දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මවුන්ජින්වත්තේ මැණික් උස්සන්න බලවත්තු යකා නටති.. ප‍්‍රබල දේශපාලඥයන් දෙදෙනෙක්.. අයෙක් මෑතක පුවත් මැවුවෙක්…
Homeප්‍රවෘත්ති

මවුන්ජින්වත්තේ මැණික් උස්සන්න බලවත්තු යකා නටති.. ප‍්‍රබල දේශපාලඥයන් දෙදෙනෙක්.. අයෙක් මෑතක පුවත් මැවුවෙක්…

PropellerAds

නුවරඑළිය වටවල ‘මවුන්ජින් වත්තේ’ රජය සතු ඉඩමක බලපත‍්‍ර සහිතව මැණික් ගැරීමට අවසර ලබාදී තිබියදී පිටස්තර බලවතුන් පිරිසක් එම ස්ථානයට කඩාවැදී මැ...

නුවරඑළිය වටවල ‘මවුන්ජින් වත්තේ’ රජය සතු ඉඩමක බලපත‍්‍ර සහිතව මැණික් ගැරීමට අවසර ලබාදී තිබියදී පිටස්තර බලවතුන් පිරිසක් එම ස්ථානයට කඩාවැදී මැණික් ගරන්නට වීමත් සමග උණුසුම් තත්ත්වයක් උද්ගතවී තිබේ.

බලපත‍්‍ර ලබාගත් පර්චස් 40 ක කොටස වැට මායිම් ගසා වෙන්කර තබාගෙන ඔවුන් අක්කර 5 ක පමණ මුළු භූමියේම මැණික් කැණීමේ ජාවාරම දිවා රාති‍්‍ර සිදුකරමින් සිටියදී පසුගිය සිකුරාදා රාති‍්‍ර ප‍්‍රදේශවාසීන් විසින් එම භූමිය ආක‍්‍රමණය කර මැණික් ගරමින් සිටි කිහිප දෙනකු අල්ලාගෙන ඇත.

ගම්වාසීන්ගේ ග‍්‍රහණයට පත්වූ කිහිප දෙනා ප‍්‍රබල දේශපාලකයන් දෙදෙනකුගේ නම් පවසමින් ගම්වාසීන්ට තර්ජනය කර නීතිය හමුවට යෑම වළක්වා ගෙන ඇත. පසුව මේ සම්බන්ධයෙන් ගම්වාසීන් විරෝධතාවයක් දැක් වුවත් තර්ජනය හමුවේ විරෝධතාකරුවන්ට බසුබැසීමට සිදුවී ඇත. මින් එක් ප‍්‍රබලයකු මෑත කාලයේ මහත් ආන්දෝලනාත්මක සිද්ධියකට මුහුණ පෑ අයෙකි. ඔවුන්ට විරුද්ධව තවත් කොළඹ ප‍්‍රබලයකුගේ පිරිසක් මේ සිද්ධියට මැදිහත් වී සිටින අතර මේ දෙපාර්ශ්වය අතර ආරවුලක්ද සිදුවී ඇතැයි දැනගන්නට තිබේ.

මෙම ව්‍යාපෘතිය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ප‍්‍රජා මූල සමිතිය ඒකාබද්ධව කරගෙන යෑමට බලපත‍්‍ර ලබාගෙන සිටියදී එක් පිරිසක් බලහත්කාරයෙන් මැණික් ගැරීමේ යෙදී සිටින බවට කොළඹ ප‍්‍රබලයාට දැනගැනීමට ලැබී ඇත. ඒ අනුව ඔහුගේ උපදෙස් මත එම ස්ථානයට නිලධාරියකු යැවීමත් සමග මෙම ආරවුල සිදුවී ඇත.

අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ කිසිදු අනුමැතියකින් තොරව කි‍්‍රයාත්මක වන මෙම ජාවාරමට ප‍්‍රාදේශීය සභාව දැඩි විරෝධය ඉදිරිපත් වුවද එම විරෝධතා සැලකිල්ලට නොගෙන ජාවාරම සිදුකරගෙන යන බව සෙනෙහස සංවිධානයේ ලාල් ආනන්ද මහතා පවසයි.

සමෘද්ධි අධිකාරිය යටතේ කි‍්‍රයාත්මක වන සමෘද්ධි ප‍්‍රජා මූල සමිතියක අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීම හා රාජ්‍ය ආදායම අරමුණු කර ගනිමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය දේශපාලන බලපුළුවන්කාරකම් හමුවේ රාජ්‍ය දේපළ නෛතික ක‍්‍රමවේදයෙන් බැහැරව පිටස්තර පුද්ගලයන් අතට පත්වීමට ප‍්‍රදේශවාසීන් දැඩි විරෝධය දක්වන බවද ආනන්ද මහතා ප‍්‍රකාශ කර සිටියේය.

මේ සම්බන්ධයෙන් අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජයසංක පෙරේරා මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ පැවැසීය.

මේ ස්ථානයේ විශාල පරිසර විනාශයක් සිදුවෙනවා. මේ ව්‍යාපෘතිය නීති විරෝධීයි. මම අහන්නේ ප‍්‍රාදේශීය සභාවේ අවසරය නැතිව කොහොමද පරිසර බලපත‍්‍රය දෙන්නේ? මේකට පරිසර බලපත‍්‍රයක් දීලා තියෙනවා. පරිසර බලපත‍්‍රය ගන්න ආයතන කීපයක අනුමැතිය අවශ්‍යයි. මම අහන්නේ මේ පරිසර බලපත‍්‍රය කොහොමද ගත්තේ කියලයි?

අඹගමුව කියන්නේ් නිතර නාය යෑම්වලට ලක්වන ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනය විසින් රතු කලාපයක් ලෙස නම්කර තිබෙන ප‍්‍රදේශයක්. මේ විනාශය කරන ඉඩමට උඩින් කොළඹ, බදුල්ල දුම්රිය මාර්ගය තිබෙනවා. නිසි පරිසර අධ්‍යයනයකින් තොරව මෙය සිදුකරගෙන යන නිසා දුම්රිය මාර්ගයද අවදානමට ලක්වෙලා. මේ ව්‍යාපෘතිය සිදුකරන ස්ථානයට පහළින් කුඩා විදුලි බලාගාර කිහිපයක් තියෙනවා. ඒ බලාගාරවල යන්ත‍්‍ර සූත‍්‍රවල මඩ රැුඳෙනවා කියලා ඒ අය පැමිණිලි කරනවා.

මේ අය කරනනේ උදේ ඉඳලා සවස 6.00 වෙනකම් ඉල්ලම් පස් එකතු කරලා සවස 6.00 න් පසු මහවැලි ගෙඟන් සෝදනවා. සවස 6.00 න් පසු මේවා කරන්න තහනම්. මේ ජාවාරම නවත්වන්න ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යනවා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා-

මේ ව්‍යාපෘතිය නීත්‍යනුකූලයි. අවසර ගත යුතු රාජ්‍ය ආයතන 10 ක පමණ අනුමැතිය ඇතිවයි කරල තියෙන්නේ. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අයත් ඇමැතිවරයා යම් ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා නම් එය කි‍්‍රයාත්මක කිරීමට අපේ අධිකාරිය බැඳී සිටිනවා. මෙවැනි ව්‍යාපෘතියක් සිදුකරන්න අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ අනුමැතිය අවශ්‍ය වන්නේ නැහැ.

වසර 15 ක පමණ සිට මේ ව්‍යාපෘතිය කර ගැනීමට නොහැකිව තිබුණ එකක්. ඒක මගේ නායකත්වය ඇතුව කරන්න ලැබීම සතුටක්. මේකෙන් රජයට මෙන්ම ප‍්‍රදේශවාසීන්ට ප‍්‍රතිලාභ ලැබෙනවා.

චමින්ද සිල්වා
– Divaina
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මවුන්ජින්වත්තේ මැණික් උස්සන්න බලවත්තු යකා නටති.. ප‍්‍රබල දේශපාලඥයන් දෙදෙනෙක්.. අයෙක් මෑතක පුවත් මැවුවෙක්…
මවුන්ජින්වත්තේ මැණික් උස්සන්න බලවත්තු යකා නටති.. ප‍්‍රබල දේශපාලඥයන් දෙදෙනෙක්.. අයෙක් මෑතක පුවත් මැවුවෙක්…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjLE0gT_Mzy5wMvllu3RiZIqTh2pKjcdhvlw3zD_Gp8_4EUGg368gwQ5Rsb3xDbhhiRzr9yJJ53RpEI2_YNA_CFeqOAVC51Aqp6LR0CPNsSvG7hHYl3DboM4Ct946bxHzKpRKzSKkI2Pz4/s320/lohaan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjLE0gT_Mzy5wMvllu3RiZIqTh2pKjcdhvlw3zD_Gp8_4EUGg368gwQ5Rsb3xDbhhiRzr9yJJ53RpEI2_YNA_CFeqOAVC51Aqp6LR0CPNsSvG7hHYl3DboM4Ct946bxHzKpRKzSKkI2Pz4/s72-c/lohaan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_675.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_675.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy