඒ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළාට පස්සේ අගමැතිතුමාගේ මැදිහත් වීමෙන් එලියන්ත වයිට් සම්බන්ධ කරලා දුන්නා කියලා පුතාට බෙහෙත් කරන්න. එතකොට ඒ කියන්නේ ආණ්ඩුව පැහැදිලිව ඔහුට යම්කිසි අල්ලසක් දීලා තියෙනවා. ඊළඟට තමයි චමල් රාජපක්ෂ ගාවට ගිහිල්ලා තියෙන්නේ මේ CID එකේ අපරාධ පරීක්ෂණය කරන්න මැදිහත් වෙන්න.

මේ ගයාශාන් කියන පුද්ගලයා, ඒ කියන්නේ පිටිපස්සේ ගියපු එක්කෙනා උදය ගම්මන්පිල මහතා සමග දුරකථනයෙන් හතර වතාවක් කතා කළයි කියලා. සිද්ධියෙන් දවස් හතකට පස්සේ තමයි දිවුරුම් ප්‍රකාශයක් දෙන්නේ චම්පික වැරදියි කියලා. ඉතින් ඒ අනුව නඩුවේ හරයාත්මකව බැලුවම මේ සාක්ෂි වැදගත් නැති සාක්ෂි බවට පත්වෙනවා. ඊට අමතරව කියපු හැමදේම ඔහු කළින් පුහුණු කරපු චම්පිකට විරුද්ධව වරදක් ආරෝපණය කරන, යම්කිසි ආවේගාත්මක ප්‍රකාශ කරන්නෙයි කියා ඔහුට කියන්න ඇති. ඉතින් ඒක තමයි අහනකොට ඒ ප්‍රශ්නයට අනුපාතික නැතුව පිළිතුරු දීලා (සාක්ෂි නීතිය අනුව සාක්ෂිකරුගේ ආවේශනීයත්වය) හැසිරීම් තුළ හොඳින් පෙන්නුම් කළා ඔහු මේ යම්කිසි විදිහට බලපෑම් කරපු සාක්ෂිකාරයෙක්. “
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද මේ අවස්ථාවේ උසාවි සංකීර්ණය අසලට පැමිණ සිටි අතර එහිදී අදහස් දැක්වූ රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ ආණ්ඩුව විසින් විපක්ෂයේ දේශපාලන නායකයන් දඩයම් කිරීමට පටන්ගෙන ඇති බවය. සමගි ජන බලවේගය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

-lankasara


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චම්පිකගේ රිය අනතුරු නඩුවට පුහුණු කළ සාක්ෂිකරුවෙක්!
චම්පිකගේ රිය අනතුරු නඩුවට පුහුණු කළ සාක්ෂිකරුවෙක්!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgCMXb6-wusSFyDPhy6zrWTZ_ziQB2Fc9CEHmr1LryV4E1u7ZxhonrHwynU9nRbGQSyo7UsT7vrdXHtZrbUxDelV2_7AL8dIXAZbIT-4d3c99Nnb1uFoiT6HQLgtmWJcTO6ubp87x_ZrHbD4UNNxJnaCW1pzRXXoHYzGd9l2JFlMq0cc_vl43dJvn7PHg=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgCMXb6-wusSFyDPhy6zrWTZ_ziQB2Fc9CEHmr1LryV4E1u7ZxhonrHwynU9nRbGQSyo7UsT7vrdXHtZrbUxDelV2_7AL8dIXAZbIT-4d3c99Nnb1uFoiT6HQLgtmWJcTO6ubp87x_ZrHbD4UNNxJnaCW1pzRXXoHYzGd9l2JFlMq0cc_vl43dJvn7PHg=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy