දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වරාය කෝටි සිය ගණනක් වටිනා ඉඩම් අක්කර 13ක් චීනයට..
Homeප්‍රවෘත්ති

වරාය කෝටි සිය ගණනක් වටිනා ඉඩම් අක්කර 13ක් චීනයට..

PropellerAds

වරාය අධිකාරිය සතු රුපියල් කෝටි සිය ගණනක් වටිනා ඉඩම් අක්කර 13ක් සේවා සැපයුම් මධ්‍යස්ථානයක් (ගුදම් සංකීර්ණයක්) පිහිටුවීම සඳහා විධිමත් ටෙන්ඩර...

මේ රටට වින කරන දේවානි ජයතිලකලා එලවා දැමිය යුතුයි.. ඔවුන් රටට වින කරනවා..- ඇමති ලන්සා (video)
සීනි වංචාව, පරිසර විනාශය වැනි වැඩ හේතුවෙන් ජනතාව දැඩි කම්පාවෙන්.. රජය කියන දේවල් පිලිගන්න බෑ - ඇල්ලේ ගුණවංශ හිමි
මේ ආණ්ඩුවට ඡන්දය දුන් 69 ලක්‍ෂයම අද ලැජ්ජාවෙන් - කරු ජයසූරිය
වරාය අධිකාරිය සතු රුපියල් කෝටි සිය ගණනක් වටිනා ඉඩම් අක්කර 13ක් සේවා සැපයුම් මධ්‍යස්ථානයක් (ගුදම් සංකීර්ණයක්) පිහිටුවීම සඳහා විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව චීන සමාගමකට පැවරීමට තීන්දු කිරීම බරපතළ වංචා සහගත කටයුත්තක් බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා කීය.

කොළඹ පෝට්සිටි ඉඩම් සංකීර්ණයටත් වඩා වාණිජ වටිනාකමක් ඇති මෙම ඉඩම අදාළ චීන සමාගමට පැවරීමට යන්නේ අක්කරයක් වසරකට රුපියල් අට ලක්ෂ පනස් දහසක් වැනි සොච්චම් මුදලකටය. තමන්ගේ දැනීමේ හැටියට මෙම ප්‍රදේශයේ පර්චසයක වටිනාකම රුපියල් කෝටි 30 ඉක්මවා ඇතැයිද ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

වසර 2005 දී ටෝකියෝ සිමෙන්ති සමාගමට මේ ආකාරයටම වරායේ ඉඩමක් පවරා දී ඇති අතර එහි අක්කර 1යි පර්චස් 11ක් වෙනුවෙන් අදාළ සමාගම එදා ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 30කි. එය රුපියල් අට ලක්ෂ පනස් දහස දක්වා අද වන විට අඩුවීම මෙම වංචනික ගනුදෙනුවේ ස්වභාවය පෙන්වා දෙන බවද නිරෝෂන් ගොරකානගේ මහතා සඳහන් කළේය.
මෙලෙස වරාය සතු ඉඩමක් කුණුකොල්ලයට විදේශ සමාගමකට පැවරීමෙන් වරාය සේවකයන් 650කගේ පමණ රැකියා අවදානමට ලක්වන බව ඔහු කීය.

රජයේ ප්‍රධාන තක්සේරුකරුගෙන් විධිමත් තක්සේරු වාර්තාවක් පවා ලබා නොගෙන අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වා මෙම ව්‍යාපෘතිය අනුමත කරගෙන ඇති බව ප්‍රකාශ කළ හෙතෙම තිස් පස් වසරක් සඳහා මෙම ඉඩම බදු දීමෙන් ලැබෙන රුපියල් කෝටි 280ක මුදල එම පරිශ්‍රයේ දැනට කෙරෙන සේවාවලින් වසරක් තුළ උපයන බවද පැවසුවේය. ඒ නිසා මෙම වංචනික ගනුදෙනුව වැළැක්වීම පිණිස ඉදිරියේදී වරායේ සියලු වෘත්තීය සංගම් එක්ව දැඩි සටනක් දියත් කරන බවද ඔහු අවසන් වශයෙන් අවධාරණය කළේය.

– දේශය පුවත්පතෙනි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වරාය කෝටි සිය ගණනක් වටිනා ඉඩම් අක්කර 13ක් චීනයට..
වරාය කෝටි සිය ගණනක් වටිනා ඉඩම් අක්කර 13ක් චීනයට..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEht5eamW7jWuTq6wMGkwvzPJbHTyLe38sVsiyGDL8MCN8ZRqWUk-AjAN68_qzZ6SSnP3cv7wVzERCF6ZnOvmHxP45eQZVRNEzFknFMn_nkRkfhmar3SUPeYjwMK37xGagWiJ-2l5RJ03Tet/s320/popo.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEht5eamW7jWuTq6wMGkwvzPJbHTyLe38sVsiyGDL8MCN8ZRqWUk-AjAN68_qzZ6SSnP3cv7wVzERCF6ZnOvmHxP45eQZVRNEzFknFMn_nkRkfhmar3SUPeYjwMK37xGagWiJ-2l5RJ03Tet/s72-c/popo.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy