දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උමගක් කපන්න ලංකාව වෙනුවෙන්ම චීනයෙන් යෝද යන්ත‍්‍රයක්.. ඩොලර් මිලියන 35ක වංචාවක් යයි චෝදනා!
Homeප්‍රවෘත්ති

උමගක් කපන්න ලංකාව වෙනුවෙන්ම චීනයෙන් යෝද යන්ත‍්‍රයක්.. ඩොලර් මිලියන 35ක වංචාවක් යයි චෝදනා!

PropellerAds

තමන් බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යවරයා ලෙස සිටියදී ඉදිකිරීම් ආරම්භ කළ පෝට් සිටි උද්‍යානය ජනාධිපතිරයා විසින් කළ වැඩක් සේ හුවා දක්ව...

තමන් බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යවරයා ලෙස සිටියදී ඉදිකිරීම් ආරම්භ කළ පෝට් සිටි උද්‍යානය ජනාධිපතිරයා විසින් කළ වැඩක් සේ හුවා දක්වමින් විවෘත කරන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කුරුණෑගල 43 සේනාංක ජනහමුවකින් පසු මාධ්‍ය අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,

“ජනාධිපතිතුමා චීන විදේශ ඇමතිතුමා සමග වරාය නගරයේ ඉදිකරන ලද මං පෙත විවෘත කරනව කියලා තියෙනවා. ඇත්තටම ඔය වරාය නගරයේ තිබුණා ෆෝමියුලා වන් කාර් රේස් යන්න හදපු සැලසුම. ඒ සැලසුම අවලංගු කරලා වරාය නගරයේ අපේ ජනතාවට යන්න පුළුවන් උද් යානයක් නිර්මාණය කළේ අපේ අමාත් යාංශය යටතේ තමයි, 2016 වර්ෂයේ තමයි ඒක පටන් ගත්තේ. අද තමන්ගේ වගේ ඒවා විවෘත කරනවා වගේ ගිහින් විවෘත කරනවා.

මහනුවර නගරෙත් විශාල සංවර්ධන යෝජනා ක්රම ගණනාවක් විවෘත කරේ අපේ කාලේ. අපේ අමාත්යාංශයෙන් හදපුවා. ගෝඨාභය කාලේ හදපු එක මහා පරිමාණ ව්යාපෘතියක්වත් නැහැ.

ඒ වගේම මම දැක්කා මේ ලංකාවේ උමං කනින්න චීනයෙන් යන්ත්‍රයක් ගේනවා කියලා.  ඇත්තටම අද මේ උතුරු මැද ඇළ එහෙම නැත්නම් සෙන්ට්රල් කැනෑල් එක, කඩිනම් කිරීමේ මුවාවෙන් අති විශාල වංචාවක් සිදු කරන්න යනවා. ඒක වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවොත් සියලු දෙනාම කරලා තියෙනවා. නමුත් ඒ අමාත්යාංශ ලේකම්වරයාත් එක්ක එකතුවෙලා ඩොලර් මිලියන තිස්පහක විශාල වංචාවක් මේ උතුරු මැද ඇල හරහා සිද්ධ කරන්න යනවා. මේ උමග තැනීමට මුවා වෙලා. ඒ බවත් කියන්න ඕනේ.

මේවා මේ පුදුම වෙන්න දේවල් එහෙම නෙවෙයි. මේවා පිටිපස්සේ තියෙන්නේ විශාල ජාවාරම්. අපිට කියන්න තියෙන්නේ ඉතා කණගාටුවෙන්, ඒ කාලේ කරපු ජාවාරම් වල ප්රතිඵල තමයි දැන් අපිට භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. මේ තත්වය වෙනස් කරන්න. වහාම පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ වල නියෝජිතයෝ මැදිහත් වෙන්න ඕනේ. මොකද මේ රට බංකොලොත් වුණොත් මේ රට අවුරුදු දහයකටවත් නැවත ගොඩගන්න හම්බවෙන්නේ නැහැ.”

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උමගක් කපන්න ලංකාව වෙනුවෙන්ම චීනයෙන් යෝද යන්ත‍්‍රයක්.. ඩොලර් මිලියන 35ක වංචාවක් යයි චෝදනා!
උමගක් කපන්න ලංකාව වෙනුවෙන්ම චීනයෙන් යෝද යන්ත‍්‍රයක්.. ඩොලර් මිලියන 35ක වංචාවක් යයි චෝදනා!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEibaZEdNU5YLNkHrK9DcKTZyPYMTs8YkRpDNV4PNYR_dDhqILvK0pXx2mFhMmE5yQfK_8dLMYpLHz0KZiLpkiXLrftr6O2XkV6BG0PLBBDKf_VipNqk0lm1dVbqKs0s7XQ6jodqNJD0yFm7cMxCvKIYjhDS3tuTTphKWd6wCUjlUW9swUAY1aVkpVZo2g=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEibaZEdNU5YLNkHrK9DcKTZyPYMTs8YkRpDNV4PNYR_dDhqILvK0pXx2mFhMmE5yQfK_8dLMYpLHz0KZiLpkiXLrftr6O2XkV6BG0PLBBDKf_VipNqk0lm1dVbqKs0s7XQ6jodqNJD0yFm7cMxCvKIYjhDS3tuTTphKWd6wCUjlUW9swUAY1aVkpVZo2g=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy