දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටෙන්ඩර දැමූ චීනය, පකිස්තානය නොතකා ටෙන්ඩර නැතිව LNG සැපයුම ඇමරිකාවට දුන් ඒජන්තයා ගැන සියල්ල හෙලි කරයි..
Homeප්‍රවෘත්ති

ටෙන්ඩර දැමූ චීනය, පකිස්තානය නොතකා ටෙන්ඩර නැතිව LNG සැපයුම ඇමරිකාවට දුන් ඒජන්තයා ගැන සියල්ල හෙලි කරයි..

PropellerAds

රණවිරුවන්ට දඩුවම් කිරීම, ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒම යනාදිය ඉටු කිරීම සදහා ශ්‍රී ලංකාවට බලපෑම් කල ඇමෙරිකාවට අනාගත ලංකාවේ ගෑස් ඒකාධිකාරියක් පැ...

නිවසින් බැහැරට යා හැක්කේ එක් අයෙකුට පමණයි! අද සිට ක්‍රියාත්මක නව මාර්ගෝපදේශ මාලාව මෙන්න
ටයර් දමා කොවිඩ් සිරුරු පුච්චන්න නගරාධිපති නන්දන සැරසෙයි
කොළඹ ජාතික රෝහලේ 265කට කොරෝනා! වෛද්‍යවරුන් 27ක්! හෙදියන් 105ක්! සේවකයන් 133ක්!
රණවිරුවන්ට දඩුවම් කිරීම, ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒම යනාදිය ඉටු කිරීම සදහා ශ්‍රී ලංකාවට බලපෑම් කල ඇමෙරිකාවට අනාගත ලංකාවේ ගෑස් ඒකාධිකාරියක් පැවරීම යනු ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තුරාවට ලංකාව පාලනය කිරීමේ යතුරක් භාරදීම බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේය.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ 29 දින කොළඹ දී පැවති මහජන මන්ත්‍රණ සභාව අමතමිනි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය

ශුද්ධ වූ අයිතිය

කැබිනට් ඇමතිවරු තිදෙනෙක් අමාත්‍ය මණ්ඩල තීරණයකට එරෙහිව අරගලයක. ඊටත් වඩා ලස්සන වැඩේ බලශක්ති අමාත්‍යවරයා බලශක්ති ව්‍යාපෘතියකට එරෙහිව අරගලයක. ඇමැති මණ්ඩලයේ සිටින ගමන් අමාත්‍ය මණ්ඩල තීන්දුවකට එරෙහිව අරගල කරන්න පුලුවන්ද? සදාචාර සම්පන්නද? සාමූහික වගකීමට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය අද සමහරු අහන්න පුළුවන්.

මීට හරියටම වසර තිහකට කලින් 1991 දි ඇමැති මණ්ඩලයේ හිටිය ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුව ඇතුළේ අරගලයක් කළා. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ජී එම් ප්‍රේමචන්ද්‍ර ඇමතිතුමන්ලාගේ ඇමැතිධූර අරගලයේ ප්‍රතිඵලයක් විදිහට අහිමි වුනාම මේ අය උසාවි ගියා. 1993 ශ්‍රී ලංකා නීති වාර්තා වේ දෙවෙනි වෙළුමේ නඩු තීන්දුව තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී අපූරු දෙයක් සඳහන් කරනවා, ඒ තමයි අමාත්‍ය මණ්ඩලය තුළ කාරණයක් පිළිබඳ සාකච්ඡා කිරීමට අමාත්‍යවරුන්ට අවස්ථාව නොලැබුණොත් එය ජනතාව සමග සාකච්ඡා කිරීමට අමාත්‍යවරුන්ට ශුද්ධ වූ අයිතියක් ඇත කියලා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා. මිත්‍රවරුනි අපි මේ පාවිච්චි කරමින් ඉන්නේ ඒ ශුද්ධ වූ අයිතියයි.

මොකක්ද මේ LNG ?

දැන් මේ යුගදනවි කියන ප්‍රශ්නය. යුගදනවි.. යුගදනවි.. කිවුවහම මොකක්ද මේ ප්‍රශ්නේ කියලා මතු වෙනවා. ඒ නිසා මං කැමතියි මුලින්ම මේ ප්‍රශ්න පොඩ්ඩක් මොකද්ද කියල පැහැදිලි කරන්න.

ඇමරිකාවේ New Fortress Energy සමාගමත් එක්ක අත්සන් කරපු ගිවිසුමේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා.

පලවෙනි කොටසෙන් කියන්නේ දැනට නැවි තෙල් වලින් දිවෙන ඉදිරියේදී ස්වාභාවික වායු වලට පරිවර්තනය කරන්න නියමිත යුගදනවි කියන මෙගා වොට් 300 ක ධාරිතාවක් තියෙන විදුලි බලාගාරයේ කොටස් වලින් 40%ක් අනාගතයේ ඉදිකිරීමට නියමිත මෙගාවොට් 350 ක ධාරිතාවයක් තිබෙන ගෑස් වලින් දුවන අලුත් විදුලි බලාගාරයේ කොටස් වලින් 49% ක් New Fortress Energy සමාගමට දෙනවා කියලා. ඒකෙ ප්‍රශ්න තියෙනවා. නමුත් බරපතළ ප්‍රශ්නය තියෙන්නෙ එතැන නෙමෙයි .

දෙවැනි කොටසින් කියනවා මේ විදුලි බලාගාර දෙක ද ඇතුළුව සමස්ත එතන ඉදිකරන ගෑස් විදුලි බලාගාර පද්ධතියටම සදාකාලිකවම, බෝල්ඩ් අන්ඬලයින් කරලා ලියාගන්න සදාකාලිකවම, ගෑස් සැපයීමේ අයිතිය ඇමරිකාවේ New Fortress Energy සමාගමට දෙනවා. එතකොට මේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අසීමිත වූ කාලයකට ඇමරිකාවේ සමාගමකට විදේශිකයන්ට දෙන එකේ භයානක කමක් තියෙනවා. ඒක ඇමරිකාව වීම නිසාම ඊට වඩා භයානක වෙනවා.

මම පැහැදිලි කරන්නම් ඒ ඇයි කියලා.දැන් මොකද්ද මේකෙන් වෙන්නේ. ගෑස් කිව්වම ගෙදර තියෙන ගෑස් අපි දන්නවා. සමහරු කියනවා නොනත් ගෑස් දානවා කියල. බඩෙත් ගෑස් එනවා. උයන්න තියෙනවා LPG කියලා ගෑස් ජාතියක්, අපි මේ ගෑස් කියන්නේ මහ පොළොව යට තියෙනවා. මීතේන් වායුව මේකේ ගොඩක් තියෙන්නේ. අපි විද්‍යාවට ඉගෙනගෙන තියෙනවා Ch4 කියලා හඳුන්වන මේ මීතේන් වායුව තමයි ස්වභාවික ගෑස් කියලා කියන්නේ. සාතිශය බහුතරයක් තියෙන්නෙ මීතේන්.

එතකොට මේ වායුව අපිට තැනකට ගබඩා කරද්දී විශාල ඉඩක් යනවා. ඒ වගේම වායු ප්‍රවාහනය කරන්න හරි අමාරුයි. ඒක නිසා – 168°C යෙදී මේක ද්‍රවයක් බවට පත් කරන්න පුළුවන්. දියරයක් කරන්න පුළුවන්. එතකොට ගෑස් ගබඩා කරන්නේ ප්‍රවාහනය කරන්නේ මේක දියරයක් බවට පත් කරලා. මහ පොළොව යටින් ගන්න නිසා මේකට කිව්වා ස්වභාවික වායු නැත්නම් natural gas කියලා. මේක ගබඩා කරලා තියාගන්න දියරයක් කරපු හින්දා liquified natural gas නැත්තං LNG ගෑස් කියලා කිව්වා.

දැන් අපිට ගේන්නේ පිටරටින්. පිටරටින් ගේනවා කියන්නේ අනිවාර්යෙන්ම NG නෙමෙයි LNG. එතකොට මේ කරන්න යන්නේ New Fortress Energy සමාගමේ පාවෙන ගෑස් ගබඩා නැවක් ගෙනල්ලා නතර කරනවා. ඒ නැවට වෙනත් නැව්වලින් ගෙනල්ල දියර ස්වභාවයෙන් ගෑස් පටවනවා. මේක ආපහු ගෑස් වලට පරිවර්තනය කරලා බටයක් දිගේ අපේ විදුලි බලාගාර වලට අරන් එන්න ව්‍යාපෘතිය.

New Fortress Energy වලට පොරොන්දු දුන්නේ කවුද ?

මේ සම්බන්ධයෙන් අපේ ආණ්ඩුව පත් වෙනකොටමයි මේ යෝජනා වත් එන්නේ. මේ New Fortress Energy සමාගම යෝජනාව අරන් එනවා. පාවෙන නැවත් අපි දෙන්නම්, ගෑස් නලයත් අපි හදන්නම් ,ඒක හරහා විදුලි බලාගාර වලට ගෑස් දෙන වැඩෙත් අපිම කරන්නම් කියලා මේ අය යෝජනාවක් ගේනවා 2019 නොවැම්බර්. හැබැයි 2021 පෙබරවාරි මාසේ ඩලස් ඇමතිතුමාත් සාකච්ඡා කරලා විවිධ යෝජනා ගොඩක් තිබුණු නිසා එක රටකට දුන්නොත් තව රටක් තරහ වෙනවයි කියලා අපි තීරණය කරනවා මේක ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමකින් කරන්න. පාවෙන නැව හදන එක ,එක ටෙන්ඩරයක් විදුලි බල මණ්ඩලයෙන් කරා. ගෑස් බටය හදන එක තව ටෙන්ඩරයක් ඒක තෙල් සංස්ථාවෙන් කලා. හැබැයි ගෑස් සැපයීම කාටවත් දුන්නේ නෑ විදුලිබල මණ්ඩලයේම තියාගත්තා. ඇයි ඒ ?

විදුලිබල මන්ඩලයේ ඇමතිතුමා විදිහට ඩලස් ඇමතිතුමා හමුවෙලා ඉල්ලීමක් කලා ගෑස් ඒකාධිකාරය කාටවත් දෙන්න එපා එහෙම දුන්නොත් අපේ රටේ තියෙන ගෑස් ටික ගොඩ ගත්තම ලංකාවේ වෙළඳපොළ අහිමි වුනොත් කවුරුවත් මේ රටේ ආයෝජනය කරලා මේක ගොඩගන්න එන්නෙ නෑ. අපේ ලංකාවේ කාටවත්ම මේක ගොඩ ගන්න සල්ලි නෑ. සල්ලි තියෙන දැනුම තියෙන සමාගම් එන්න නම් ඔවුන්ට මෙහි වෙළදපොලක් අවශ්‍යයි. ගෑස් තෙල් වගේ නෙමෙයි, තෙල් නම් ගත්තා බැරලයක දැම්මා ඕන තැනකට අරන් ගියා. ඕන කාලයක් තියා ගත්තා හැබැයි මේක -160°c ට සීතල කරලා තියාගන්න වියදමක් යන නිසා වඩා කැමති ගත්ත ගමන් විදුලිය හදන්න ,ගත්ත ගමන් කර්මාන්ත වලට දෙන්න, ගත්ත ගමන් ගෙවල් වලට එවන්න, එහෙම කරන්න පුළුවන් නම් තමයි වඩා ලාභදායී වෙන්නේ.

ඒ නිසා පෙබරවාරි මාසේ තමයි ටෙන්ඩර්ය දාන්නෙ විදුලිබල මණ්ඩලය. හැබැයි 2019 නොවැම්බර් වල ඉඳන් ලංකාවෙ මේ ව්‍යාපෘතිය ඇවිල්ල කතා කරන New Fortress Energy සමාගම ඊට මාස පහළොවකට පස්සේ දාන ටෙන්ඩරයට සහභාගි වෙන්නේ නෑ. ඇයි? කවුරු හරි කියලා තියෙනවා උබලා බයවෙන්න එපා උඹලා මේකට එන්න ඕන්නෑ. ටෙන්ඩර් එකට ගියොත් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් .මේ අයගේ කොන්දේසි වලට වඩා හොඳ ලංකාවට වාසි කොන්දේසි වෙන අයෙක් දැම්මොත් New Fortress Energy වලට නෙමෙයි ලැබෙන්නේ. උඹලා පැත්තකට වෙලා හිටපල්ලා අපි උඹලට මේ ටෙන්ඩරය ලබා දෙනවයි කියලා කියලා කවුරුහරි පොරොන්දු වෙලා තියෙනවා.මේ ඉටුවෙමින් පවතින්නේ ඒ පොරොන්දුවයි.
බරපතල ප්‍රශ්න හතරක්

අපි දකිනවා මෙහි ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි දකින බරපතල ප්‍රශ්න හතරක් තියෙනවා . පළවෙනි දේ මේකෙ බරපතල යහපාලනයේ අවපාලනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.

මිත්‍රවරුනි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට, මා නැවත වතාවක් කියනවා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි ටෙන්ඩරය කට සහභාගී නොවුණු සමාගමකට ටෙන්ඩරය ඇගයීමට ලක් කරමින් තිබියදී ටෙන්ඩර් ගත ව්‍යාපෘතිය ලබා දෙන්නේ. අපි පට්ට පතුරු ගහපු දූෂිතයි කියලා හංවඩු ගහපු ජේ ආර් යුගයේ, ප්‍රේමදාස යුගයේ, චන්ද්‍රිකා යුගයේ, රනිල් යුගයේ මෙහෙම දෙයක් වුණේ නෑ යි කියන එක කනගාටුවෙන් වුණත් සඳහන් කරන්න ඕනේ.

දෙවැනි ප්‍රශ්නය බලශක්ති සුරක්ෂිතතාවය හා ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය.

දැන් මේ විදුලි බලාගාර මෙතන ඉදිවෙනවා. .එතකොට අනාගත විදුලි අවශ්‍යතාවයෙන් අනිවාර්යෙන්ම තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකට මේ ගෑස් සැපයෙන ඕන. අද චීනෙ ප්‍රාන්ත විස්සක් ඉන්දියාවේ නව දිල්ලි ප්‍රාන්ත අවදානම මතුවෙලා තියෙනවා, ලෙබනනයේ ගල් අඟුරු නැති නිසා රට අඳුරට ගිහිල්ලා. මේ ඇමරිකානු සමාගමට පුළුවන්කම ලැබෙනවා ගෑස් සැපයුම පාලනය කරමින් ලංකාව අඳුරට යනවාද නැද්ද කියන එක තීරණය කරන්න . ඔබට මතකයි රණවිරුවන්ට දඩුවම් කළේ නැත්තං ආර්ථික සම්බාධක පනවනවා කවුද කියන්නෙ ඇමෙරිකාව. ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනාවේ නැත්නම් ආර්ථික සම්බාධක පනවනවා. කවුද කියන්නෙ ඇමෙරිකාව. අන්න ඒ ඇමරිකාවට තමයි අනාගත ලංකාවේ විදුලියෙන් තුනෙන් එකකට වඩා නිපදවීමට සැපයීමේ ඒකාධිකාරය භාර දීල තියෙන්නෙ. දැන් රට අඳුරට දවස් දෙක තුනක් යවලා වහාම රණවිරුවන්ට දඬුවම් කරපිය කියල කිව්වොත් අපිට මොකද වෙන්නේ? අර ෆෙඩරල් ව්‍යවස්ථාව අරන් එන්න කිව්වොත් අපිට මොකද වෙන්නේ? මේක විදේශ රටකට යන එක භයානකයි. ලංකාවට බලපෑම් කරමින් සිටින ඇමරිකාවට යන එක වඩා භයානකයි කියන එක අපි ජනතාවට අනතුරු ඇඟවීම රටට ආදරය කරන අපගේ පරම යුතුකමක් වෙනවා.

ඒ වගේම තුන්වැනි කාරණය මං මේකෙදි කිව්වා සදාකාලිකවම කියලා කොහෙද ඕක තියෙන්නෙ කියලා අහන්න පුළුවන්. හැමෝම කියන්නේ වසර පහයි නේ කියලා. ගිවිසුමේ 4 (ii )වගන්තිය කියනවා ගෑස් සැපයීමේ කාලය වසර පහක් හෝ දැනට ක්‍රියාත්මක ටෙන්ඩරයේ සැපයුම්කරුවා ගෑස් සැපයීමට සූදානම් තත්ත්වයට පැමිණීම යන දෙකෙන් පරක්කු වී සිදුවෙන දෙයින් උදාවෙන කාලයට තමයි මේ ටෙන්ඩරයේ ගෑස් සැපයීමට ඔවුන්ට බලය ලැබෙන්නේ කියලා. අපි හැමෝම දන්නවා මේ දෙකේම ටෙන්ඩරය ක්‍රියාත්මක වීමේ කාලය තියෙන්නේ මාස 18. එතකොට ටෙන්ඩර් දෙකේම ගෑස් නල දෙකම හැදෙන්නෙ එකම කාලේ හැබැයි ඉතින් වසර පහක් මේ අයට දෙනවා නම් අනිත් එක්කෙනා ගෑස් නළය හදාගෙන අවුරුදු පහක් නිකං බලන් ඉන්න ඕනේ. එහෙම කරන්න කිසිම ආයෝජකයෙක් එන්නෙ නෑ. මට නිල නොවන ලෙස ලැබිලා තියෙන තොරතුරු අනුව එම ආයෝජකයා දැනටම ප්‍රසම්පාදන කමිටු වලදී New Fortress Energy ගිවිසුම ඉදිරියට යනවා නම් අපි මේ වැඩේ කරලා පලක් නැහැ අපි එහෙනම් අකුලගෙන යනවා කියන එක ප්‍රකාශ කර හමාරයි. ඒ කියන්නේ අර දෙවෙනි කොන්දේසිය තියෙන ටෙන්ඩරයෙන් එන සැපයුම්කරුවා කියන කෙනා කවදාවත් එන්නේ නැත .එසේ නම් සදාකල්ම ලංකාවට ගෑස් සැපයීමේ අයිතිය ගිවිසුමේ 4(ii) වගන්තියෙන් new fortress energy සමාගමට ලබාදී අවසන්. ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තුරාවට ලංකාව පාලනය කිරීමේ යතුරක් ඇමරිකාවට භාරදීම මේ ගිවිසුමෙන් සිද්ධ වෙනවා කියන එක අපි පෙන්නල දෙන්න ඕනේ.

ඒ වගේම අපේ පරාක්‍රම ජයසිංහ මැතිතුමන් සිහිපත් කළා දැන් අපිට එන අනිත් ප්‍රශ්නේ තමයි අපි මන්නාරම් ද්‍රෝණිය අඳුනගෙන තියෙනවා ගෑස් නිධි විය හැකි ප්‍රමාණය ඝණ අඩි ට්‍රිලියන නමයක්. මහා විශාල ගෑස් ප්‍රමාණයක්. ගෑසුයි තෙලුයි දෙකම ගත්තම ඩොලර් බිලියන 300ක් වටිනව. ඩොලර් බිලියන 150ක් පමණ වටිනා ගෑස් සම්පතක් මන්නාරම් ද්‍රෝණිය තිබෙනවා. අනිත් ද්‍රෝණි වල තිබෙන වල තිබෙන සම්පත් තාම අපි ගවේෂණය කරලා නෑ. හැබැයි මේක ගොඩගන්න ලංකාවෙම ඉන්න ලොකුම ධනවතුන් එකතුවෙලා තමන්ගේ සබ්බ සකල මනාවම දුන්නත් ඒ ප්‍රමාණයක් මදි. ඊට වඩා දැවැන්ත ආයෝජනයක් ඕන වෙනවා. ආයෝජනයට ඕන කරන සල්ලි විතරක් නෙමෙයි ඒ තාක්ෂණ දැනුමත් අපි ගාව නෑ. එහෙම අරගෙන එන ආයෝජකයෙකුට ලංකාවෙන් එන්න නම් අඩුම ගානේ ලංකාවේ වෙළඳපොලක් තිබිය යුතුයි. ලංකාවේ වෙළඳපොලේ ඒකාධිකාරය New Fortress Energy වලට ලබා දුන්නොත් Fortress Energy හැර වෙනත් කිසිවෙක් මෙතන ගෑස් හාරන්න එන්නෙ නෑ. ඒ කියන්නේ ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ ගෑස් සැපයීමේ ඒකාධිකාරිය විතරක් නෙමෙයි අපේ ගෑස් තෙල් ගොඩදාලා රටම ගොඩ යන සිහිනේ මේ ගිවිසුමක් හින්දා අකුල ගන්න අපට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් New Fortress ඉදිරියේ දණින් වැටිල අනේ අපේ ගෑස් ටිකක් ගොඩ දාලා උඹලා ඉල්ලන ගානකට අපි ගන්නම් කියලා ඒ අයට කියන්න සිද්ධ වෙනවා. ඉන්න එක්කෙනෙක් නම් එන්නෙ එක්කෙනෙක් නම් එයාගෙ කොන්දේසිවලට මිස අපේ කොන්දේසි වලට ඒ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ නෑ.

මෙහි තාක්ෂණික ප්‍රශ්න ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම මිල සූත්‍රය ලංකාවට දැඩි ලෙස අවාසි විදිහට ඇමරිකන්කාරයට ලංකාවම හූරගෙන කන්න පුළුවන් විදියට මේ සූත්‍රය හදලා තියෙන්නෙ. මේ ගිවිසුම හුදෙක් තවත් කොටස් විකිණීමක් නොවෙයි. සමහරු මේ යුගදනවි 40% විකිණීම ගැන කතා කරමින් සැබෑ ප්‍රශ්නය කතා කර නැහැ.

අපි මේ කතා කරපු කාරණා අතර හතරවන කාරණය දළ වශයෙන් කියන්නම් රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් තියෙනවා. ජපානයට අපි පොරොන්දු උනා මේක දෙනවයි කියලා. ඉන්දියාවට පොරොන්දු උනා දෙනවා කියලා. දකුණු කොරියාවට පොරොන්දු වුණා දෙනවා කියලා. තුනකට එකම දේ දෙන්න බැරි නිසා තමයි අපි විවෘත ටෙන්ඩර් එකට ගියේ. දැන් මේ තෝරාගෙන තියෙන සමාගම චීන පකිස්ථාන හවුල් ව්‍යාපාරයක්. චීන පකිස්ථානය යි කියන්න යුද්දෙදිත් අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ ලංකාවට එරෙහිව යෝජනා එනවිටත් කොන්දේසි විරහිතව ලංකාවේ එක්ක හිටගත්ත රටවල් දෙකක්. අපි චීනයට පකිස්ථානයට ටෙන්ඩර් ක්‍රියාදාමය හරහා හිමිවුණු ව්‍යාපෘතිය ටෙන්ඩරේ ට පැමිණ නැති අපිට සතුරුකම් කළ අපට සතුරුකම් කරන ඇමරිකාවට ලබා දුන්නට පස්සේ මිතුරෝ අපට ඉතුරු ඒවිද. මිතුරෝ හිතාවි යකෝ මුන්ට හතුරුකම් කළාම තමයි සලකන්නේ. අපිට සලකන්න අපිත් මුන්ට කෙළවන්න ඕනේ කියලා චීනයේ පකිස්ථානය හිතුවොත් අපි ඒකට පුදුම වෙන්න දෙයක් නෑ.

ඒ නිසා මේ සෑම අතින්ම ජාතික ආරක්ෂාවට අනාගත මවුබිමට තර්ජනයක් වන ව්‍යාපෘතියක්. ඒ නිසා මේ ව්‍යාපෘතිය පරාජය කිරීමට අපි හඬ නැගුවේ නැත්තං ඇමති ධූර දරාගෙන කරන කරන වැඩේට යහපති කියාගෙන හිටියොත් අනාගත පරම්පරාව ශාප කරන්නේ අපිටයි. ඒ නිසා ඇමතිධුර පමණක් නොව ඒ වෙනුවෙන් කළ යුතු ඕනෑම පූජාවක් කරන්න අපි ලෑස්ති කියන පණිවිඩය ඇමරිකාවේ ඒජන්තයන්ට ලබාදෙමින් මව්බිම සුරකින අරගලයට අපිත් එක්ක එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම ආරාධනා කරනවා.

– media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටෙන්ඩර දැමූ චීනය, පකිස්තානය නොතකා ටෙන්ඩර නැතිව LNG සැපයුම ඇමරිකාවට දුන් ඒජන්තයා ගැන සියල්ල හෙලි කරයි..
ටෙන්ඩර දැමූ චීනය, පකිස්තානය නොතකා ටෙන්ඩර නැතිව LNG සැපයුම ඇමරිකාවට දුන් ඒජන්තයා ගැන සියල්ල හෙලි කරයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpaveOohTHP3fWicMynRwH1XLy39nodQ3S9sDSg5lQ6GSsORcXNv1n85il6rhnVchyJUhAP1wPwlt6976jSgwnCMSAE9_WP0BGHjI5nDsbLuL9I5buhA7TV68ZD3Rbq5bJFbYIEe22vluc/s320/gammanpilax.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpaveOohTHP3fWicMynRwH1XLy39nodQ3S9sDSg5lQ6GSsORcXNv1n85il6rhnVchyJUhAP1wPwlt6976jSgwnCMSAE9_WP0BGHjI5nDsbLuL9I5buhA7TV68ZD3Rbq5bJFbYIEe22vluc/s72-c/gammanpilax.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/lng.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/lng.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy