පසුගිය දා අවසන් වූ ලෝක විවාහක රූ රැජණ තරගාවලියේ අවසන් ප්‍රතිඵලය වෙනස් කිරීමට තමා බලපෑම් කළ බව පැවසීමෙන් තමන්ගේ කීර්ති නාමයට සිදු වූ හානිය...
පසුගිය දා අවසන් වූ ලෝක විවාහක රූ රැජණ තරගාවලියේ අවසන් ප්‍රතිඵලය වෙනස් කිරීමට තමා බලපෑම් කළ බව පැවසීමෙන් තමන්ගේ කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය රූ රැජිණක් වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට එරෙහිව එන්තරවාසියක් යවා තිබේ.
මේ සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස ද ඇය සිය එන්තරවාසිය මගින් පුෂ්පිකා ද සිල්වාගෙන් ඉල්ලා ඇත.
පුෂ්පිකා ද සිල්වා පසුගිය දිනක යූ-ටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊට එරෙහිව සේනානායක මහත්මිය විසින් සිය නීතිඥවරුන් මගින් මෙම එන්තරවාසිය යවා තිබේ.

COMMENTS