දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මනූෂට විරුද්දව SLT නඩු පවරයි.. බිලියනයක් වන්දි ඉල්ලයි..
Homeප්‍රවෘත්ති

මනූෂට විරුද්දව SLT නඩු පවරයි.. බිලියනයක් වන්දි ඉල්ලයි..

PropellerAds

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට එරෙහිව (01-11) කොළඹ දිසා අධිකරණයේදී නඩුවක් ගොනු කළ අතර එහි...

උෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ !
අද රට මිලිටරිකරණය කරලා.. හමුදාව රථවාහන හසුරුවන්නේ ඒ නිසා.. හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න - අශෝක අබේසිංහ
අරක්කු ෂැශේ පැකට් එයි.. ඩප්පි හා කුප්පි ආකාරයෙන්ද සූදානම්… අතේ ඇති හැටියට බොන්න අවස්තාව
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට එරෙහිව (01-11) කොළඹ දිසා අධිකරණයේදී නඩුවක් ගොනු කළ අතර එහිදී SLT සමාගමේ ප්‍රතිරූපයට සහ කීර්තියට හානි කරමින් පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශයන් සිදු කිරීම හරහා සමාගමට සිදු වූ ගැනිය නොහැකි අලාභය සහ පාඩුව වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලීමටද සමාගම කටයුතු කළ බව නිවේදනයක් නිකුත් කරමින් SLT සමාගම පවසයි.

පසුගිය සැප්තැම්බර් 03 වැනි දින, SLT සමාගම විසින් අර්බුදයට තුඩු දුන් ජාතික ඖෂධ සහ නියාමන අධිකාරියේ (NMRA) දත්ත ගබඩා කිරීමේ වගකීම දැරූ බවට නානායක්කාර මහතා පවසා සිටි අතර SLT සමාගම සහ SLT සමාගමේ සභාපතිවරයා විසින් හිතාමතාම යටි අරමුණු සහිතව NMRA හි දත්ත විනාශ කරන ලද බවට ද චෝදනා කරන ලදී.

ඒ අනුව, SLT සමාගම විසින් නානායක්කාර මහතා විසින් කරන ලද ප්‍රකාශයන් සමාගම වෙත අනර්ථයක් සිදුකිරීමේ සහ සමාගම අපකීර්තියට පත් කිරීමේ අරමුණින් කරන ලද බවට තහවුරු කරමින් අධිකරණ ප්‍රකාශයක් ඉල්ලා සිටින ලදී.

ඉහත ප්‍රකාශය කිරීමේදී නානායක්කාර මහතා සමාගමට එරෙහිව නීතිවිරෝධීව සහ SLT සමාගමේ නීත්‍යානුකූල අයිතීන්ට පටහැනිව ක්‍රියා කර ඇති අතර එම ප්‍රකාශයන් සත්‍යවාදී බව, මහජන ප්‍රතිලාභ හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද මත පදනම්ව තහවුරු කරගැනීමට ඔහු අසමත් වී ඇති බව සමාගම පවසයි.

මෙම නීතිමය ක්‍රියාමාර්ග ලබා ගැනීමට පෙර, SLT සමාගම විසින් නානායක්කාර මහතා වෙත ඉල්ලීම් ලිපි දෙකක් යවා ඔහු විසින් සිදු කළ ප්‍රකාශයන් සඳහා නිවැරදි කිරීමක් ප්‍රකාශයට පත් කරන ලෙසත් ඔහුගේ විද්‍යුත් මාධ්‍ය අඩෙවි වල පළ කළ සාවද්‍ය ප්‍රකාශයන් ඉවත් කරගන්නා ලෙසත් ඉල්ලා සිටි අතර එම වකවානුව වන විට NMRA දත්ත ගබඩා කිරීමේ වගකීම SLT සමාගම සතුව නොතිබූ බවත් එය වෙනත් සමාගමක් සතුව තිබු බවටත් ප්‍රසිද්ධියට පත් විය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ සමාගම විසින් කරන ලද ප්‍රකාශය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර දෙපාර්තමේන්තුව විසින් නානායක්කාර මහතාගෙන් ඒ සම්බන්ධ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

– repoter
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මනූෂට විරුද්දව SLT නඩු පවරයි.. බිලියනයක් වන්දි ඉල්ලයි..
මනූෂට විරුද්දව SLT නඩු පවරයි.. බිලියනයක් වන්දි ඉල්ලයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfU-65c0tww_wsVrOFui6Ko5r4lHPd5rEz81Xs1Tj4-3m6XIW24P-CIR3SA7lYbRDppltLBRIkpzHx8RLVHw2ZDUEKPdYJlPsqv_fO5eePDLMRzlznWcLd2AqM7u6CdKGRIa8fhqBnEHm_/s320/manusha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfU-65c0tww_wsVrOFui6Ko5r4lHPd5rEz81Xs1Tj4-3m6XIW24P-CIR3SA7lYbRDppltLBRIkpzHx8RLVHw2ZDUEKPdYJlPsqv_fO5eePDLMRzlznWcLd2AqM7u6CdKGRIa8fhqBnEHm_/s72-c/manusha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/slt.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/slt.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy