දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හාල් නැති වුණොත් මංඤොක්කා-මුං-බතල කන්න පුරුදු වෙන්න... පිළිකාවලටත් හොඳයි... රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයාගෙන් ප්‍රකාශයක්!
Homeප්‍රවෘත්ති

හාල් නැති වුණොත් මංඤොක්කා-මුං-බතල කන්න පුරුදු වෙන්න... පිළිකාවලටත් හොඳයි... රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයාගෙන් ප්‍රකාශයක්!

PropellerAds

ඉදිරියේදී රටේ හාල් හිඟ වුවහොත් මඤ්ඤොක්කා, මුං, බතල කෑමට ජනතාවට හුරු වීමට සිදුවෙන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. අතීතයේ ගම්ව...

"වාහන රියදුරෙකුට පහර දෙන වීඩියෝව මීට වසරකට පමණ පෙර පටිගත කළ එකක්" - නි.පොලිස්පති අජිත් රෝහණ
පිදුරංගල පර්වතයේ අඩ නිරුවත් ඡායාරූප ගත් තරුණයින්ට වැඩ වරදින ලකුණු
"මගේ ආරක්ෂාවට ජනතාව ඉන්නවා" - CIDයේ නිලධාරීන් වැඩ කරපු හැටි ගැන ගෝඨා කියයි
ඉදිරියේදී රටේ හාල් හිඟ වුවහොත් මඤ්ඤොක්කා, මුං, බතල කෑමට ජනතාවට හුරු වීමට සිදුවෙන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. අතීතයේ ගම්වල ජනතාව වැඩි වශයෙන් මඤ්ඤොක්කා වැනි දෑ ආහාරයට ගැනීම හේතුවෙන් පිළිකා තත්ත්වයන් අවම කර ගැනීමට ද හැකි වූ බව හෙතෙම කීය.

ශ‍්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා ඊයේ [01] මේ බව ප‍්‍රකාශ කළේය. එහිදී අමාත්‍යවරයා මෙසේද කීය. “ලංකාව පුරා ගොවි සංවිධාන පසුගිය කන්නයේ නෙළාගත් අස්වැන්නේ අග‍්‍ර කොටස දළදා වහන්සේට පූජා කිරීම වාර්ෂිකව සිදු කරනවා. මහ කන්නයේදී සාර්ථක අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීන් දළදා වහන්සේ උදෙසා මෙම පූජාව සිදු කරන්නේ ඉතාම ගෞරවය පෙරදැරිවයි. මමත් ගොවියෙක්. මම කාබනික පොහොර යොදල වගා කරමින් සිටිනවා. අලූත් අයට මෙය අලූත් අත්දැකීමක්. මෙය දිගින් දිගටම කරගෙන යද්දි සාර්ථකව කරගත හැකි වෙයි. පළමුවන කන්නය අත්දැකීමක් අස්වැන්න අඩු වුණොත් සහතිකයක් දීල තියෙනව අලාභයක් විදිහට වන්දියක් ගෙවනව කියල. ඒකට බයවෙන්න දෙයක් නැහැ. හැම උද්ඝෝෂණයකම පසුබිමේ දේශපාලනයක් තියෙනව.

සියලූ දෙනාගෙම වගකීම වසවිසෙන් තොර ආහාරයක් ජනතාවට දෙන්න ඕන කියන එක. අප බලන්න ඕන ජනතාවට ගුණාත්මක වස විසෙන් තොර ආහාර ලබා දෙන්න. ඉස්සර කෑ ගැහුවෙ බහුජාතික සමාගම් එපා කියල. දැන් කියන්නේ රසායනික පොහොර ගන්න එයාලව තියාගන්න කියලා. මේවා අපි කල්පනා කර බලන්න ඕන.

අපේ බිමේ මඤ්ඤොක්කා හොඳට වැවෙනවා. දේශීය අල වර්ග 60 කට වඩා තිබෙනවා. මුං ඇට, කව්පි වගේ බෝග තිබෙනවා. මේවා ආහාරයට ගැනීමට අපි පුරුදු වෙන්න ඕන. රසායනික පොහොරවලට අපේ සල්ලි යනව. දෙගොල්ලනම මේ සඳහා කැපවීමක් කරන්න අවශ්‍යයි. හාල් හිගයක් දැනුත් තියෙනව. අඩු ආදායම්ලාභීන්ට දැනුත් හාල් කොච්චර තිබුණත් රටින් ගෙන්වන්න හදනව අඩු ආදායම් ලාභීන් පිළිබඳව කල්පනා කරනව ඒ අයට අඩුව හාල් දෙන්නෙ කොහොමද කියල අපි සැලසුම් සකස් කරනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, රාජ්‍ය ඇමැතිවරුන් වන අනුරාධ ජයරත්න, දිලූම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ, උදයන කිරිඳිගොඩ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ. 

- දිවයින


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හාල් නැති වුණොත් මංඤොක්කා-මුං-බතල කන්න පුරුදු වෙන්න... පිළිකාවලටත් හොඳයි... රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයාගෙන් ප්‍රකාශයක්!
හාල් නැති වුණොත් මංඤොක්කා-මුං-බතල කන්න පුරුදු වෙන්න... පිළිකාවලටත් හොඳයි... රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයාගෙන් ප්‍රකාශයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_8NKzo-_u7ouYZyNOvtfSa01cDrZ9cKhfpSOUAIDeTVSymUg1waCCpf-UjuMWS7C2fOQAXTy6D1XY61c_XawHaj58KO8jdwV7E3wJ6h_ihstTq1erQ0souHLLqxwWLB8GC-NsKGKi31nJ/s320/Chamal-Rajapaksa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_8NKzo-_u7ouYZyNOvtfSa01cDrZ9cKhfpSOUAIDeTVSymUg1waCCpf-UjuMWS7C2fOQAXTy6D1XY61c_XawHaj58KO8jdwV7E3wJ6h_ihstTq1erQ0souHLLqxwWLB8GC-NsKGKi31nJ/s72-c/Chamal-Rajapaksa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_88.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_88.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy