දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි - ඥානසාර හිමිගෙන් ප‍්‍රහාරයක්!
Homeප්‍රවෘත්ති

නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි - ඥානසාර හිමිගෙන් ප‍්‍රහාරයක්!

PropellerAds

පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානය විවේචනය කල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිට පූජ්‍ය ගලගොඩඅත...

සජිත්ගේ මව හේමා දුරකතකනයෙන් රනිල් අමතයි.. සජිත් ගැන සහතිකයක් දෙයි !
සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළු 12ක් රිමාන්ඩ්
duminda dissanayake
පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානය විවේචනය කල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් විවෘත ලිපියක් යොමු කර ඇත.

අදාල ලිපිය මෙහි දැක්වෙයි.

2021 සැප්තැම්බර් 06

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිට යැවෙන විවෘත ලිපියයි.

“නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි”

සමගි ජන බලවේගයේ හෙක්ටර් අප්පුහාමි කියලා මන්ත්‍රී කෙනෙක් එකපාරටම නින්දෙන් ඇහැරලා වගේ ඇවිල්ලා අපිට ඇඟිල්ල දිග් කරලා තියෙනවා. බොදු බල සේනා සංවිධානය මේ වගේ කුණු ගොඩවල් අවුස්සන්නේ නැති වුවත් බබ්බු වෙන්න හදන අප්පුහාමිලාට පිළිතුරු ලබා දිය යුතුයැයි හිතනවා.

අප්පුහාමි පලවෙනි කාරණය විදිහට කියනවා,
– අපි කියනවා ඥානසාර ස්වාමින් වහන්සේට පාස්කු ප්‍රහාරය පුංචි දෙයක් කියලා සැහැල්ලුවට ගන්න එපාලු
– ඒක ජාතිවාදී විදිහට සලකන්න එපා.
– හැගීම්බර මිනිස්සු තමයි කියන්නේ ඒකට සාධාරණය ඉෂ්ඨ කරන්න කියලා.

යහපාලන ආණ්ඩුවේ බකන් නිලාගෙන හිටපු අප්පුහාමි මට කියලා දෙන්න එනවා පාස්කු ප්‍රහාරය පුංචි දෙයක් නෙවෙයි කියලා.
පුංචි දෙයක් නොවෙන නිසා තමයි අවුරුදු ගානක් තිස්සේ මෙහෙම විනාශයක් වෙන්න යනවා කියලා කෑ ගහලා ජාතියට කිවුවේ. අපි අපේ යුතුකම ඉෂ්ඨ කළා. අප්පුහමිලා ඒ කාලේ මොකද කලේ? අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි පෝෂණය කරපු එක. ඔය කියන අන්තවාදී කල්ලි සේරම එකතු කරගෙන 2015 අවුරුද්දේ යහපාලන රජය හැදුවා. ඊට පස්සේ යහපාලන රජය ත්‍රස්තවාදීන්ට වැඩෙන්න උදව් කළා. අප්පුහමිලා ඒවාට විරුද්ධ වුනාද? දැන් එනවා කිඹුල් කඳුළු හලන්න. පාස්කු ත්‍රස්තවාදීන්ට හැදෙන්න වැඩෙන්න තඹ දුන්නේ කවුද? යහපාලන ඇමතිලා. ත්‍රස්තවාදීන්ට මුදල් පොම්ප කරපු කටාර් ෆන්ඩ් කොළඹ කාර්යාලය විවෘත කලේ දැන් සමගි ජන බලවේගයේ අප්පුහාමිගේ නායකයා සජිත් ප්‍රේමදාස. ඒ දවස්වල ත්‍රස්තවාදීන්ට වැඩෙන්න පහසුකම් සපයලා දැන් එනවා මෙතන කිඹුල් කඳුළු හෙලන්න.

මේ ත්‍රස්තවාදීන්ට තිබුන ලොකුම බාදක ටික යහපාලකයින් ලවා නිහඩ කළා. හකීම්, බදුර්දීන්, අසාද් සාලි, මුජුබර් පොලීසිවලට ගිහිල්ලා ඉහල පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන තත්වයට ආරක්ෂක අංශවල කොඳු කැඩුවා. අපිව හිරේ දාලා ත්‍රස්තවාදීන්ට වැඩෙන්න අවස්ථාව ලබා දෙන්න වැඩ කලේ දැන් මොකුත් දන්නේ නෑ වගේ ඉන්න සමගි ජන බලවේගයේ එවක ඇමතිලා.

අප්පුහාමි ඒ කාලේ ඒවාට විරුද්ධ වුනාද?

ඊළඟට මේ අප්පුහාමි කියනවා
– ඥානසාර හිමි කතා කරනවා මේ තලේබාන් ගැන.
– උන්වහන්සේ කතා කරනවා මේ බටහිර හස්තයක් ගැන.
– ඔබවහන්සේ මේ රටට ආදරේ කියලා කියනවානම් වහාම ගිහිල්ලා කියන්න මේ කතාව CID එකට. මේ ගොල්ලෝ තමයි නිර්මාතෘවරු මේ අය තමයි මේ දේ කලේ කියලා.

අප්පුහමිලාගේ පක්ෂයේ කට්ටියට ගමේ කියමනක් තියෙනවා “කනවැන්දුම් ගෑනු වගේ” කියලා. අන්න ඒ වගේ තැන තැන කට කියව කියව ගිහින්, CID එකට ගෙන්නලා විස්තර ඉල්ලුවාහම හිවල් රැලක් වගේ බයෙන් රොත්ත පිටින් CID එකට ගිහිං ලජ්ජා නැතුව සමාවත් අරගෙන එලියට ඇවිල්ලා ගියපු හැටි අපි පහුගිය කාලයේ දැක්කා.

අප්පුහාමි දන්නේ නැත්නම් යහපාලන පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් අහගන්න. අපි සංවිධානයක් විදිහට “ISIS පන්නයේ ත්‍රස්තවාදී තර්ජන හා ISIS වැනි ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ද විය හැකි සංවිධාන ගැන පැමිණිලි කිරීම” මැයෙන් 2016 ජුලි 5 වනදා එවකට යහපාලන පොලීසියට පැමිණිලි කරලා තිබෙනවා මේ තර්ජන ගැන.දෙයක් වුනාට පස්සේ හොටු පෙරාගෙන අඬන අප්පුහමිලා වගේ නොවෙයි. අපි දුර දිග බලලා අවශ්‍ය තොරතුරු ආරක්ෂක අංශවලට ලබා දීලා තිබෙනවා. අප්පුහාමිලාගේ පක්ෂයේ ජේෂ්ඨයෝ ඒ වගේ තත්වයක හිටියට අපි අපේ වචනයක් ගානේ වග කියනවා. අපි කතා කරන්නේ සාක්ෂි සාධක මතම පදනම් වී පමණයි.

මේ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාර නතර කරන ක්‍රමය ගැන අප්පුහාමි අබමල් රේණුවකවත් නොදන්නා පුස් මිනිහෙක් කියලා මේ කතාවෙන් හොඳින්ම වටහා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය අන්තවාදී තත්වයට පත්වීමට මේ විදේශීය ත්‍රස්ත සංවිධානවල බලපෑම තිබෙනවා යැයි කියන මුලික කරුණාවත් අප්පුහාමි දැනගෙන නොසිට අපිට ඇගිල්ල දිගුකිරීම ඉතාමත් හාත්ස්‍ය ජනකයි. 1990 දශකයේ ශ්‍රී ලංකාවේ ජමාතේ ඉස්ලාම් සන්විධනාය ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට තම සාමාජිකයන් යැවූ බවට ජීවමාන සාක්ෂිය ලෙස ජමාතේ ඉස්ලාම් නදීර් මවුලවි අදටත් ජීවත්ව සිටින බව අප්පුහමිලා දැනගෙන නොසිටීම ගැන මේ අඳ බොළඳ ප්‍රකශ කිරීම නිසා පුදුම වන්නට ද කාරණයක් නැත.

ඒ කියන ජමාතේ ඉස්ලාම් නායකයා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්තහම ඔහුව බේරාගන්න වැඩකලෙත් යහපාලන අප්පුහාමිගේ පක්ෂයේ සගයෝ කියන එක දන්නේ නැත්නම් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් හම්බවෙලා ඒක අහගන්න. ඒ වගේම අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බාර් නිදහස් කරලා යවන තත්වයට ආරක්ෂක අංශවලට බලපෑම් කලේ කවුද යන්නත් අහලා බලන්න.

අප්පුහාමි දන්නේ නැතිවුනාට අපි අවුරුදු ගානක් තිස්සේ ආරක්ෂක අංශවලට මෙන්ම බුද්ධි අංශවලට අවශ්‍ය තොරතුරු ලබා දී තිබෙනවා. අප්පුහාමිලාගේ ආණ්ඩුව වෙච්ච යහපාලනය කාලේ බුද්ධි අංශ විනශ කරනකොට අප්පුහාමි නිදාගෙන ද හිටියේ? බුද්ධි අංශ සුනු විසුනු කරද්දී අපි බැරිම තැන අධිකරණයෙන් ඉල්ලීම් කරා බුද්ධි අංශවලට මෙහෙම කරන්න එපා, ජාතික ආරක්ෂාව විනාශ කරන්න එපා කියලා.. එහෙම කරද්දී අපිව අල්ලලා අවුරුදු 6කට හිරේ දැම්මා. බුද්ධි අංශ විනාශ කරලා පාස්කු ප්‍රහාරයට පාර කපලා දුන්නේ අප්පුහාමිගේ යහපාලන නායකයන් කියලා මතක් කර දිය යුතුමයි.

තබ්ලිග් මතධාරී තලේබාන් සංවිධානය ගැන කතාකරද්දී අප්පුහාමි අපිට ඇඟිල්ල දිගු කරන්නේ ඉතුරුවෙලා ඉන්න අන්තවාදීන්ගේ කොන්ත්‍රාත් තවමත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ලවා ඉෂ්ඨ කරගන්නා නිසාදැයි අපි අනිවාර්යයෙන්ම ප්‍රශ්න කල යුතුයි.

මේ අප්පුහාමි ඉස්ලාම් අන්තවාදය ගැන නොදැන මට ඇගිල්ල දිගුකර සිදුකල ප්‍රකාශයට අපි අනුකම්පා කළා කියමුකෝ නමුත් මේ දේශපලනයේ ඉන්න, මන්ත්‍රී කෙනෙක් වෙච්ච අප්පුහාමි දේශපාලනයත් දන්නේ නෑ නේ.

අප්පුහාමි මීළඟට කියනවා,
– ඥානසාර හිමියනේ මේ රටේ ජාතිවාදය ගොඩනගන්න හදන්න එපා තවදුරටත්.
– මින් පස්සේ ජාතිය ආගම පාවිච්චි කරලා කිසි කෙනෙකුට දේශපාලනය කරන්න බෑ.
– ඥානසාර හිමියන් කට වහගෙන හිටියා පුත්තලමේ තරාදිය කියලා එක පක්ෂයක් නිර්මාණය කරලා සම්පුර්ණ මුස්ලිම් නියෝජිතයෝ විතරක් එහෙම නැත්නම් අපේක්ෂකයෝ විතරක් ඉදිරිපත් කරලා සිංහලයන්ට චන්දෙ දෙන්න එපා කියලා වැඩසටහනක් කරලා මන්ත්‍රීධුරයක් අරගෙන මන්ත්‍රී කෙනෙක් ආවා. ඒ මන්ත්‍රී ජාතිවාදී විදිහට ආවේ කියලා අපි ඇඟිල්ල දිග් කරනවා. ඒ මන්ත්‍රී අද ඉන්නේ කොහෙද පොහොට්ටුවේ මේ ආණ්ඩුව අස්සේ සංවිධායකයෙක් විදිහට ඉන්නේ. එතකොට ඒ පක්ෂේ නිර්මාණය කරලා තියෙන්නේ පොහොට්ටුවමයි. එවැනි කටයුතු කලේ මේ ජාතිවාදය ආගම්වාදය අවුස්සලා.

මේකෙන් පස්සේ අප්පුහාමිගේ සදාදරණිය නායකයා සජිත් ප්‍රේමදාස කියයි “නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි” කියලා. මොකද ඔය කියන “තරාදිය” ලකුණෙන් පුත්තලමේ තරග කල සන්ධානය හැදුවේ පුතානෝ ජනාධිපති කරන්න අගසව්වන් වගේ දෙපැත්තෙන් හිටගෙන කටයුතු කරපු රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් දෙන්නයි. මේ ප්‍රසිද්ධ ප්‍රකාශය කරන්න පෙර අප්පුහාමිට තිබ්බා ජාතිවාදය අවුස්සලා මේ සන්ධානය හදපු හැටි සිය නායකයා වන සජිත් ප්‍රේමදාසගෙන් අහ ගන්න. එහෙම නොකර අප්පුහාමි “හරකෙක් වගේ” තප්පුලපු නිසා මේ සන්ධානයට මූලික වුන ඉතිහාසය මම කියලා දෙන්නම්.

ඔය කියන “තරාදිය” ලකුණෙන් තරඟ කල පක්ෂයේ නම තමයි “මුස්ලිම් ජාතික සන්ධානය” කියන්නේ. මේ පක්ෂය “මුස්ලිම් ජාතික සන්ධානය” වෙන්න පෙර නම තමයි “ශ්‍රී ලංකා මුස්ලිම් කච්චි” කියන්නේ. 1990 දශකයේ අශ්රොෆ්ගෙන් වෙන්වුණු සේගු ඉසඩීන් සහ අබ්දුල් රසුල් තමයි පක්ෂය හදන්න මුලික වුන දෙන්නා.

ඊට පස්සේ මේ පක්ෂය ගත්ත කෙනා තමයි, යහපාලන හයිය අරගෙන නාවික හමුදා නිලධාරියෙකුට පාර්ට් එක දැම්ම නසීර් අහමඩ්. ඒ කාලයේ අප්පුහමිලාගේ නායකයෝ නසීර් අහමඩ්ලා ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කර කර හිටියේ. මම හිතන්නේ අප්පුහමි ඒ කාලේ ඉන්න ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ හෝ සජිත් ප්‍රේමදාසගේ මේස අස්සේ වෙන්න ඇති. පස්සේ නසීර් අහමඩ් පසුගිය මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ එක අගසව්වෙක් වෙන රවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් වුනා. ඒ නිසා අප්පුහාමි… නසීර් අහමඩ්ට සිද්ධ වුනා පක්ෂයෙන් අයින් වෙලා මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකත්වය ගන්න. ඒ නිසා මේ “තරාදිය” පක්ෂයේ ලේකම් ලෙස පත් කලේ හකීම්ගේ මස්සිනා වන නයිමුල්ලාට පක්ෂය බාර දෙන්න නසීර් ක්‍රියා කළා.

පස්සේ පුත්තලම් දිස්ත්‍රික්කයට තරග කිරීම සඳහා අප්පුහාමි කියන විදිහට ජාතිවාදී සන්ධානයට හකීම් සහ බදුර්දීන් එකතුවුනා. හකීම් පාර්ශවයෙන් අනතුරකින් මියගිය ෆායිස් ඉදිරිපත් කළා. රිෂාඩ් පාර්ශවයෙන් අලි ශබ්රි රහීම් ඉදිරිපත් කළා. ඒ දෙන්නව ඉදිරිපත් කරලා හකීම් සහ රිෂාඩ් අප්පුහාමිලා එක්ක සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වුනා. එතකොට කවුද මේ කියන “තරාදිය” ජාතිවාදී සන්ධානය හදලා තියෙන්නේ. අප්පුහාමිගේ නායකයෝ නේද?

මේවා නොදැන ඉන්න අප්පුහාමි තොත්ත බබෙක්ද? අප්පුහාමි ඔබගේ නායකයා සජිත් ප්‍රේමදාස පහුගිය ජනාධිපතිවරණයේ ලං කරගෙන හිටිය අය තමයි සැබෑ ත්‍රස්තවාදියෝ… සැබෑ අන්තවදියෝ… එදා ත්‍රස්තවාදීන්ට තඹ දුන්න යහපාලන ඇමති රිෂාඩ් වෙනුවෙන් අදත් පෙනී ඉන්නේ ඔබගේ පක්ෂයේ ජේෂ්ඨයෝ…

ලැජ්ජාවක් තියෙනවානම්, තමුන් මේ රටට සැබෑවටම ආදරේ කරනවානම්, අප්පුහාමි… ඔය ත්‍රස්තවාදීන්ට පහසුකම් සපයන පක්ෂයෙන් ඉවත් වෙලා ස්වාදීන වෙන්න.

තෙරුවන් සරණයි…!!!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි,
මහලේකම්
බොදු බල සේනා


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි - ඥානසාර හිමිගෙන් ප‍්‍රහාරයක්!
නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි - ඥානසාර හිමිගෙන් ප‍්‍රහාරයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgb6cVdFSA54boWsBPzgjAhLFtGrIsvpYaa_rLJxdMsGH4HB2VnPJI5ZP1eLfD4nxdBT-7zQQxxd5pDWLMS5awx7524cG6HOYpivmU_GrsS6hzz0P7SCXgV53BO7tpcu8WuGxbcxCBz2gwQ/s320/gnanasara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgb6cVdFSA54boWsBPzgjAhLFtGrIsvpYaa_rLJxdMsGH4HB2VnPJI5ZP1eLfD4nxdBT-7zQQxxd5pDWLMS5awx7524cG6HOYpivmU_GrsS6hzz0P7SCXgV53BO7tpcu8WuGxbcxCBz2gwQ/s72-c/gnanasara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy