දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විශේෂ යෝජනාවලියත් රැගෙන ජනපති හෙට ඇමරිකාවට
Homeප්‍රවෘත්ති

විශේෂ යෝජනාවලියත් රැගෙන ජනපති හෙට ඇමරිකාවට

PropellerAds

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන මහ සභා සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හෙට (22 ) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත...

කුප්‍රකට ක්‍රිෂ් වංචාව : අල්ලස් කොමිසම දේශපාලන දඩයමක් කරන බවට නාමල්ගේ නීතිඥවරයා චෝදනා කරයි
බැසිල් පොහොට්ටුව අතහරී... ඇමරිකාවේ නවතී!
දේපල බද්දක් එන බව ජනපති කියයි…
විශේෂ යෝජනාවලියත් රැගෙන ජනපති හෙට ඇමරිකාවට

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන මහ සභා සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හෙට (22 ) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

එක්සත් ජාතීන් සියලූම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වේ.

එහි ප‍්‍රධාන සැසිවාරය ලබන 25 වැනිදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිවු වන අවස්ථාව මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටී.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සැසිවාරයට සහභාගීවන ලෝක නායකයන් කිහිප පළක් සමඟ සහ එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා අන්තෝනියෝ ගුටරෙස්, පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් සමග ද විශේෂ සාකච්ඡා පවත්වනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කර තිබුණි.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල ප‍්‍රධාන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව 24 වැනදා පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එම සමුළුව ද අමතා කෙටි දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා එදිනම පැවැත්වෙන ලෝක මත්ද්‍රව්‍ය ගැටලූව පිළිබඳ ගෝලීය කි‍්‍රයාමාර්ගයක් සඳහා වූ විශේෂ හමුවට ද සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ක්ෂය රෝගය මැඩලීමේ ව්‍යාපාරය සඳහා වූ සැසියක් සියලූ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් ලබන 26 වැනදා පැවැත්වෙන අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එම සැසියට ද එක්වීමට නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශේෂ යෝජනාවලියත් රැගෙන ජනපති හෙට ඇමරිකාවට
විශේෂ යෝජනාවලියත් රැගෙන ජනපති හෙට ඇමරිකාවට
http://am.lk/media/k2/items/cache/c56169b57253d86812b67f1159e46a24_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_566.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_566.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy