කාති උසාවිය නිසා මුස්ලිම් ජාතිකයින්ට බලවත් අසාධාරණයක් සිදුවන බව අවධාරණය කළ හිටපු මහාධිකරණ රෙජිස්ටාර් මොහොමඩ් සුබයිර් මහතා එම උසාවිය අහෝසි ...
කාති උසාවිය නිසා මුස්ලිම් ජාතිකයින්ට බලවත් අසාධාරණයක් සිදුවන බව අවධාරණය කළ හිටපු මහාධිකරණ රෙජිස්ටාර් මොහොමඩ් සුබයිර් මහතා එම උසාවිය අහෝසි කරන ලෙසට නිර්දේශ කරන ලෙස එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටියේය.
එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා ඊයේ (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ සුබයිර් මහතා මෙම ඉල්ලීම සිදුකළේ ය.
තමා ස්වෙච්ඡාවෙන් මෙම අදහස් ලබාදීම සඳහා පැමිණි බව පැවසූ සුබයිර් මහතා අධිකරණ ක්ෂේත්‍රයේ වසර 40ක ලද අත්දැකීම් මත මෙම ඉල්ලීම සිදු කරන බව ද සඳහන් කළේය.
විවිධ ස්වෙච්ඡා සංවිධාන, විවිධ ජන කොටස්, වෘත්තිකයන්ගේ සංවිධාන මෙන්ම සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින් පැමිණි පිරිස් කමිටුව හමුවේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ කළහ.
මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය, බහු විවාහ නීතිය මෙන්ම ආගම කොටස්වලට යොදා ගෙන විවිධ සංවිධාන පිහිටුවීම තහනම් කළ යුතු බවද මොහොමඩ් සුබයිර් මහතා කාර්ය සාධක බලකාය හමුවේ අවධාරණය කළේය.
COMMENTS