දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Allianz Insurance කරණ මහා වංචාවක් Vtec හෙළිකරයි (වීඩියෝ)
Homeප්‍රවෘත්ති

Allianz Insurance කරණ මහා වංචාවක් Vtec හෙළිකරයි (වීඩියෝ)

PropellerAds

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Allianz insurance) සමාගම විසින් සිදුකරන්නට උත්සාහ කළ මහා පරිමාන රක්ෂණ වංචාවක් සම්බන්ධයෙන් විශාල හෙළිදර...

මහින්ද රාජපක්ෂට කුලප්පුව වැඩි වුණා... මගේ ඡන්දයත් අනුරට!
නිදහසින් පසු විකල්ප ධාරාවකට ඉඩ නොදී ප්‍රධාන පක්ෂ දෙක බලය මාරු කරගත්තු හැටි ජනපතිගේ මුවෙන්ම හෙළි වෙයි…
රනිල් සිඟිති ආතල් දෙන්න එපා... මම ණයත් නෑ... බයත් නෑ...!
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Allianz insurance) සමාගම විසින් සිදුකරන්නට උත්සාහ කළ මහා පරිමාන රක්ෂණ වංචාවක් සම්බන්ධයෙන් විශාල හෙළිදරව්වක් වීටෙක් මෝටර්ස් (Vtec Motors) විසින් හෙළිදරව් කර තිබේ.

වීටෙක් මෝටර්ස් (Vtec Motors) සිය යූටියුබ් නාලිකාව වෙත වීඩියෝවක් මුදාහරිමින් මේ බව හෙළිකර තිබේ.

අදාළ, රක්ෂණ සමාගම මේ වංචාව සිදු කිරීමට උත්සාහ කර ඇත්තේ රවී පණාමල්දෙනිය නැමැති ඔවුන්ගේ පාරිභෝගිකයෙක් හටය.

වීටෙක් මෝටර්ස් (Vtec Motors) හි හිමිකරු වන ඔෂාන් දියගම මහතා හෙළිකර ඇති ආකාරයට කාර් රථයක මොඩලයට නොගැලපෙන මොඩලයක මෝටර් රථ කොටස් යොදා මෝටර් රථයක් අලුත්වැඩියා කරන ලෙස අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Allianz insurance) ආයතනය ඔහුට බලපෑම් කර තිබේ.

සිද්ධිය සැකෙවින් මෙසේය.

රවී පණාමල්දෙනිය මහතාට අයත් Axio 2015 වර්ගයේ කාර් රථය ටිපර් රථයක් පිටුපසින් හැප්පීම නිසා අනතුරක් සිදුව තිබේ.

ඔෂාන් දියගම මහතා කියා සිටින ආකාරයට මේ අනතුර හේතුවෙන් එම රථයේ ටේලයිට් පැනල් එක හා ක්වාටර් පැනල් එක අලුතින් දැමීමට සිදුව තිබේ.

අනතුරෙන් දින කිහිපයකට පසුව අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Allianz insurance) සමාගම විසින් පරණ ටේලයිට් පැනල් එක හා ක්වාටර් පැනල් එකක් වීටෙක් මෝටර්ස් (Vtec Motors) වෙත ගෙනැවිත් බාරදී තිබේ.

මෙසේ ගෙනැවිත් බාරදී ඇත්තේ 165 ක්වාටර් පැනල් එකක් වෙනුවට 161 ක්වාටර් පැනල් එකකි.

කෙසේවුවද, අදාළ 161 ක්වාටර් පැනල් එක කපා කොටා 165 ක්වාටර් පැනල් එකක් ලෙස සකසා මෝටර් රථයට යොදා හිමිකරුට බාරදෙන ලෙස අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Allianz insurance) සමාගම බලපෑම් කළ බව වීටෙක් සමාගම හෙළිකර තිබේ.

සම්පූර්ණ සිද්ධිය මෙසේය.

රක්ෂණ නියාමන කොමිසමේ ප්‍රධානීන් සමාගම්වලට යටවීම හේතුවෙන් මේ තත්ත්වයන් සඳහා පිළියම් නොයෙදෙන බව මේවන විට මෙසේ අසරණ වූ පාරිභොගික මතය බව ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවිය.

රක්ෂණ නියාමන කොමිසම මේවන විට සුදු අලියෙක් බවට පත්ව ඇති බවත්, මෙවැනි සිදුවීමක් වෙනත් රටක සිදුවූයේ නම් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Allianz insurance) වෙත, මෙම සිද්ධිය පරීක්ෂාකර නිමවන තෙක් එම සමාගමට මෝටර් රථ රක්ෂණය කිරීම තහනම් කෙරෙණු ඇති බව ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ගතහැකි නීතිමය තත්ත්වය ගැන දැන ගැනීමට අප රක්ෂණ නියාමන කොමිසමේ පරීක්ෂණ අධ්‍යක්ෂිකා ප්‍රභාෂිනී සමරකෝන් මහත්මිය දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

රක්ෂණ ආරවුල්වල පැටලුණු පාරිභෝගිකයින් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේ සමරකෝන් මහත්මිය සෘජු දුරකථන අංකය ඔස්සේද සම්බන්ධ කර ගැනීම ඉතා අපහසු කරුණක් බවයි.


මේ සම්බන්ධයෙන් අප අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමාගමෙන්ද විමසීමක් සිදු කළ අතර, එම විමසීමට පිළිතුරුදීමට හැකි අයෙකු විමසීම සිදුකළ අවස්ථාවේ නොමැති බවත්, ඒ සඳහා පිළිතුරු දියහැකි බලධාරීන් රැස්වීමකට සහභාගිවී ඇති බවත්, රැස්වීම අවසන්වූ පසු අදාළ බලධාරීන් දැනුවත් කරන්නම් යැයි ඇමතුමට පිළිතුරු දුන් එම ආයතනයේ ප්‍රකාශිකාවක් අපවෙත කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Allianz Insurance කරණ මහා වංචාවක් Vtec හෙළිකරයි (වීඩියෝ)
Allianz Insurance කරණ මහා වංචාවක් Vtec හෙළිකරයි (වීඩියෝ)
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg9tjIa63wJO4GipQ6jaIxwAB3fZ2bQsPXgyXBmX0oRY0KjLs2cbYMSIcoEE3YUvguElRN25jvRF6hSZX416jPxVdfrA1sszuHBjcnfkzAc1Yy2NgzqbOx6MZc7iIJ9gavvo1M1SPm_-6O5xDIQ1_qFMQ4woAdu8_LqSVgHKcNzBwPdUhGN6JYhuwiOtw=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg9tjIa63wJO4GipQ6jaIxwAB3fZ2bQsPXgyXBmX0oRY0KjLs2cbYMSIcoEE3YUvguElRN25jvRF6hSZX416jPxVdfrA1sszuHBjcnfkzAc1Yy2NgzqbOx6MZc7iIJ9gavvo1M1SPm_-6O5xDIQ1_qFMQ4woAdu8_LqSVgHKcNzBwPdUhGN6JYhuwiOtw=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/allianz-insurance-vtec.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/allianz-insurance-vtec.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy