කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරනවා. ඒ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් ප්‍රවේශම් වී සිටින ලෙසටයි. 2010 ජනපතිවරණය ...
කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරනවා.
2010 ජනපතිවරණය
2010 ජනපතිවරණයෙන් පසු ෆොන්සේකා මහතාව සිරගත කිරීමේ පල විපාකය එය කළ පාර්ශවයට අනාගතයේදී භුක්ති විඳීමට සිදුවුනු ඇති බවයි වෙල්ගම මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
2010 ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තරග කිරීම ෆොන්සේකා මහතාව එසේ සිරගත ගත කිරීමට හේතු වූ වරද ලෙසයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
එය සම්පූර්ණයෙන්ම දේශපාලන පළිගැනීමක් ලෙස පෙන්වා දෙන මන්ත්‍රීවරයා නුදුරු අනාගතයේදී ෆොන්සේකා මහතා සිය දේශපාලන ගමනේ කොතැනින් නතර වෙතැයි කිව නොහැකි බවට ඉඟියක් ද පළ කරනවා.
ප්‍රතිවිපාක භුක්ති විදීම
එවන් තැනකට පැමිණි අවස්ථාවේදී ෆොන්සේකා මහතාට එරෙහිව පළි ගැනීම් කළ ආණ්ඩු පක්ෂයේ අයට එළව එළවා කෙරෙන ගුටි කෑමකට මුහුණදීමට සිදුවන බවට වෙල්ගම මන්ත්‍රීවරයා අනතුරු ඇඟවූවා.
වෙල්ගම මන්ත්‍රීවරයා මෙසේ අනතුරු ඇඟවූයේ ඊයේ (20) ඔහු පාර්ලිමේන්තුවේදී කල ඉතා මතභේදාත්මක කතාව අතරතුර.
ආණ්ඩුවේ පමණක් නොව තමන් නියෝජනය කරන විපක්ෂයද ආණ්ඩුවේ සිටිද්දී කළ ඇතැම් දේශපාලන පළිගැනීම් ගැන එම කතාවේදී මන්ත්‍රීවරයා කරුණු හෙළිදරව් කළේ තමන්ද එසේ දේශපාලන පලිගැනීමට ලක්වූ ආකාරයද මතක් කර දෙමින්.

COMMENTS