ගාල්ල ලබුදූව ප්‍රදේශයේදී ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වෙත තරුණයන් පිරිසක් පහර දීමට ගත් උත්සාහයක් පිළිබද වාර්තා වේ. මෙහිදී අමාත්‍යවරයා පැමිණි රථ ප...
ගාල්ල ලබුදූව ප්‍රදේශයේදී ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වෙත තරුණයන් පිරිසක් පහර දීමට ගත් උත්සාහයක් පිළිබද වාර්තා වේ. මෙහිදී අමාත්‍යවරයා පැමිණි රථ පෙළ ලබුදූව මංසන්ධියේ ඇති ත්‍රිරෝද රථ ගාල අසල නවතා ඇති බවත්, පසුව අමාත්‍යවරයා එහි සිටි තරුණයන්ගෙන් ‘ඇයි මොකද මල්ලි…’ යනුවෙන් අසා ඇති බවත් දැනගන්නට ඇත.
අමාත්‍යවරයා මෙසේ විමසීමත් සමග කෝපයට පත් තරුණයන් ‘ඇයි ඇයි මොකද මහත්තයා..’ යනුවෙන් විමසමින් එක්රැස් වෙමින් අමාත්‍යවරයාට පහර දීමට සූදානම් වී ඇති බවක් වාර්තා වේ.
ඒ සමගම බියට පත්ව ඇති අමාත්‍යවරයාගේ රියැදුරා වහාම රථය පණ ගන්වාගෙන එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවක් දැනගන්නට ඇත.
-mawratanews

COMMENTS