දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ගුවනින් පොහොර ගේන්න බැහැ... ඕක තමයි පළපුරුදු දේශපාලඥයෝ අවශ්‍ය" - රාජිත සේනාරත්න
Homeප්‍රවෘත්ති

"ගුවනින් පොහොර ගේන්න බැහැ... ඕක තමයි පළපුරුදු දේශපාලඥයෝ අවශ්‍ය" - රාජිත සේනාරත්න

PropellerAds

“අද ගොවියා අර්බුදයක. ජනාධිපතිතුමා කියලා ගුවනින් හරි පොහොර ගේන්න කියලා. ගුවන්යානාවලින් පොහොර ගේන්න බැහැ. ජනාධිපතිනවරයා මුලින්ම රාජ්‍ය පරිපා...

ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම - සජිත්
ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම - සජිත්
රනිල් ෂේප් කරගන්න ගිය නලින් බණ්ඩාරගේ රෙදි හිරු නාලිකාව ලිහා දමයි - (video)
“අද ගොවියා අර්බුදයක. ජනාධිපතිතුමා කියලා ගුවනින් හරි පොහොර ගේන්න කියලා. ගුවන්යානාවලින් පොහොර ගේන්න බැහැ. ජනාධිපතිනවරයා මුලින්ම රාජ්‍ය පරිපාලනයට ආවම ඔහොම තමයි. ඒක තමයි කියන්නේ පළපුරුදු දේශපාලඥයෝ අවශ්‍යයි රට පාලනය කිරීමට” යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි ‍ෙදාස්තර රාජිත සේනාරත්න පවසයි.

මන්ත්‍රිවරයා මෙසේ කියා සිටියේ ඊයේ (17දා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

“යහපාලන ආණ්ඩුවේ ඔෟෂධ මිලට වඩා අඩුවෙන් දැන් ඔෟෂධ තිබෙන බව මේ ආණ්ඩුව කිව්වා. නමුත් ඒවා බොරු. ඒ ගැන ලිපිගොනු සහිතව පසුගියදා ඔප්පු කළා. ‘මව්බිම’ පුවත්පතේ තිබෙන විස්තරයක සඳහන් වන්නේ ඉන්දියාවෙන් ගෙන්වූ ඔෟෂධ තත්ත්වයෙන් බාලයි කියලා. ඒ ගැන සියලුම වෛද්‍යවරු කිව්වා. මගේ කාලයේ බාල බෙහෙත් ගෙනාවා කිව්වා. එක බෙහෙතක් බාලයි කියලා කිසිම වෛද්‍යවරයෙක් පැමිණිලි කළේ නැහැ. නමුත් මේ ආණ්ඩුව ගෙනාපු බෙහෙත් බාලයි කියලා පැමිණිලි ඉදිරිපත් වෙලා. එදා සටන් පාඨයක් විදිහට කිව්වට වෛද්‍ය සංගමය කොයි වෙලාවකවත් ඒ බෙහෙත බාලයි ඒක බාල වුණේ මෙහෙමයි කියලා එම බෙහෙත්වලින් රෝගීන්ට මෙවැනි ආපදා වුණා කියල එකම චෝදනාවක්වත් වෛද්‍ය සැපැයුම් අංශයට ලැබිලා තිබුණේ නැහැ. නමුත් මේ වෙනකොට එවැනි බාල ඔෟෂධ ගේනවයි කියලා පැමිණිලි සැපැයුම් අංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙමින් පවතිනවා. එහි ඔෟෂධ හතරක් ගැන පෙන්වාදී තිබෙනවා.

තවත් එවැනි ඔෟෂධ සුදුසු නැති බවට දැනුම් දීලා. අවසරයක් නොදුන්න බෙහෙත්වල මිල ඉදිරිපත් කර මේ කාලයේ ඔෟෂධ මිල අඩුයි කියලා පෙන්වන්න ආණ්ඩුව වෑයම් කරනවා. ආණ්ඩුව හිතුවා අපිට මේවා හෙළිදරව් වන එකක් නැහැ කියලා. මේ ආකාරයට ඔෟෂධ වර්ග හතරක් භාවිතයට නුසුදුසුයි කියලා පැමිණිලි ලැබී තියෙනවා. ඒවාට අවසර නැහැ. මේ විදිහට තමයි බොරු කිව්වේ. රජයට අනෙකුත් දේවල් ගැන කිව්ව වගේම ගිය ආණ්ඩුවට විරුද්ධව කරපු බොහෝ චෝදනා වගේම තමයි ඒ අනුසාරයෙන් මේ විදිහට බොරු කියන්න හැදුවේ. නමුත් මේවා එකින් එක අද ඔප්පු වෙනවා. එහි නිලධාරීන් ඒ තොරතුරු ලබා දෙනවා. එම නිසා මිල අඩුයි කියලා බොරු කියලා ලංකාවට ගෙන ආපු අවසර නොලැබූ සමහර සමාගම්වල තියෙන බාල බෙහෙත්වල මිල පෙන්නලා තමයි කිව්වේ අපේ කාලෙට වඩා අඩුයි කියලා. මේ බොරු අද සම්පූර්ණම එළියට ඇවිත්.

ආණ්ඩුව දෙවැනියට කරපු බොරුව තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා ලංකාවේ තයිරොක්සින් නිෂ්පාදනය කරනවා කිව්වා. රාජ්‍ය ඔෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරයා එසේ ඔෟෂධ නිෂ්පාදනය කරනවා කියලා මහ ලොකු කතාවක් කිව්වා. අපේ කාලයේ රාජ්‍ය ඔෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව පෙති සහ කරල් මිලියන 2000 ධාරිතාව මිලියන 4000 දක්වා වැඩි කළා. එයට වෙනම කර්මාන්ත ශාලාවක් හැදුවා. ජපන් ආධාරත් එක්ක දෙවැනි කර්මාන්තශාලාව අපි හැදුවා හෝමෝන නිෂ්පාදනය කිරීමට. එය නියම නිෂ්පාදනාගාරයක්. ලංකාවේම හෝමෝන නිෂ්පාදනය කළා.

ආණ්ඩුවේ මේ ඔෟෂධ මාෆියාවේ ගනුදෙනු අපේ රටින් යන්නේ කාටද කියල සොයා බැලිය යුතුයි. මහා ලොකුවට කතා කළේ අපි මෙච්චරක් ඉතුරු කරනවා, ජනාධිපතිතුමාට වාර්තා කළා ඉතුරු කරන ක්‍රමය කියලා.

ආණ්ඩුවේ අනිත් දේවලුත් ඔෟෂධ වගේම තමයි. වම් අත දන්නේ නෑ දකුණු අත කරන්නේ මොකක්ද කියලා. අද මේ රට ඉවරයි. අවසානයේ බංකොලොත් රටක් බවට පත්වෙමින් තිබෙනවා. මෙහි තියෙනවා අද අපේ රටේ දිළි¾දුභාවය කොච්චරද කියලා 11.7%ක්. නමුත් අපේ රටේ දිළි¾දුභාවය යුද්දෙ කාලෙත් මෙච්චර වැඩි වුණේ නැහැ. මැතිනියගේ කාලෙත් එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. අද දිළි¾දු භාවය 11.5%ක් වෙලා. මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු දෙකක් යන්නත් ඉස්සර වෙලා සියලු 11.7%කට ඉහළ ගිහින්. අලුතෙන් විශාල ප්‍රමාණයක් දිළි¾දු අය වශයෙන් එකතු වෙලා. දිළි¾දු භාවයේ නොසිටි කට්ටිය ඒ තත්ත්වයට පත් කර තිබෙනවා. මේ ආණ්ඩුව මෙහෙම අවුරුද්දක් හමාරක් ඇතුළතදී දිළින්දන් නිෂ්පාදනය කරපු ලෝකෙ සිම්බාබ්වේ වගේ හිඟන රටක් ඇරෙන්න වෙන කොහේවත් නැහැ. අද මේ ලෝක බැංකු වාර්තාව හැමෝම පිළිගන්නවා.

රටේ සෞභාග්‍යය උදා කරන්න ආපු ආණ්ඩුව මේ රටේ දිළින්දෝ හිඟන්නෝ බිහි කරන තත්ත්වයට රට පත් කරලා.

අද ලංකාවට බඩු ගේන්න තිබෙන විදේශ සංචිතය අපේ රටේ රුපියල්, ශත කොච්චර තිබුණත් වැඩක් නැහැ. ඒව අච්චු ගහත හැකි. අපිට ඕන පිටරටින් යම් දෙයක් ගේන්න ඩොලර්. කන කෑම, අත්‍යවශ්‍ය ඔෟෂධ පොහොර ටික කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මේ සියල්ල ගේන්නේ ඩොලර් අවශ්‍යයි. ඩොලර්වලින් රුපියල් ගන්න බැහැ. ඒ නිසා අපේ රටේ වටිනාකම කියන්නේ විදේශ සංචිතයි. ඒකට මොකක්ද වෙලා තියෙන්නේ? ලංකා ඉතිහාසයේ පළමු වරට මහ බැංකුවේ ඩොලර් සංචිතය ඍණ බවට පත්වෙලා. හැමදාමත් අපේ රටේ විදේශ සංචිත තිබුණා අද සත පහක් නැහැ. මෙහෙම තත්ත්වයක් ලංකා ඉතිහාසයේ කවදාවත් ඇති වුණේ නැහැ.

ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා කියනවා කඩාගෙන වැටෙන රටවල් අතර ලංකාව පළමු තැන කියලා. එසේ කියන්නේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයෙක්, මහාචාර්යවරයෙක්. ඕක නිසා තමයි කියන්නේ අපි තමයි හොඳටම කළේ කියලා. අපට පේනවා කරපු විදිහ. ලෝකයේ නරකම රට විදිහට බංකොලොත් වෙලා අපේ රට කඩාගෙන වැටුණා. මේ වසර අවසානය වෙනකොට ආර්ථිකය කඩාගෙන වැටිලා මේ රට බංකොලොත් වෙලා හිඟන රටක් බවට පත්වෙනවා. රටට කිසිම බඩුවක් ගෙන නොහැකි තත්ත්වයක් ඇති වෙනවා.

රටේ අර්බුද රැසක් ඇතිවෙනවා. ඒවාට එක එක ඒව කියල හරියන්නෙ නැහැ. ගොවියන්ගේ අර්බුදය පොහොර නැහැ. ඩොලර් නැති නිසා කෙළින්ම පිටරටින් ගේන රසායනික පොහොර නැවැත්තුවා. කාබනික පොහොරවලින් ගොවිතැන් කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. හැබැයි ලෝකෙ 1.3% අවශ්‍ය පොහොරවලින් කාබනික පෝර හදලා තියෙන්නේ නවසීලන්තය වැනි රටවල්. කාබනික පොහොරවලින්ම කෘෂිකර්මාන්තය කරන්න හදපු එක අවුරුදු දහයක් ගිහිල්ලා තවමත් 40%යි කාබනික පොහොර හදලා තියෙන්නේ එක දවසට පැය 24ක් ඇතුළත එළිවෙනකොට. ජනාධිපති කියනවා කාබනික පොහොර හදන්න කියලා. කොහෙන්ද එහෙම හදන්නේ? අද මුළු ගොවියෝ අර්බුදයක. වී ගොවිතැනට පොහොර නැහැ. එළවළු ගොවීතැනට වතුර නෑ. පලතුරු හදන්න ඕනෑ දේ නිෂ්පාදනය 30% කින් පහළ වැටිලා.

තේ ආර්ථිකය කඩා වැටෙනවා. තවත් ඩොලර් කඩන් වැටෙනවා. දැන් කියනවා ප්‍රතිපත්තියක් විදිහට තේ කර්මාන්තයට රසායනික පොහොර භාවිත කළාට කමක් නැහැ කියලා ඩොලර් තියෙන නිසා. අනේ අහිංසක වී ගොවියෝ, එළවළු ගොවියෝ, පලතුරු ගොවියෝ ඩොලර් හදන්නෙ නැති නිසා රුපියල් සත විතරක් හදන නිසා ඒගොල්ලොන්ට ඒක නැහැ. දැන් කියනවා potassium chloride දාලා ගෙනල්ලා රසායනික කාබනික පොහොර ගෙනත් කියලා. අපේ මහින්දානන්ද අලුත්ගමගේ උන්නැහැ කියනවා පොටෑසියම් ක්ලෝරයිඩ් සහිත කාබනික රසායනික කියලා. මේ මනුස්සයා ඉගෙනගත්ත තරමට තමයි කතා කරන්නේ. අමාත්‍යාංශ ලේකම් මහාචාර්යවරයෙක් මේ කතා අහගෙන රෙද්දක් ඇඳගෙන ඉන්නවද මේ වගේ තැන්වල. තමන්ගේ ආත්මය විකුණාගෙන ඉන්නෙ. මේ මොකක්ද පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ රසායනිකයක්. එසේ නම් කොහොමද කාබනික වෙන්නේ. අද ගොවියා අර්බුදයක. ජනාධිපතිතුමා කියලා කොහෙන් හරි ගුවනින් හරි පොහොර ගේන්න කියලා. ගුවන්යානාවලින් පොහොර ගේන්න බැහැ. ජනාධිපතිතුමා මුලින්ම රාජ්‍ය පරිපාලනයට ආවම ඔහොම තමයි. ඒක තමයි කියන්නේ පළපුරුදු දේශපාලඥයෝ අවශ්‍ය වෙනවා පාලනය කිරීමට. සමහර මෝඩයො කියනවා තරුණයන් තමන්ට රට බාර දෙන්න, අලුත් කට්ටියට දෙන්න කියලා දීලා තමයි ඔය වුණේ.

අද ආහාර නැහැ. හිඟ වෙලා. කිරි පිටි ටිකට කිලෝමීටර් ගණන් පෝලිං. හැටනම ලක්ෂයක් දීලා මහින්ද රාජපක්ෂ සැපද කිය කිය දාලා, කිරිපිටිවල පාලන මිල ඉවත් කරලා ආනයනකරුවන් මිල තීරණය කරන්න ඉඩ දුන්නා. මේ මිනිස්සු බලාපොරොත්තු වුණාටත් වැඩියෙන් මුදලක් දැම්මා, වැඩි කළා. අද ලේසියෙන් කිරි පිටි පැකට් එකක් ගන්න බැහැ. තව ටික දවසකින් මේ රට සාගත තත්ත්වයකට එනවා. රටේ මන්ද පෝෂණය වැඩි වෙනවා. පහුගිය රජය කාලේ ඒ අඩු අගයකට ගෙනාවා. ඒක අද විනාශ වෙලා නැවතත් මන්දපෝෂණය කරා ගමන් යනවා. හාල්වලට වඩා වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ ඔෟෂධ. 180ක ටත් දෙසීයකටත් අතර ප්‍රමාණයක් රාජ්‍ය ඔසුසල්වල හිඟයි. හේතුව වියත් මඟේ කියලා මහලොකු අති පණ්ඩිතයො පත් වුණ නිසා ඇවිත් කියව කියව කයිවාරු ගැහුවා. ගිය ආණ්ඩුව කරපු ඒවා කිය කියා අද මොළේ කළඳක් තියෙන මිනිහකුට තේරෙනවා ගිය ආණ්ඩුව කාලයෙ එක් ඔෟෂධයක් හිඟ වුණේ නැහැ කියලා. එකම දෙයකවත් මිල වැඩි කළේ නැහැ. සියල්ල මිල අඩු කළා. මහරගම රෝහලේ රෝගීන් දුක්විඳිනවා ඔෟෂධ නැතුව. දුප්පත් අහිංසක මිනිස්සුන්ට තේරෙන්නැහැ ඔෟෂධ නැහැයි කියලා. ඒ අයට වේදනා නාශක දෙන්නේ. ඒගොල්ලො හිතනවා පිළිකා ඔෟෂධය තමයි ලැබුණේ කියලා. මේක රටේ ඛේදවාචකයක්.

කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය අද හිඟ වෙලා. කර්මාන්තශාලා වැහිලා. එහි සේවකයන්ට රැකියා නැතිවෙලා. මේ වගේ කර්මාන්තශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය එකිනෙක නැති වෙලා යනවා. එතකොට ඒවා වැහෙනවා. ගොවිබිම් වැහෙනවා. ඔෟෂධ නැති වෙනවා. ආහාර නැති වෙනවා. රට කොහාටද යන්නේ? රොබට් මුගාබේ සිම්බාබ්වේ දක්වා ගමන් කරනවා. මේ වැනි ඛේදවාචක තමයි සෞභාග්‍යයේ දැක්ම කියන්නේ. ඒගොල්ල ඉදිරිපත් කළේ අපේ රටේ මුළු මහත් රටවැසියන්ට සියලු භේද අමතක කරලා එකතුවෙන්න රටක් ගොඩගන්න.

දැන් තමයි ජනාධිපති ඇතුළු ආණ්ඩුව පස්ස රත් වෙලා තියෙන්නේ. රසායනික පොහොර හොයනවා. ඒවා නරක නම් මොකටද ගේන්නේ? ප්‍රතිපත්තියක් නම්, ඇත්තටම මුදල් නැතිකමයි. ලොකුවටම කිව්වා මේ රටේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පන්තියේ කියලා. අද ගොවියන්ට ගහලා ඉවරයි, පංච මහා බලවේග ගුරුවරුන්ට ගහලා ඉවරයි. ගොවියෝ මහ පාරේ. අද මන්ත්‍රිවරුන්ට ගමට යන්න බැරි වෙලා. ඉස්සරහට ගොවියෝ විතරක් නෙමෙයි කම්කරුවොත් එළියට බහිනවා.”

(මව්බිම)


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ගුවනින් පොහොර ගේන්න බැහැ... ඕක තමයි පළපුරුදු දේශපාලඥයෝ අවශ්‍ය" - රාජිත සේනාරත්න
"ගුවනින් පොහොර ගේන්න බැහැ... ඕක තමයි පළපුරුදු දේශපාලඥයෝ අවශ්‍ය" - රාජිත සේනාරත්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc4ZfsV-imEq-6tDIMNKBPwLsoJwqAf_FPc6v6aeEOnEZu3ou5Rc-YpraafJB5e0ujUguLTnXp6ulLgTHMCdqGLslwcLXZ2-W_YukQe5nKHCRtW277n5xjA4GQbrmrplDAhQFsO5ZRA4m2/s320/db3191851d1859f79f795e5fdaa19149_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc4ZfsV-imEq-6tDIMNKBPwLsoJwqAf_FPc6v6aeEOnEZu3ou5Rc-YpraafJB5e0ujUguLTnXp6ulLgTHMCdqGLslwcLXZ2-W_YukQe5nKHCRtW277n5xjA4GQbrmrplDAhQFsO5ZRA4m2/s72-c/db3191851d1859f79f795e5fdaa19149_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_691.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_691.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy