රාජපක්ෂලා කියන්නේ හොඳ වැඩකාරයෝ. රාජපක්ෂලාට රස්සා දෙන්න ඕන විදිය කියල දෙන්න ඕන්නෑ රට හදන්න ඕන විදිහ කියලා දෙන්න ඕන්නෑ. වැටිච්ච රට ගොඩනගන්නඕ...
රාජපක්ෂලා කියන්නේ හොඳ වැඩකාරයෝ. රාජපක්ෂලාට රස්සා දෙන්න ඕන විදිය කියල දෙන්න ඕන්නෑ රට හදන්න ඕන විදිහ කියලා දෙන්න ඕන්නෑ. වැටිච්ච රට ගොඩනගන්නඕන විදිහ කියලා දෙන්න ඕන්නෑ .ඒගොල්ලො එක හොඳට දන්නවා යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
බුලත්කොහුපිටිය නගරයේදී රුපියල් මිලියන 48.7 ක වියදමින් ඉදිවන මහල් හතරකින් යුත් වෙළෙඳ සංකීර්ණයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය .
රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය,.
“මම මේ අමාත්‍යාංශයේ වැඩ භාරගත්තේ මාර්තු පළවෙනිදා දැන් මාස හත අටක් ගෙවිලා තියෙනවා. ඒකෙන් මාස පහක් ම රට වහල තිබුණේ කොරෝනා ව්‍යවසන නිසා. පසුගිය වසර පහක කාලය තුළ ආණ්ඩු කරපු කිසිම කෙනෙක් මේ දක්වා නොකරපු ඓතිහාසික කාර්යභාරයක් මට මේ මොහොතේ කරන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි අපිට තියෙන පළාත් පාලන ආයතන 341න් 265 ක ට මුදල් ප්‍රතිපාදන දීලා ඒ ප්‍රාදේශීය සභාවන්වල සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන්න කටයුතු කළා.
අඩු ආදායම් ලබන ප්‍රාදේශීය සභා වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය හොඳ අභිමානවත් ආකෘතියක් නිර්මාණය කරලා මේ වන විට ප්‍රාදේශීය සභා හතරක් එලෙස ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා .
අපේ රටට විශාල අවශ්‍යතාවයක් තියෙනව ගිනි නිවීමේ රථවල. ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ මැදිහත් වීමෙන් අපිට පුළුවන් වුණා ලංකාවේ ඉහළම ගොඩනැගිලි වලට පවා යන්න පුළුවන් හැකියාව තියෙන ගිනි නිවීමේ රථ ගෙන්වීමට .
ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමතිතුමා මගෙන් ඇහුවා, මොනවද පළාත් පාලනයට අඩුපාඩුවක්ව තියෙන වාහන කියලා .මම එහිදී එතුමාට වාහන අවශ්‍යතාව පිළිබඳ යෝජනාවලියක් දුන්නා. කසල එක්රැස් කිරීමේ රථ 350ක්, ගලි බවුසර් 150ක්, ඒ වාගේම ට්‍රැක්ටර් බවුසර් 150ක් ඒවාගේම ට්‍රැක්ටර් ඩෝසර් ඇතුළු වාහන 550ක ලැයිස්තුවක් ඉදිරිපත් කළා .
මේ අවුරුද්දේ අපි පාලම් දෙසීයක් සංවර්ධනය කරන්න අනුමැතිය ලබාගෙන තියෙනවා. එයින් පාලම් 14ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදි කිරීමට නියමිතයි .
සමහර ව්‍යාපෘති අවුරුදු 4න් ඉවර කරන්න තියෙන ඒවා නිලධාරීන්ගේ විවිධ අවශ්‍යතා නිසා අවුරුදු විස්සක් දක්වා කල් අදින බව ජනාධිපතිතුමා අපිට දැනුම් දුන්නා. රටේ දැනට ව්‍යාපෘති 5000ට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වන අතර ඒවට කාර්යාල පඩි නඩි ගෙවනවා. වෙළඳ සංකීර්ණ ඇතිවිය යුතුයි. විශේෂයෙන් ජනාධිපතිතුමාගේ දැක්ම අනුව තරුණ විවසායකයින් ට විශාල ඉඩක් ලබාදිය යුතුයි. අපි දන්නවා ටෙන්ඩර් කරනකොට වෙළඳසල් තියෙන පුද්ගලයා ම තව වෙළඳසලක් ගන්නවා. ඒ නිසා නව ව්‍යාපාරිකයෝ නව විවසායකයෝ බිහිවීම අඩු වෙලා තියෙනවා. මේ නිසාම ඉල්ලීමක් කරනවා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව තියෙනවා, ප්‍රාදේශීය සංවර්ධන කමිටුව තියනවා ආණ්ඩුකාරතුමා ඉන්නවා ඒ අයට තියෙන බලතල අනුව අලුත් තරුණ විවසායකයින් පිරිසකට මේ අවස්ථාව ලබා දෙන ලෙසත් මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
මම ඉන්න දිස්ත්‍රික්කයේ ඉන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරයයෝ. දේශපාලනිකව පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් අයින්නේ. වැඩ කරනවට කැමතිම නෑ. කකුලෙන් අදිනවා. හරිම කුහක ඉරිසියාකාර පිරිසක් මේ අයියලා ටික .
එවන් වටපිටාවක දී උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමා මට යෝධ ශක්තියක් වෙලා තියෙනවා, යැයි ද පැවසීය .
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මහතා, හර්ෂ සියඹලාපිටිය මහතා, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති රුවන් සංජීව මහතා, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජගත් වීරරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
– ප්‍රසන්න අධිකාරි

COMMENTS