විහාර දේවාලගම් ආඥාපනත යටතට වැටෙන දේවාල 31න් 15ක ඡන්ද ජනාධිපතිවරයා කල්දමා ඇතැයි වාර්තා වේ. මහනුවර ප්‍රදේශයට අයත් දේවාල 7ක්, බදුල්ලට ප්‍රදේශ...
විහාර දේවාලගම් ආඥාපනත යටතට වැටෙන දේවාල 31න් 15ක ඡන්ද ජනාධිපතිවරයා කල්දමා ඇතැයි වාර්තා වේ. මහනුවර ප්‍රදේශයට අයත් දේවාල 7ක්, බදුල්ලට ප්‍රදේශයට අයත් දේවාල 4ක්, කුරුණෑගල ප්‍රදේශයට අයත් දේවාල 3ක් හා කතරගම ප්‍රදේශයට අයත් එක් දේවාලයක මෙසේ ඡන්ද කල් දැමීම කර ඇතැයි පැවසේ.
ඡන්දය කල් දමා ඇති මහනුවර අනෙක් දේවාල වන්නේ ඇම්බැක්කේ කතරගම, වල්ලහගොඩ කතරගම, ගනේගොඩ කතරගම, අලවතුගොඩ සමන් හා ගඩලාදෙනිය විෂ්ණු යන දේවාලය.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මහනුවර පත්තිනි දේවාලයේ ඡන්දය පැවැති අතර එහිදී ආණ්ඩුවට හිතවත් අපේක්ෂකයා පරාය වීම මෙසේ ඡන්ද කල්දැමීමට හේතුව බවට එම කේෂත්‍රයට සම්බන්ධ අය චෝදනා කරයි.
මේ අතරින් මහනුවර ප්‍රදේශයට අයත් දේවාලවල ඡන්දය ජනාධිපතිවරයා කල් දමා ඇත්තේ දෙවැනි වරට වන අතර කතරගම හා විෂ්ණු යන මහනුවර ප්‍රධාන දේවාල දෙකද ඒ අතර ඇති බව වාර්තා වේ.
පනත අනුව ජනාධිපතිවරයාට වසරක කාලයක් බැගින් අවස්ථා දෙකකදී දේවාලවල ඡන්දය කල් දැමිය හැකිය.
මහනුවර පත්තිනි නාථ, පස්ගම ශ්‍රී නාථ, දොඩන්වෙළ නාථ, වේගිරිය නාථ හා ලංකාතිලක විෂ්ණු යන දේවාලවල ඡන්ද ලබන වසරේ පෙබරවාරි සිට පැවැත්වීමට නියමිතය.
කෙසේවුවද, දෙවිනුවර දේවාලයේ ඡන්දය පසුගිය මාසයේදී පවත්වා ඇත.
COMMENTS