දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය ඇතුළු හැම රටකම උද්ධමනය වැඩි වෙලා…
Homeප්‍රවෘත්ති

ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය ඇතුළු හැම රටකම උද්ධමනය වැඩි වෙලා…

PropellerAds

කයිවාරු විවේචන විතරක් එපා විපක්ෂයට වැඩ පිලිවෙලක් නෑ. වැඩ පිලිවෙලක් තියෙනව නම් රටේ ප්‍රශ්න විසඳන විදිය පැය 24ක් ඇතුළත ජනතාවට කියන්න’ යයි ආණ...

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඇතුළු 4ක් අත්අඩංගුවට
නොරොච්චෝලය හැදුවේ නැත්තම් අද ජනතාව කලුවරේ - මහින්ද
පෞද්ගලික අංශයට අලුත් නීති – පැය 08, 12ක් කරයි
කයිවාරු විවේචන විතරක් එපා විපක්ෂයට වැඩ පිලිවෙලක් නෑ. වැඩ පිලිවෙලක් තියෙනව නම් රටේ ප්‍රශ්න විසඳන විදිය පැය 24ක් ඇතුළත ජනතාවට කියන්න’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විපක්ෂයට අභියෝග කරයි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ මහාමාර්ග අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

‘අද වන විට මුළු ලෝකයම අර්බුදයට ලක් වෙච්චි අවස්ථාවක්. අපේ ලංකාව විතරක් නෙවෙයි ලෝකයේ හැම රටක්ම කොවිඩ් වසංගතය නිසා ආර්ථික වශයෙන් අර්බුදයට ලක්වෙලා. නමුත් අපේ ආණ්ඩුව එම අර්බුදය හොඳින් කළමනාකරණය කරමින් සිටිනවා.

මම දැක්කා විපක්ෂය කියනවා බඩු මිල අඩු කලේ නෑ කියලා. ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ප්‍රංශ විතරක් නෙවෙයි ලෝකයේ හැම රටක්ම පාහේ උද්ධමනය වැඩි වෙලා. මේ උද්ධමනය වැඩිවීම අපට විතරක් බලපාන දෙයක් නොවේ. අද තාක්ෂණය දියුණුයි. පොඩ්ඩක් අන්තර්ජාලය පරිහරණය කරලා බලන්න. බොරු වපුරන්න එපා, හරියට අපේ රටේ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා. උද්ධමනය වැඩි අපේ රටේ විතරයි කියලා විපක්ෂය පෙන්නන්න හදන්නේ.

කොවිඩ් වසංගතය නිසා සෑම දෙයකම මිල ඉහළ ගිහින් තියෙන්නේ.ලෝකයේම නිෂ්පාදන පහලට වැටිලා. කර්මාන්ත ජාල ගෝලීය වශයෙන් බිඳවැටිලා. බහුපාර්ශ්වීය වගේම ද්විපාර්ශ්වීය උපකාර සීමා වෙලා. කොවිඩ් අර්බුදය හේතුවෙන් හැම රටකටම වගේ අනෙක් රටවල් උදව් කරන්න විදිහක් නෑ. මොකද හැම රටකටම තමුන්ගේ අභ්‍යන්තර ගැටලු විසඳා ගන්න වෙලා තියෙන්නෙ නිසා. ඉතින් මේ වගේ කරුණු නිසා ධනවත් රටවල් වලින් ණය ලබා ගැනීම, ආධාර ලබා ගැනීම යම් අපහසුතාවක් තිබෙනවා, ලෝකයේ හැම රටකටම.

අපි නිෂ්පාදන ආර්ථිකයක් කරා යා යුතුව තිබෙනවා. හැමදාම කාගෙන්වත් යැපෙන්නේ බෑ කියන එක මේ කොවිඩ් වසංගතයක් එක්ක හැමෝම තේරුම් අරන් තිබෙනවා. ඒ වගේම සංවර්ධන කටයුතු අඛණ්ඩව කරගෙන යාම අත්‍යවශ්‍යයි. මොකද තව දුරටත් අපේ රට ආපස්සට ගෙන යන්න බෑ. මාර්ග ඇතුළු යටිතල පහසුකම් දියුණු වුණොත් තමයි රටක් දියුණු වෙන්නේ. විපක්ෂයේ අය අහනවා ඇයි පාරවල් හදන්නේ කියලා. හදන්නේ රට සංවර්ධනය කරන්න. මේවා ඉදිරි ආයෝජන. විපක්ෂයේ මන්ත්‍රීවරු අපෙන් ඉල්ලන්නේ පාරවල් ඔවුන් දන්නවා පාරක වටිනාකම.එහෙම ඉල්ලලා අහනවා පාරවල් සංවර්ධනය මොකටද කියලා.

ඒ වගේම මෙවර අයවැයෙන් සෑම ග්‍රාම සේවා වසමකටම මිලියන තුනක් වෙන් කරලා තියෙනවා. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට මිලියන 5ක් ලබා දීලා තියෙනවා. අපිට පක්ෂ නෙවෙයි වැදගත් වෙන්නේ, ජනතාවට සේවය කරන එකයි. සමෘද්ධිය ‍ ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් කරලා තියෙනවා.

අපි මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබා දෙන්න නම් අවුරුදු 10ක් ඉන්න ඕනි කියන එක මෙවර අය වැයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන කප්පාදු කරලා තිබෙනවා. දුරකථන බිල්පත් වලින් 25% ක් අඩු කරලා තියෙනවා. මෙහෙම අපි ආදර්ශයක් දුන්නා රජයේ වියදම් අඩු කරලා.

අපි අනිවාර්යෙන් නිෂ්පාදන ආර්ථිකයක් කරා යා යුතුමයි.ලෝකෙ රටවල් මේ වනවිට කොවිඩ් වසංගතය නිසා විනාශ වෙච්ච ආර්ථිකය හදා ගන්න වෙර දරනවා. බඩුමිල වැඩි වීම තාවකාලිකයි.නිශ්පාදන අඩුවෙනකොට ඉල්ලුමට සරිලන සැපයුමක් නැති වෙනකොට භාණ්ඩ මිල ඉහල යනවා.නැවත් නිෂ්පාදන වෙනකොට භාණ්ඩ වෙලෙදපොලට එනකොට මිල ආයෙත් පහල යනවා.මේ ලෝකයටම අර්බුද තියෙන වෙලාවේ විපක්ෂය කරන්නේ කයිවාරු ගහන එකයි. විවේචනය කරන එකයි විතරයි. මම විපක්ෂයට අභියෝගයක් ලබා දෙනවා. ඔච්චර විවේචනය කරන එකේ කයිවාරු ගහන එකේ විපක්ෂය රටේ ආර්ථිකය ගොඩනගන්න ඔවුන් වැඩපිළිවෙළක් සකස් කරලා ඇති කියලා. ඒ හින්දා විපක්ෂයට කියනවා ආර්ථිකය වැටිලා නම් ගොඩ ගන්න විදිය පැය විසි හතරක් ඇතුළත ජනතාව වෙත ඉදිරිපත් කරන්න කියලා.ඇත්තම කතාව විපක්ෂයට වැඩ පිලිවෙලක් නෑ’

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය ඇතුළු හැම රටකම උද්ධමනය වැඩි වෙලා…
ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය ඇතුළු හැම රටකම උද්ධමනය වැඩි වෙලා…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuh6VIL_zbPYS0JKqqylG8fQQ4-77eqeD9fI_CIx4HONEtfhIvnHMU0fMgUUJTmCyDgKsCySe4XgO-VjaC5hRe6qBUfGUdausmRSDF2c32nl2SlbcA4XC2FCumUFdR9JcC09yZgBHGZjYL/s320/jonston.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuh6VIL_zbPYS0JKqqylG8fQQ4-77eqeD9fI_CIx4HONEtfhIvnHMU0fMgUUJTmCyDgKsCySe4XgO-VjaC5hRe6qBUfGUdausmRSDF2c32nl2SlbcA4XC2FCumUFdR9JcC09yZgBHGZjYL/s72-c/jonston.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_168.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_168.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy