දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී!
Homeප්‍රවෘත්ති

කැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී!

PropellerAds

ලංකාවේ විදුලි ඉල්ලුමටත් වඩා වැඩි සැපයුමක් ලබාදිය හැකි මෙගාවොට් 3000ක පමණ ධාරිතාවකින් යුතු විදුලි ජනන යන්ත්‍ර කොළඹ නගරයේ රාජ්‍ය ආයතන සහ පෞද...

මහමෙරු පර්වතයේ තායි රජුනි, අයියෝ සල්ලි!!
ඔස්ට්‍රේලියානු උප අගමැතිට ධුරය අහිමිවෙයි.
ශ්‍රී ලංකන් සමග හවුල් වෙන්න කටාරයට ආරාධනා.
ලංකාවේ විදුලි ඉල්ලුමටත් වඩා වැඩි සැපයුමක් ලබාදිය හැකි මෙගාවොට් 3000ක පමණ ධාරිතාවකින් යුතු විදුලි ජනන යන්ත්‍ර කොළඹ නගරයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල ඇති බැවින් දහවල් කාලයට පැය කිහිපයකට මෙම යන්ත්‍ර මගින් විදුලිය ලබාගැනීමට අදාළ ආයතනවලට යෝජනා කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේය.

බොහෝ ආයතන මේ සඳහා කැමැත්ත පළ කළ බව හෙතම කියා සිටියේය. විදුලි කප්පාදුවකට නොගොස් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මෙම ක්‍රමය විශාල පිටිවහලක් වනු ඇති බව ඔහු පවසා සිටියේය.

එමෙන්ම කොළඹ නගරයේ ප්‍රදර්ශනය කර ඇති ඩිජිටල් ප්‍රචාරක පුවරුවල විදුලිය විසන්ධි කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කරන බව සභාපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම රාත්‍රී හතෙන් පසු මාර්ගවල දල්වා ඇති වීදි ලාම්පු රාත්‍රි දහයෙන් පසු නිවා දැමිය යුතු බවද ඔහු පැවසුවේය. ඉදිරියේදී විදුලිය භාවිත කිරීම පිළිබඳව කොමිෂන් සභාවෙන් ඉදිරිපත් කරන නිර්දේශ ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියේය.

මේ පිළිබඳව ඔහු පැවසුවේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. මෙහිදී අදහස් දක්වා සිටි ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

”කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ජෙනරේටර් එකක් තියෙනවා මෙගාවොට් විස්සක. කැලණිතිස්සටත් වඩා සැපයුමක් මේකෙන් දෙනවා. විදුලි කප්පාදුවක් හැරුනම මේ යන්ත්‍රය තියෙන්නේ නිකන්ම. ඒ වගේම මහබැංකුවේ තියනවා මෙගාවොට් 5ක ජනන යන්ත්‍රයක්, ටෙලිකොම් ආයතනයේ තියනවා මෙගාවොට් තුනක යන්ත්‍රයක්. තවත් මෙවැනි ජනන යන්ත්‍ර බොහෝමයක් තියනවා. අපි ඉදිරියට මේ සියල්ලම භාවිත කරනවා. ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර පැය දෙකකට හරි අක්‍රිය කරන්න කියලා අපි ඉල්ලනවා. ගෙවල්වල තියනවනම් එම යන්ත්‍ර පැය කිහිපයකට හරි අක්‍රිය කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. මේ ක්‍රමවලින් ඉදිරියට ගියොත් අපිට විදුලිය කපන්නේ නැතුව ගොඩයන්න පුළුවන්.”

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29282,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී!
කැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgsg0I5E-LoeFSzIHBFlPyFJopzZQ71Z2Ql9WK1buuxajrIAQ8mnyHtBQWldhbLCd0tjloOkUFna1hBey40NtkLTLUcInE5NdScLzCwrkZz8UpxfiDuGjMi0v3WzjQ8r3XH6ghWgtTzI-lrDQTpinJ2Ez1HNMYlFIilvfpisNuNm0rsvhKQVpVAemBv_A=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgsg0I5E-LoeFSzIHBFlPyFJopzZQ71Z2Ql9WK1buuxajrIAQ8mnyHtBQWldhbLCd0tjloOkUFna1hBey40NtkLTLUcInE5NdScLzCwrkZz8UpxfiDuGjMi0v3WzjQ8r3XH6ghWgtTzI-lrDQTpinJ2Ez1HNMYlFIilvfpisNuNm0rsvhKQVpVAemBv_A=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_640.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_640.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy