දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත‍්‍රි’මලේ තෙල් ටැංකි 98 ක් ඉන්දියාවට….
Homeප්‍රවෘත්ති

ත‍්‍රි’මලේ තෙල් ටැංකි 98 ක් ඉන්දියාවට….

PropellerAds

චීන වරාය පරිශ‍්‍රයේ පිහිටි තෙල් ටැංකි 98ට අදාළව නව සමාගමක් ස්ථාපිත කොට වසර පනහක කාලයකට ඉන්දියානු තෙල් සමාගමට (එල්. අයි. ඕ.සී) එම පරිශ‍්‍රය...

කොරෝනා ගැන ඇත්ත කතා කළ ‌කරාපිටි දොස්තරට අපූරු දඬුුවමක්!
“තලේබාන්වරු පිළිගන්න ගිහින්, නැතිකරපු ත්‍රස්තවාදය යළි ඇතිවෙයි ?” - එජාප නායකයා අනතුරු අගවයි (video)
අසේල ගුණවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවතට?
චීන වරාය පරිශ‍්‍රයේ පිහිටි තෙල් ටැංකි 98ට අදාළව නව සමාගමක් ස්ථාපිත කොට වසර පනහක කාලයකට ඉන්දියානු තෙල් සමාගමට (එල්. අයි. ඕ.සී) එම පරිශ‍්‍රය ලබාදීමට මේ වන විට සියලූ කටයුතු සකස් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ටි‍්‍රන්කෝ පෙට්ට්‍රොලියම් ටර්මිනල් ලිමිටඞ් නමින් මෙම නව පාලිත සමාගමක් ස්ථාපිත කිරීමට ද නියමිතය.

මේ අතර බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු අපට ප‍්‍රකාශ කළේ මෙම නව සමාගම ස්ථාපිත කරන්නේ අදාළ තෙල් ටැංකි පද්ධතියෙන් සාතිශය බහුතරයක් තෙල් සංස්ථාවට (සී.පී.සී) වෙත ලබා ගැනීමට බවයි. නමුත් වෘත්තීය සමිති පවසන්නේ මෙම සමාගම ස්ථාපිත කිරීමෙන් පසු 2002 දී සිදු වූ තෙල් සංස්ථාව සතු තෙල් අලෙවි කිරීමේ, බෙදාහැරීමේ ඒකාධිකාරී බලය අහෝසි වී එය විදෙස් සමාගමකට නතුවීමේ අනතුරක් ඇති බවයි.

මෙම සමාගම ස්ථාපිත කිරීම කඩිනමින් සිදුකරන ලෙස විෂය භාර අමාත්‍යවරයා විසින් තෙල් සංස්ථා සභාපතිවරයාට ලිඛිතව උපදෙස් දී ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය.

මේ අතර කැබිනට් පත‍්‍රිකා සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර නව සමාගමක් ස්ථාපිත කිරීමට නියම කර ඇතැයි ලංකා ඛනිිජ තෙල් සංස්ථා පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඒ අනුව චීනවරාය පරිශ‍්‍රයේ පිහිටි තෙල් ගොඩබාන ජැටිය, යන්ත‍්‍රාගාරය, බංකරින් අංශය ඇතුළු සියලූ වටිනා සම්පත්වල අයිතිය වසර පනහකට ඉන්දියාවට නතු වී යෑමේ අනතුරක් ඇතැයි ද ඒ මහතා කීය.

2002 වසරේ එවකට රට පාලනය කළ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරය දැරූ ආණ්ඩුව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සිපිෂස්ටිෂල්) ස්ථාපිත කළ ආකාරයටම චීනවරාය පරිශ‍්‍රයේ තෙල් ටැංකි හා එම සම්පත්වලට අදාළව නව සමාගමක් ස්ථාපිත කිරීමෙන් පසු මෙරට තෙල් වෙළෙඳාමේ ඒකාධිකාරය ඉන්දියාවට නතුවනු ඇතැයි ද ඒ මහතා කීය.

2002 වසරේ දී එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂ පාලන සමයේදී ඉන්දීය තෙල් සමාගම හා රජය අත්සන් කළ අවබෝධතා ගිවිසුම යටතේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා තිස්පස් වසරකට බලපාන පරිදි එකඟතාවක් ඇතිකර ගත් බව වෘත්තීය සමිති කියා සිටී. නමුත් එදා වූයේ ගිවිසුමක් නොව ඇතිකරගත් එකඟතාවක් යැයි ද අලූත් ගිවිසුමක් අත්සන් කළහොත් 2038 වසරේදී අවසන් වන එම ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාවලිය නැවතී පනස් වසරක් යනතුරු එහි අයිතිය රටට අහිමිව යන බව ද අනෙකුත් වෘත්තීය සමිති ද කියා සිටියි.

අත්සන් කිරීමට යන නව ගිවිසුම මගින් ඉහළ අංගණයේ තිබෙන තෙල් ටැංකි 85න් තෙල් ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමිවීමට නියමිතව ඇති අතර අනෙක් ටැංකි 61 ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියකට නතු කිරීමට නියමිතය. ඒ අනුව ඉහළ අංගණයේ එම ව්‍යාපෘතියෙන් සියයට 51ක් තෙල් සංස්ථාවටත්, ඉතිරි සියයට 49 ඉන්දියන් තෙල් සමාගමටත් ලබා දීමට එකඟතා ඇතිකරගෙන ඇතැයි වාර්තා වී ඇත.

චීනවරාය පරිශ‍්‍රයේ තෙල් ටැංකිවලට අදාළ ගිවිසුම අත්සන් කිරීමට යන්නේ ඉන්දීය රජය මෙරටට ලබා දීමට යන ඇමෙරිකානු ඩොලර් කෝටි 50ක ණයට අදාළ කොන්දේසියක් යටතේ යැයි ද වෘත්තීය සමිති කියා සිටියි.

ඉහළ අංගණයේ තිබෙන තෙල් ටැංකිවලින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලබාදීමට යන තෙල් ටැංකි 24 ගත් කල ඒවා භාවිතයට ගත නොහැකි අඩුපාඩු රැසක් සහිත බව ද ඒ මහතා කියා සිටියි. ඒවා අලූත්වැඩියා කිරීමට අති විශාල මුදලක් වැය වන බැවින්් ඊට අදාළ මුදල් නොමැති නිසා සංස්ථාවට ඒ අඩුපාඩු සකසා ගත නොහැකි බවත් ඒ මහතා පැවසීය.

චීනවරාය යනු ආසියාවේ ඇති කලාපයේ යුදමය වශයෙන් අතිශය වැදගත් මර්මස්ථානයක් යැයි ද මවුන්බැටන් සාමිවරයා දෙවන ලෝක යුද සමයේදී ඉදිකළ මෙම තෙල් ටැංකිවල අයිතිය පනස් වසරකට ඉන්දියාවට ලබාදීම අතිශය තීරණාත්මක යැයි ද ඒ මහතා කියා සිටී.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර සිදුකෙරෙන තීරණාත්මක සාකච්ඡුාවක් ලබන සඳුදා (27 දා) පැවැත්වීමට නියමිතය. ඉන් පසුව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විසින් එම සතියේම මේ පිළිබඳ සියලූ තතු රටට හෙළිකිරීමට බලාසිටින බව බලශක්ති අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.

මෙම චීනවරාය පරිශ‍්‍රයේ ඇති තෙල් ටැංකි හා සම්පත් ඉන්දියානු සමාගමට දීර්ඝ කාලයකට ලබාදීමෙන් ජාතික ආරක්‍ෂාවට එය තර්ජනයක් වනු ඇතැයි ද එම ස්ථාපිත කරන නව සමාගම් පරිශ‍්‍රයට එරට ආරක්‍ෂක අංශ පැමිණීමට ඉඩ තිබෙන බව ද තෙල් වෘත්තීය සමිති නායකයෝ කියති.

– ශිරාන් රණසිංහ
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත‍්‍රි’මලේ තෙල් ටැංකි 98 ක් ඉන්දියාවට….
ත‍්‍රි’මලේ තෙල් ටැංකි 98 ක් ඉන්දියාවට….
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgHtTkffT1yP8tZfIkS_OCwLO1NKNgNqhCympUbFuDW3vVPQPP4Db5SK2Cy2-lAANPSc22daN3Y3nN8sbFa0wFyx6XIMyBZWdir14GYQPGUj4aqypWLsF9wP0km2z9d_vYHGfHgH9Ee93WkeCFtSzXdXBlJS6lRW4dZbjSBKXjWjAY0vsnuOvi9JcAnNw=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgHtTkffT1yP8tZfIkS_OCwLO1NKNgNqhCympUbFuDW3vVPQPP4Db5SK2Cy2-lAANPSc22daN3Y3nN8sbFa0wFyx6XIMyBZWdir14GYQPGUj4aqypWLsF9wP0km2z9d_vYHGfHgH9Ee93WkeCFtSzXdXBlJS6lRW4dZbjSBKXjWjAY0vsnuOvi9JcAnNw=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/98.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/98.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy