දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ සරසවියේ උපාධිධාරීන් මුරුත්තෙට්ටු හිමි ප‍්‍රතික්‍ෂෙප කිරීම අතිශයින්ම ආදර්ශවත්…
Homeප්‍රවෘත්ති

කොළඹ සරසවියේ උපාධිධාරීන් මුරුත්තෙට්ටු හිමි ප‍්‍රතික්‍ෂෙප කිරීම අතිශයින්ම ආදර්ශවත්…

PropellerAds

‘කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්වුනු උපාධී ප්‍රධානෝත්සව අවස්ථාවේදී උපාධී ප්‍රතිලාභී විද්වතුන්  ගන්නා ලද පියවර අතිශයින්ම ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක...

ශිෂ්‍යත්වය ගැන තීරණයක් ගන්න අකිල සූදානම්
"මගේ ඉල්ලීම රජය විකෘති කරනවා" - බන්දුල
සිංහරාජයේ තවත් මාර්ග ඉදිකරයි - ලෝක උරුමය විනාශයි
‘කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්වුනු උපාධී ප්‍රධානෝත්සව අවස්ථාවේදී උපාධී ප්‍රතිලාභී විද්වතුන්  ගන්නා ලද පියවර අතිශයින්ම ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් හැටියට බුද්ධිමත් නතාවගේ ප්‍රසංසාවට යොමු වෙනවා. මේ ක්‍රියාවත් සමග කොළඹ විශව විද්‍යාලයේ සියලුම දෙනා විද්වතුන් බුද්ධිමතුන් උගතුන් සතු අභීත භාවය ඒ වගේම විද්වත් ආත්මීය ගරුත්වය නවින් ප්‍රදර්ශණය කරල තියෙනව’ යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්යය ඕමල්පේ සෝබිත හිමි කීය.

උන් වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඇමිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී මාධ්‍ය හමුවක් කැදවමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඒමල්පේ සෝභිත හිමියන්,

තමන් අතමැති දෙයක් සාධාරණ ලෙස ධර්මානුකූලව ප්‍රතික්ෂේප කිරීමේ වැඩ පිළිවෙළ ඉතාමත් සාර්තකව සිදු වුන බව අපි දැක්කා. කරුණාකර මේ පිණිවිඩය මේ ආදර්ශය මේ නිදර්ශණය ඉගනගන්න. ප්‍රධාන වශයෙන් අපි කියා සිටිනවා නායක මහානායක ආගමික නායකයන් ඇතුලු සියලුම ආගමික නායක වරුන් සමාජ ක්‍රියාකාරීන් මේ නිදර්ශණය පාඩමට ගත යුතුයි.  තමා අකමැති දේ අකමැති බව පැහැදිලිවම දැන දැනත් උගුරට හොරා බෙහෙත් කන ආකාරයේ දෙබිඩි, නෝන්ජල් ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී ලෝකේ රටේ මිනිස්සු කොළඹ විශව විදියාලයේ විද්වතුන් ඝෘජුලෙස ඝෘජු ප්‍රතිපන්න ලෙස තමන්ගේ මතය පැහැදිලිවම ප්‍රකාශ කරල තියෙනව.

ජනාධිපතිතුමා මේ පිණිවිඩය තේරුම්ගත යුතුයි. රජය මේ පණිවිඩය තේරුම් ගත යුතුයි. ඒ අපහාසයට උපහාසයට යොමු වුන තනතුර තමයි රජයත් නියෝජනය කරන්නේ.  විශ්ව විද්‍යාලීය විද්වත් ප්‍රජාව තමයි මේ රටේ ජනතාව නියෝජනය කරන්නේ. ජනතාව රජයට දෙන පොදු දඩුවමක් තමයි  මේ ප්‍රසිද්ධියට පත්වූනේ. ජනාධිපතිතුමා සිතාගත යුතුයි තම තමන්ට අවශ්‍ය විදියට පුද්ගලික සම්බන්ධකම් දේශපාලන සම්බන්ධකම් ඥාති හිතමිත්‍රකම් මුල් කරටගන ආයතන වග අදිපතිකම් දෙනකොට, සංස්ථාවල සභාපතිකම් දෙනකොට කාටවත් මොකුත් කියාගන්න බැරිව සිටියේ.  කොළඹ විශ්ව විදයාලයේ විද්‍යාර්තීන් ‍ඒ සදහා නිසි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කලා. රජය මේය පැහැදිලිව තේරුම්ගත යුතුයි. ඒ තමන්ගේ උවමානවන් යටතේ මේ දක්වා පත්කර ඇති සංවිධාන මණ්ඩල සංස්ථා ආදියට පත්කල නායකයින් සභාපතිවරුන් අධ්‍යක්ෂක වරුන් අතිශයින්ම අසාර්තකයි කියන එක ඉතාමත් පැහැදිලියි.

අද මුලු රටම මහත් ව්‍යවසනයකට ගොදුරුවෙලා තියෙන්නේ ඥාති සංග්‍රහය, අපි හිතනව විද්වතුන් කියල විද්වතුන්ට අවස්ථාව දීල තියෙනව රටේ වැඩ කරන්න කියල ඒවා සම්පූර්නයෙන්ම අසාර්තක වෙලා තියෙනවා. එහෙමනම් ජනාධිපතිතුමා දැන්වත් තේරුම්ගන්න ඔබ මේ දක්වා ගෙන ගිය වැඩපිළිවෙල වැරදියි. ඒ වැරැද්ද නිවැරදි කරගන්න තවමත් අවස්ථාව නැතිවාම නොවෙයි.  මේ කොළඹ විශ්ව විද්‍යාලයේ පිරිස කල ක්‍රියාව මේ රජය භාරගත යුතුයි. තේරුම් ගත යුතුයි. මේ රටේ ආගමික නායකයන් ඇතුලු සියලු නායකයන්ට කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉතාමත් වැදගත් පාඩමක් කියලදීල තියෙනවා. ඒක ඉතාමත් වැදගත්‍.

අයතා පත්වීම්, අසාධාරණ පත්වීම් තමයි රටක විනාශයට මුල වෙන්නේ. විශේෂයෙන් නිදර්ශන කිහිපයකින් මේ බව ඔප්පු වෙනවා. රජය මහජන ඡන්දයෙන් පත්වෙන බොහෝ දෙනෙකුට රජය විශේෂ වරප්‍රසාද ලබා දෙනව‍. සුදුදුකම නොව ඥාතිත්වය හිතවත්කම පාක්ෂික බව ජන්දයට උදව්කල බව සලකල යම් යම් ආයතනවල ප්‍රධානත්වයන් දීල තියෙනව. අද මහා පරිමාණයෙන් මහජන දේපොල සූරා කන්නත් කොමිස් ගහන්නත් පෙළබිලා තියෙන්නේ මෙන්න මේ පත්වීම්.

ඒ නිසා රජය මොන තරම් අසීරුතාවයට පත්වෙලා තියෙනවද. තමන්ගේ අය මේ වැරදි කරන නිසා තමන්ගේ කම නිසා අඩුම තරමේ නීතිමය පියවරක්වත් ගන්න බැරිවෙලා තියෙනව. නොයෙක් විදියේ වංචා සීනි වංචා, ලූනු වංචා,තෙල් වංචා, පොහොර වංචා, ගෑස් වංචා, මේ සෑම වංචාවකම හේතුව කුමක්ද. හිතවතුන්ට තැන දීම. ඔවුන් හිතනවා තමන්ට ලැබුනු මොහොතේ හොරකම් කිරීම හොදයි කියල‍‍. ඒනිසා තමයි මේ දක්වා හොරකම් මැරකම් ජාතික අපරාධ විහාල වහයෙන් වෙලා තියෙද්දී එකම පුද්ගලයෙක්වත් අත්අඩංගුවටවත් ගන්න ආත්ම ශක්තියක් නැතිවෙලා තියෙන්නේ.

අසූචි පුරවාගත්ත නැවක් ලංකාවට ගෙනත් බලහත්කාරයෙන් බාන්න හදන වෙලාවේ මහජනතාවගෙන් විරෝධයක් නැගුනා ඒත් අවසානයේ අසූචි නැවකට වන්දි ගෙවන්න උනා. අපරාදේ මුදලක් චීන කුණු නැවකට ගෙවන්න සුද වුනා. ජනාධිපතිතුමා මෙතෙන්දිවත් ජනතාවට යුක්තිය ඉටු කරන්න. මේ හොර ගනුදෙනුවට ඇයි මහජනතාවට දඩුවම් දෙන්නේ. මේ ගනුදෙනුවට අත්සන් කල අයගේ ධනයෙන් නේද මේ වන්දිය ගෙවන්න ඹ්න. දැන් තියෙන්නේ හිගන කාසිවලින් පුරවන්න හදන භාණ්ඩාගාරයක්‍. මේ කූඩ පත්වීම් නිසා මේව වෙන්නේ. දැන්වත් මේක රජය තේරුම්ගත යුතුයි.

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ සරසවියේ උපාධිධාරීන් මුරුත්තෙට්ටු හිමි ප‍්‍රතික්‍ෂෙප කිරීම අතිශයින්ම ආදර්ශවත්…
කොළඹ සරසවියේ උපාධිධාරීන් මුරුත්තෙට්ටු හිමි ප‍්‍රතික්‍ෂෙප කිරීම අතිශයින්ම ආදර්ශවත්…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhtKEG4W6xCycvVNknT7RJ3HMNKo82yCR0CZPE2r8PPw5ewbf_iHlfQaRnLZ1BTdmlTLC5pg_oNM7kJ0WD1vBC7u6gkaFo5YorlDn1j_sjz-SvP4Xc9SXqxj3NpK-blZ2DLHz8UTMOyCae-Gnznxj72sHjf_kEZP9ol7TwnEsRJBdUxQdtriiUJDJ2gpg=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhtKEG4W6xCycvVNknT7RJ3HMNKo82yCR0CZPE2r8PPw5ewbf_iHlfQaRnLZ1BTdmlTLC5pg_oNM7kJ0WD1vBC7u6gkaFo5YorlDn1j_sjz-SvP4Xc9SXqxj3NpK-blZ2DLHz8UTMOyCae-Gnznxj72sHjf_kEZP9ol7TwnEsRJBdUxQdtriiUJDJ2gpg=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_959.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_959.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy