රියැලිටි වැඩසටහනක් ඔස්සේ ගායන ක්ෂේත්‍රයට පිවිසි ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන මහතා අද (14) උදෑසන අභාවප්‍රාත්ත විය. කලක් රෝගාතු...
රියැලිටි වැඩසටහනක් ඔස්සේ ගායන ක්ෂේත්‍රයට පිවිසි ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන මහතා අද (14) උදෑසන අභාවප්‍රාත්ත විය.
ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් සුසිරිවර්ධන මහතා කෙටි කලකින්ම ජන හදවත් දිනා ගත්තේ, ඔහුටම ආවේණික වූ ශෛලියකින් ගීත රැසක් ගායනා කරමිනි.
”දන්නවද මම දුකින්” , ”ආව ගිය තැන් මා හා” , ”සල්ලි සල්ලි” .. ආදී ගීත හරහා ඔහු සිය නාමය ලොවට ගෙන ගියේ ය.
ගාමිණි සුසිරිවර්ධන මහතා දෙදරු පියෙකි.
ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා අද(14) සවස 4.00 සිට බෙන්තොට, ඊගල්ස්, යාත්‍රාමුල්ල නිවසේ තැන්පත් කිරීමට නියමිත ය.
අවසන් කටයුතු හෙට(15) සවස 5.00 ට බෙන්තොට ආදාහනාගාරයේදී සිදු කෙරෙනු ඇත.

COMMENTS