දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පැනමා පේපර් වලට සම්බන්ධ නෑ.. මඩ ගහන්න එපා.. හැකි නම් මා පරාජය කරන්න..
Homeප්‍රවෘත්ති

පැනමා පේපර් වලට සම්බන්ධ නෑ.. මඩ ගහන්න එපා.. හැකි නම් මා පරාජය කරන්න..

PropellerAds

තමන්ට මඩ ප්‍රහාර එල්ල නොකර හැකිනම් වැඩ වලින් තමන්ව පරාජය කර පෙන්වන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලි...

ලංකා IOC ප්‍රෙට්‍රල් මිල ඉහළ දමයි !
යුද විජයග‍්‍රහණයට අදට වසර 11 යි
පීබීගේ දවසේ පඩි කැපිල්ල හමුදාව හා පොලිසියට අදාල නොවේ - කමල්
තමන්ට මඩ ප්‍රහාර එල්ල නොකර හැකිනම් වැඩ වලින් තමන්ව පරාජය කර පෙන්වන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට අභියෝගයක් කළේය.

“මා පාර්ලිමේන්තුවේ නැති අවස්ථාවක පසුගිය ඔක්තෝම්බර් පස්වෙනිදා මේ පාර්ලිමේන්තුව අමතලා, රාජ්‍ය ශෙහාන් සේමසිංහ මැතිතුමා මගේ නම සඳහන් කරලා යම් යම් කාරණා කීපයක් ප්‍රකාශ කරලා තියෙනවා. මේ පැනමා පත්‍රිකා ගිණුම් කටයුතු සම්බන්ධයෙන්. අන්න ඒ තත්ත්වය තුළ මගේ කීර්තිනාමයට හානි කිරීමට දරපු උත්සාහය නිසා මේ පැහැදිලි කිරීමට මා ඔබතුමාගෙන් අවසර ඉල්ලනවා. විශේෂයෙන්ම ඊයේ දිනයේත් මම ප්‍රකාශයක් කරා ඒක ඇතැම් මාධ්‍ය පළ කරලා තියෙන්නේ මේ මගේ  2018, 2019 වර්ෂ වල වෙච්ච දුරකතන සංවාද කවුරුන් හෝ ඒවා පටිගත කලයි කියලා. එහෙම එකක් නෙවෙයි. 2018-19 ගත්ත දුරකථන ඇමතුම් 2021 සැප්තැම්බර් මාසේ ඒවා පිළිබඳව තොරතුරු ලබා ගැනීම තමයි මගේ චෝදනාව වුණේ. එහෙම නැතුව 2018/19 ඒවා පටිගත කරලා දැන් බලපු කාරණයක් නෙවෙයි.”

පැනමා පත්‍රිකා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ සම්බන්ධයෙන් වෙච්ච කාරණය 2016 අප්‍රේල් මාසේ  පැනමා පත්‍රිකා නමින් තොරතුරු හෙළිදරව්වක් කළා. ඒ තොරතුරු හෙළිදරව්වට අනුව මොසයික් ෆොන්සේකා කියන ලේකම් කාර්යාලය හරහා විදේශ ගිණුම් ලැයිස්තුවකුත්, විදේශවල සමාගම් පවත්වාගෙන යන ලාංකිකයන්ගේ ලැයිස්තුවකුත් හැටියට ලංකාව තුළ ප්‍රචලිත වුණා. එහි එවකට මගේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකයෙක් හැටියට හිටපු විද්‍යා අමරපාල මහතාගේ නම සඳහන් වුණා. ඒ නම විජිත හේරත් මහත්මයත් එදා පස්වෙනිදා සඳහන් කරලා තියෙනවා. මම එතුමාට කිව්වා මේ නම සඳහන් වෙලා තියෙන නිසා එතුමාට ඒ පදවියෙන් ඉවත් වෙන්න කියලා. අපි හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් වන ආර්. ඒ. ඩී. ජයතිලක මහත්මයාගේ මූලිකත්වයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළා. ඒ වගේම පොලිස්පතිතුමා විමසලා මගේ පුද්ගලික ලේකම් දයා පෙරේරා මැතිතුමා 2016.04.12 වෙනිදා මේ පිළිබඳ පැමිණිල්ලක් මූල්‍ය අපරාධ අංශයට සිද්ධ කළා. අභ්‍යන්තර පරීක්ෂණයෙන් අපට පෙනුනා. මේ හෙළිදරව්ව ඇත්තටම 2016 පැනමා පත්‍රිකා වලින් නෙමෙයි වෙලා තියෙන්නේ. 2013 දි කියලා. ඒ ගැන අපේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්මයත් ප්‍රශ්න කරලා තියෙනව එතකොට මේ අක්වෙරළ සමාගමක යම්කිසි අධ්‍යක්ෂ ධූරයක් සිංගප්පූරුවේ පවත්වපු සවරින් කැපිටල් කෝපරේෂන් යන ආයතනය. මේ ආයතනය පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ ලංකාවේ තියෙන අයිඩබ්ලිව් එස් හෝල්ඩිංස් ආයතනය. ඒ ආයතනය සිංගප්පූරුවේ ලියාපදිංචි ආයතනයක්. ඒ වගේම එම ආයතනය සවරින් කැපිටල් කෝපරේෂන්  ආයතනය BOI ආයතනය හරහා අයි. ඩබ්. එස්. ලොජිස්ටික්ස් කියන ආයතනය හරහා ලංකාවෙ ආයෝජනයකට කටයුතු කරලා තියෙනවද කියලා. එතකොට විද්‍යා අමරපාල මහත්තයා කටයුතු කළේ මගේ අමාත්‍යාංශයේ නෙමෙයි ඒ අවස්ථාවේදී. 2000 ඉඳන් 2010ට IWS Holdings ආයතනයේ විධායක නිලධාරියෙක් හැටියට කටයුතු කළේ. ඒ ආයතනය නියෝජනය කරමින් තමයි ඔහු මේ සමාගමට ඒ අදාළ නියෝජනය ලබා දීලා තියෙන්නේ. ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරය භාර ගන්නකොට 2010 IWS Holdings ආයතනයෙනුත් මේ ආයතනෙනුත් කියන දෙකෙන්ම ඉල්ලා අස්වෙලා තමයි ඔහු ඒ පදවිය භාර අරගෙන තියෙන්නේ.

මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ නඩුවක් ද පැවරූ අතර, එහි පැමිණිල්ල සිදු කළේ තම ලේකම්වරයා වන දයා පෙරේරා මහතා බව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී හෙළිදරව් කළේය. එහි නඩු අංකය 3784/16 වෙයි. 2019.06.25 දක්වා අවුරුදු තුනක් එම නඩුව විවිධ අවස්ථාවල කැඳවා තිබේ. එම නඩුවට විවිධ අවස්ථාවල අදාළ විමර්ශකයන් විසින් තොරතුරු සපයා තිබේ.

“විශේෂයෙන්ම මෙහිදී මම කියන්න ඕනේ එක අවස්ථාවක මේ මූල්‍ය අපරාධ අංශය 2018.01.09 උසාවියට දැනුම් දීලා තියෙනවා මෙතෙක් කරන ලද විමර්ශනයට අනුව “විද්‍යා අමරපාල යන අය විසින් පවත්වාගෙන යන ලද බැංකු ගිණුම් පිළිබඳ ගරු අධිකරණයේ නියෝග පරිදි ලබා ගන්නා ලද බැනුම් බැංකු ගිණුම් වාර්තා පරික්ෂා කරන ලදී. මෙම බැංකු ගිණුම් වල සැක කටයුතු ගනුදෙනු කිසිවක් අනාවරණය වී නොමැත. තවද මේ අය සම්බන්ධයෙන් කොටස් වෙළඳපොලේ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා වාර්තා වලට අනුවද සැකකටයුතු ගනුදෙනු කිසිවක් අනාවරණය වී නැත. මේ තමයි උසාවියට ඔවුන් දැනුම් දෙන්නේ. ඒ වගේම 2019 සැප්තැම්බර් 12 ඔවුන් උසාවියට දැනුම් දෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු මගින් ගරු අධිකරණයේ නියෝග මත වාර්තා කැඳවන අතර මෙම විද්‍යා අමරපාල යන අය විසින් පැනමා රාජ්‍යයේ පිහිටි මොසැක් ෆොන්සේකා සමාගමේ කිසිදු මුදල් ආයෝජනයක් සිදු කර නොමැති බවට වාර්තා ලබාදී ඇති කියලා ඔහුගේ ගිණුම් ප්‍රකාශයේ සඳහන් කරනවා. ඒ වගේම 2018.06.25 වෙනිදා කරුණු මෙසේ හෙයින් ස්ථානාධිපති කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ විමර්ශනයේ පැමිණිල්ලේ කරුණු සනාථ කිරීම සඳහා සාක්කි හෝ ලේඛන කිසිවක් ඉදිරිපත් වී නොමැති අතර මෙලෙස මුදල් ආයෝජනයක් සම්බන්ධයෙන් කිසිදු කරුණක් අනාවරණය නොමැති වී ඇති බැවින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120:3 වගන්තිය ප්‍රකාරව ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන නොකරනු හෙයින් මෙම නඩුවේ නඩු කටයුතු අවසන් කරන මෙන් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

“ඒ අනුව මේ විද්‍යා අමරපාල මහත්තයාට, මොසයිඩ් ෆොන්සේකා සමාගමේ කිසිම ගිණුමක් තිබිලත් නෑ. මේ ගිණුම පිළිබඳ කාරණයකුත් නෑ. සමාගමක් තිබිලා තියෙනවා. ඒ අක්වෙරළ සමාගම අයිති වෙලා තියෙන්නේ අදටත් ඒ සමාගම තියෙනවා. ඒක අයිති වෙලා තියෙන්නේ අයි. ඩබ්ලිව්. එස්. හෝල්ඩින් ආයතනය ආතර් සේනානායක මහත්තයාට. ඔහු එහි වැඩ කරපු සේවකයෙක් පමණයි.”

මේ කරුණ භාවිතා කරමින් තම කීර්තිනාමයට සහ තමන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රණවක මහතා;

“කරුණාකරලා මේ කරුණු හොයා බලලා කටයුතු කරන්න. අපිට මඩ ප්‍රහාර එල්ල කරන්නේ නැතුව පුලුවන්නම් වැඩ වලින් අපිව පරාජය කරන්න කියන ඉල්ලීම මම කරනවා. මොකද 2015 ලංකා විදුලිබල මණ්ඩලය අපි පාලනය කරලා බිලියන 20 ක ලාභයක් හෙව්වා. පුලුවන්නම් දැන් බිලියන 20 ක ලාභයක් හොයලා අපිව පරාජය කරන්න. ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ අපි බිලියන 67 ක- කෝටි 6700 ක තෙල් මිල අඩු කරලා සහනයක් දුන්නා. පුලුවන්නම් බිලියන 68 ක සහනයක් දීලා අපිව පරාජය කරන්න. එහෙම නැතුව මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මඩ ප්‍රහාර එල්ල කරන්න එපා කියන ඉල්ලීම මම කරනවා.”

– media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පැනමා පේපර් වලට සම්බන්ධ නෑ.. මඩ ගහන්න එපා.. හැකි නම් මා පරාජය කරන්න..
පැනමා පේපර් වලට සම්බන්ධ නෑ.. මඩ ගහන්න එපා.. හැකි නම් මා පරාජය කරන්න..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTCSgv71i7tOX0C-siJnmATKBSN8I4q2GzIPXg0MBZOefYZvYD_P_J3jegsUSxWyGD0DDW5KKGIpeZcubhcdVRPzTmi_AeZ_PouqMIFRfDyfH9FaH5i61MTKDpdR7ENScv6nCsy2ZCjhpy/s320/champika-1s.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTCSgv71i7tOX0C-siJnmATKBSN8I4q2GzIPXg0MBZOefYZvYD_P_J3jegsUSxWyGD0DDW5KKGIpeZcubhcdVRPzTmi_AeZ_PouqMIFRfDyfH9FaH5i61MTKDpdR7ENScv6nCsy2ZCjhpy/s72-c/champika-1s.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_440.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_440.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy