බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 මූල්‍ය පහසුකම පියවීම සඳහා ශ්‍රී ලංකාව තවත් අමතර මාස තුනක සහන කාලයක් ඉල්ලා තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද ...
බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 මූල්‍ය පහසුකම පියවීම සඳහා ශ්‍රී ලංකාව තවත් අමතර මාස තුනක සහන කාලයක් ඉල්ලා තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හෂීනා මහත්මිය එකඟ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.
lsබංග්ලාදේශ මෙම මූල්‍ය පහසුකම පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට ලබාදුන්නේ අදියර තුනකිනි.
මෙම මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබාදුන්නේ බංග්ලාදේශ බැංකුව විසිනි.
ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපාමින් සිටින අතර නිල සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වා පහළ ගොස් තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතය ඒ ආකාරයට පහළ බැස්සත් බංග්ලාදේශයේ විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 46.3ක් දක්වා අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.
මෙසේ විනිමය හුවමාරු ක්‍රමය යටතේ බංග්ලාදේශය විසින් ණය මුදලක් ලබා දුන් ප්‍රථම රට වන්නේද ශ්‍රී ලංකාවයි.
COMMENTS