2018 වර්ෂයේ දී පමණක් අරක්කු කාලේ බෝතල් දස කෝටි පනස් පන් ලක්ෂ තිස් දෙදහස් එකසිය හැට නවයක් අලෙවි වී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි...
2018 වර්ෂයේ දී පමණක් අරක්කු කාලේ බෝතල් දස කෝටි පනස් පන් ලක්ෂ තිස් දෙදහස් එකසිය හැට නවයක් අලෙවි වී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
අනුරාධපුර ථූපාරාම රුක්රෝපණ වැඩසටහනට සහභාගි වූ අවස්ථාවේ මහා සංඝරත්නය දැනුම්වත් කරමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කළේය.
“මිලි ලීටර් 180 නැතහොත් අරක්කු කාලේ බෝතල් විශාල පාරිසරික ගැටළුවක් වී තිබෙනවා. මේවා පාවිච්චි කරන අය ඒවා බැහැර කරන්නේ පරිසරයට. සමහර බෝතල් එකතු කරන අයවත් මේවා එකතු කරන්නේ නැහැ. ඒ වගේ ම ඒවා නිෂ්පාදන සමාගම්වත් කාලේ හිස් බෝතල් එකතු කිරීමේ වැඩ පිළීවෙළක් ක්‍රියාත්මක කරන්නේ නෑ.
කාලේ හිස් බෝතලේ කුඩු කරලා කුඹුරුවලට වීසි කරනවා. කුඹුරු වැඩ කරන ගොවියන්ගේ කකුල් වීදුරු කටුවලට කැපිලා සමහර විට මාස ගණන් ප්‍රතිකාර පවා ගන්න සිදුවෙනවා. ඒ නිසා මම කාලේ බෝතල් තහනම් කිරීමට සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවා. නමුත් කිසිදු ආයතනයකින් මට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. නමුත් දැන් මේ සම්බන්ධව ආයතන රැසක අවධානය යොමු ව තිබෙනවා. ඒ නිසා මිලි ලීටර් 180 බෝතල් තහනම් කිරීම ක්‍රියාත්මක කිරීමට මම අවශ්‍ය පියවර ගන්නවා.
2018 වර්ෂයේ අපේ රටේ අලෙවි වී ඇති අරක්කු බෝතල් ප්‍රමාණය විසි කෝටි දොළොස් ලක්ෂ විසිහත්දහස් එකසිය අසූ එකක්. එයින් බෝතල් දස කෝටි පනස් පන් ලක්ෂ තිස් දෙදහස් එකසිය හැට නවයක් කාලේ බෝතල්. සමස්ත අරක්කු බෝතල් ප්‍රමාණයෙන් සියයට 52ක් කාලේ බෝතල්. ප්‍රධාන කාරණය වන්නේ 2017ට සාපේක්ෂව 2018 යම් අඩු වීමකුත් සිදු වී තිබෙනවා කියලා එම තොරතුරු සඳහන් කරනවා.
මේවායින් සියයට 05ක් වත් ප්‍රතිචක්‍රියකරණය කරන්නේ නැහැ. ඒ වාගේ ම ආපසු එකතු කරන්නේ නැහැ. ඒ නිසා මේ මිනිසුන් බොන අරක්කු කාලේ බෝතල්වලින් සියයට 100ක් ම පරිසර විනාශයට හේතු වෙනවා.”

COMMENTS