ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන නියාමනය සඳහා පිහිටුවා ඇති රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නී...
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන නියාමනය සඳහා පිහිටුවා ඇති රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ රාජා ගුණරත්න මහතාගේ ධූර කාලය පසුගිය නොවැම්බර් 07 වැනිදායින් අවසන්ව ඇතත් ඔහු ඉහළම රාජ්‍ය බලධාරින් කිහිදෙනෙකු අල්ලාගෙන එම ධූරය නැවත ලබා ගැනීමේ සටනක නිරතව ඇතැයි වාර්තා වේ.
මේ තත්ත්වය හේතුවෙන් මේවන විට විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා යටතේ පවතින මේ ආයතනයට අමාත්‍යවරයාට සුදුස්සෙකු පත්කර ගැනීමට නොහැකිව ඔහු අසරණව සිටින බවද වාර්තා වේ.
රාජා මහතා, එම තනතුරෙන් ඉවත් කිරීමට රාජතාන්ත්‍රික බලපෑම් ඇති බව පවසමින් මේ උත්සාහය ගෙනයනු ලබන බවද විදේශ කටයුතු අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජා ගුණරත්න මහතාගේ ධූර කාලය 2021 නොවැම්බර් 07 වැනිදායින් අවසන්ව තිබුණද ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතාගෙන් ලබාගත් ආවරණ ලිපියකට අනුව ඔහු මේ දක්වාම එම ධූරයේ කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
කෙසේවුවද ආරක්ෂක ලේකම් කාර්යාලය යටතේ තිබුණු රාජ්‍යය නොවන සංවිධාන නියාමනය කිරීමේ රාජ්‍යය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විදේශ අමාත්‍යාංශය යටතට මාරුවීමත් සමඟ නීතිඥ රාජා ගුණරත්න මහතාගේ සේවය දීර්ඝ කිරීමට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව හකුලා ගැනීමටද සිදු වී ඇති බවද පැවසේ.
ඔහු සිය ධූරය ආරක්ෂා කර ගැනීමට පසුගිය කාලයේදී රාජ්‍යය නොවන සංවිධාන පනත වෙනස් කිරීමට ද උත්සාහ ගෙන ඇති බව වාර්තා වේ.
COMMENTS