දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උදේ ඇවිත් කියනවා පල්ලියට පහරදීමක් තියනවා කියලා... හවස ඇවිත් කියනවා ඒක වැරදීමක් කියලා -සාගර හෙට්ටිආරච්චි පියතුමා
Homeප්‍රවෘත්ති

උදේ ඇවිත් කියනවා පල්ලියට පහරදීමක් තියනවා කියලා... හවස ඇවිත් කියනවා ඒක වැරදීමක් කියලා -සාගර හෙට්ටිආරච්චි පියතුමා

PropellerAds

වත්තල බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ගැන නාවික හමුදා නිලධාරීන් පැමිණි සිදුකළ දැනුම්දීමක් පිළිබඳව ද මේ වනවිට ...

T56 සමග අතුරුදහන්වුන ආධුනික කොස්තාපල්ගේ අම්මයි තාත්තයි අත් අඩංගුවට… රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම අරඹයි!
අපි කියන විදිහට කරන්න රජය ලෑස්ති නෑ... මේක පරණ රජයමයි - ලාල් කාන්ත
නොරොච්චෝල හදන්න තව කල් යයි... විදුලි කප්පාදුව දීර්ඝ වේ!
වත්තල බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ගැන නාවික හමුදා නිලධාරීන් පැමිණි සිදුකළ දැනුම්දීමක් පිළිබඳව ද මේ වනවිට සංවාදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.
ඊයේ (29) ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ , දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බව සඳහන් කරමින් සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් බවයි.

මෙම සිද්ධිය පිළිබඳව කලබලවීමට හේතුවක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරන බව ද එම නිවේදනයේ සඳහන් ය.

වත්තල බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයට නාවික හමුදා සමාජිකයින් පිරිසක් පැමිණ මේ තොරතුර දැනුම්දී තිබුණේ, ඊයේ පෙරවරුවේයි.

”එක්කෙනෙක් දේවස්ථානය ඇතුළට ඇවිල්ලා මට කිව්වා අපේ උසස් නිලධාරී මහත්මයෙක් කතා කරනවා. දෙවස්ථානයේ පියතුමා බැහැරක් ගිහිල්ලා තියනවා. ඒ නිසා පොඩ්ඩක් එන්න කියලා. ඊට පස්සේ මම වාහනට ළඟට ගියාම ඒ උසස් නිලධාරී මහත්තයා වගේ ඉන්න කෙනා කිව්වා සහරාන්ගේ ප්‍රහාරය වගේ නැවත එල්ලවෙන්න පුළුවන් දෙවි මැදුරුවලට. ඒකයි අපි ආවේ දැනුවත් කරන්න ඒ නිසා කතෝලික පියතුමන්ලා වගේ ඇඳගෙන එන්න පුළුවන්. නැත්නම් වෙනත් විදිහට අඳුරන්නේ නැති ජනතාව අතරේ ඉන්න පුළුවන් අවධානයෙන් ඉන්න කිව්වා. ඊට පස්සේ මම පියතුමා තව සුළු මොහොතකින් එයි කියපුවාම ඒ වෙලාවේ නතර වුණේ නැහැ. මම කිව්වා නොම්බරේ දෙන්න කියලා. ඊට පස්සේ නොම්බරයක් දුන්නා දීලා එයාලා යන්න ගියා”

 – ක්‍රිස්ටි ඔස්මන් පෙරේරා –

එලෙස පිටව ගිය නිලධාරීන් ඊයේ පස්වරුවේ මෙම දේවස්ථානයට නැවත පැමිණ තිබිණ.

බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයේ මීසම් පාලක ගරු ජයන්ත නිමල් විදානාරච්චි පියතුමා සඳහන් කළේ, පස්වරුවේ මේ පිළිබඳ තමාගෙන් විමසීමට උස්වැටකෙයියාව නාවික හමුදා කඳවුරෙන් කණ්ඩායමක් පැමිණි බවයි.

”හවස මේ ගැන මගෙන් විමසන්නට උස්වැටකෙයියාවේ පිහිටි නේවි කඳවුරෙන් නාවික හමුදා කණ්ඩායමක් ආවා. ඇවිල්ලා මේ ගැන විමසලා එයාලා CCTV කැමරා ඔස්සේ ඔක්කොම බලලා එයාලා මට අවසානෙදි කිව්වා . හොයලා කරලා මේවා කරලා අද මේ කණ්ඩායම ඇවිල්ලා තියෙන්නේ වැලිසර කෑම්ප් එකෙන් කියලා. ඇවිල්ලා තියෙන්නේ පොඩි වැරදීමක් වෙලා කියලා තමයි එයාලා ඒ අවස්ථාවේදී ගියේ”

මේ අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අප කළ විමසීමකදී පැවසුවේ, මෙය සිදුවූ අකාරය පිළිබඳව විමසා බැලීමක් සිදුවන බවයි.

මෙය වැරදි සන්නිවේදනයක් බව පෙන්වා දුන් නාවික හමුදාපතිවරයා වරද නිවැරදි කිරීමට පියවර ගත් බව ද කියා සිටියේ ය.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ, මෙය වැරදි අවබෝධයකින් සිදුවූවක් බවයි.

මේ අතර කතෝලික සභාවවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසන්නේ, නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ගොස් මෙවැනි තොරතුරක් පිළිබඳ පියතුමන්ලාට දැනුම් දුන්නේ නම්, එම තොරතුර බැරෑරුම් තොරතුරක් විය යුතු බවත් පසුව එය වැරදීමකින් සිදු වූ දෙයක් බව පවසන්නේ නම්, එහි ජාතික ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති බව ත් ය.

”නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ගිහිල්ලා පියතුමන්ලාට දැනුම් දෙන මේ තොරතුර බැරෑරුම් තොරතුරක් නේ, එතකොට මේ තොරතුර මෙහෙම කියලා ඊට පස්සේ කියනවා නම්, මේක වැරදීමකින් සිද්ද වෙච්ච දෙයක් කියලා එතකොට ලොකු ප්‍රශ්නයක් තියනවා. ජාතික ආරක්ෂාව පිළිබඳව. මේකද ආරක්ෂක වැඩපිළිවෙළක එහෙම නැත්නම් ජාතික ආරක්ෂාව වගේ ඉතාම බැරෑරුම් කාර්යබාර්යකදී සිදු විය යුතු දේ. ප්‍රහාරයක් එල්ලවීමේ පොදු අනතුරක් තියනවා නම් එහෙනම් කළ යුතුව තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හරි එහෙම නැත්නම් බුද්ධි අංශය හරි කවුරුහරි නිල වශයෙන් වගකීම දරන්නට පුළුවන් කෙනෙක් අතිඋතුම් කාදිනල් හිමිපාණන්ට නිල වශයෙන් දැනුම් දෙන එක.මේ ආපු නිලධාරීන් ඒගොල්ලන්ගේ උවමනාවෙන් කල්පනා කරලා යන්න නැතුව ඇති නේ. කොහෙන් හරි අණකිරීමක් වෙන්න ඇතිනේ මේ නිලධාරීන්ට මේ මේ පල්ලිවලට ගිහිල්ලා නැත්නම් මේ මේ ප්‍රදේශයට ගිහිල්ලා දේවස්ථානවලට දැනවත් කරන්නට කියලා. එතකොට කොතන ද මේ වරද්දගත්තේ කියන එක සොයා බලන්නට ඕනි. මොකද මේක විහිළුවක් නෙමෙයි”

මේ අතර සංචාරක කලාපයක් වන ප්‍රදේශයක මෙවැනි සිදුවීමක් වාර්තාවීම ගැටලුවක් බව ද මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණ.

එම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පමුණුගම ජා-ඇල වෙරළබඩ ප්‍රදේශය භාර ප්‍රධාන පියතුමා වන ගරු සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා ප්‍රශ්න කර සිටින්නේ, මෙම සිදුවීම්වල වගකීම භාරගන්නේ කවුරුන් ද යන්නයි.

”දැන් මේ ප්‍රදේශය සංචාරක කලාපයක්. බියට පත්වෙලා සංචාරකයින් ලංකාවට එයිද මේ තත්ත්වයක් මත. මේ සියල්ල එකට ඈදෙනවා මේ ප්‍රශ්නය මධ්‍යයේ. කවුද මේ වගකීම භාරගන්නේ රජයේ. අපි කාටද මේ ගැන කියන්නේ. ඊට පස්සේ හැන්දෑ වෙනකොට උස්වැටකෙයියාව මුරපොළෙන් ඇවිත් සමාව ඉල්ලීමක් කළා. මේ සම්බන්ධයෙන් එතකොට උදේ ඇවිත් කියනවා හවස පහරදීමක් තියනවා කියලා. දැන් හවස ඇවිත් කියනවා ඒක වැරදීමක් කියලා. නාවික හමුදාපති හවස්වරුවේ කතා කරලා සමාව ඉල්ලලා තියනවා. කාදිනල් හිමිපාණන්ගෙන් සමාව ඉල්ලලා තියනවා මේ සම්බන්ධයෙන්.ඉදිරියට දැන් නත්තල් සමය ඉස්සරහට එන්නේ සංචාක ව්‍යාපාරය මේ භිතියත් එක්ක මේකෙන් බලපෑමක් තියෙනවා” -නිව්ස් ෆස්ට්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උදේ ඇවිත් කියනවා පල්ලියට පහරදීමක් තියනවා කියලා... හවස ඇවිත් කියනවා ඒක වැරදීමක් කියලා -සාගර හෙට්ටිආරච්චි පියතුමා
උදේ ඇවිත් කියනවා පල්ලියට පහරදීමක් තියනවා කියලා... හවස ඇවිත් කියනවා ඒක වැරදීමක් කියලා -සාගර හෙට්ටිආරච්චි පියතුමා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ZI0j-sQHIW5dV15W74xDuubR7_bVjyuQ3rg7UlpV_Llu7p-SWWVA13ZjG6wPzUp8rmjLvAiiAcmVubp3wmF89FjC49AJyzcUK2OdnwRbSVPYkMz_oI3Z64tTxfPyM7drr9xc22KTnO1K/w320-h166/navy-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ZI0j-sQHIW5dV15W74xDuubR7_bVjyuQ3rg7UlpV_Llu7p-SWWVA13ZjG6wPzUp8rmjLvAiiAcmVubp3wmF89FjC49AJyzcUK2OdnwRbSVPYkMz_oI3Z64tTxfPyM7drr9xc22KTnO1K/s72-w320-c-h166/navy-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_917.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_917.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy