දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ වරායේ අක්කර 13ක් චීනයට දීම වහා නවතනු - වරාය-තෙල්-විදුලිය ඒකාබද්ධ වර්ජනයකට සැරසෙයි (video)
Homeප්‍රවෘත්ති

කොළඹ වරායේ අක්කර 13ක් චීනයට දීම වහා නවතනු - වරාය-තෙල්-විදුලිය ඒකාබද්ධ වර්ජනයකට සැරසෙයි (video)

PropellerAds

කොළඹ වරායේ අක්කර 13 ක ඉඩම දකුණු ආසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානය නමින් හවුල් ආයෝජන ව්‍යපෘතියක් සඳහා චීන සමාගමකට පැවරීමට ඉදිරිපත් කළ කැබිනට...

කොළඹ වරායේ අක්කර 13 ක ඉඩම දකුණු ආසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානය නමින් හවුල් ආයෝජන ව්‍යපෘතියක් සඳහා චීන සමාගමකට පැවරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව වහා අහෝසි කරන ලෙසත් රටේ සම්පත් විකිණීම වහා නතර කරන ලෙසත් ජාතික සම්පත් විකිණීමට එරහි විදුලි බල, ඛණිජ තෙල් හා වරාය වෘත්තීය සමිති අද ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කළේ ය.
ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසන්නේ, මෙය පරාජය කිරීම වෙනුවෙන් ඇති අවසන් ක්‍රියාමාර්ගය වර්ජන ක්‍රියාමාර්ගයකට පිවිසීම බවයි.

”තත්ත්වය ඉතාමත් දරුණුයි. හය වැනිදා කැබිනට් මණ්ඩලයේදි ගරු ජනාධිපති තුමා විසින් කැබිනට් අමාත්‍යවරුන්ට පවා කල් තියා දැනුම් නොදී. ලේකම් වරයාගෙන් ඒ මොහොතේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා, කැබිනට් ඇමතවරු ඒ කැබිනට් සාකච්ඡාවේ පඹයෝ බවට පත් කරලා. කලින් නොදන්වා පහුවදා උදේ බලනකොට කැබිනට් එක අනුමත කලායි කියලා කැබිනට් පත්‍රිකා දැන් අනුමත කරමින් යනවා. විදුලි උත්පාදනය කිරීම සඳහා ප්‍රධාන ප්‍රභවය බවට පත්වෙන්නේ එල්.එන්.ජී ගෑස්.. ඒ ඒකාධීකාරය ඇමරිකන් ෆේාට්රස් සමාගමට ලබාදීලා. අනෙක් පැත්තෙන් කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට විකුණලා. බල ශක්ති ක්ෂේත්‍රයේ මර්මස්ථානයක් විදියට අද විදුලි බල ක්ෂේත්‍රය අද ඇමරිකාව තමන් සතුකරගෙන තියෙනවා. ආණ්ඩුවේ පිහිටෙන්, ආණ්ඩුවේ කැමැත්තෙන්. මෙය පරාජය කිරීම වෙනුවෙන් අපට තියෙන්නේ අවසන්ම ක්‍රියාමාර්ගය.වර්ජන ක්‍රියාමාර්ගයක්. කෙරවලපිටියට මුට්ටිය දානවා. ඉතුරු බලාගාර ටිකටයි විදුලි බල ක්ෂේත්‍රයටයි හොඳම කෙලවිල්ල කෙලවන්න. ඉඩම් අක්කර 13ට මුට්ටිය දාලා බලනවා, වරාය සේවකයෝ ගන්න ක්‍රියාමාර්ග බලන්න”

ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ පවසන්නේ, වරාය අධිකාරිය කිසි දිනක මහා භාණ්ඩාගාරයට බරක් නොවුණ බවත් එය දෙකට නවා කවුරුන් හෝ ඉනේ ගහගන්න හදනවා නම්, ඊට එරෙහිවීමට වරාය වෘත්තීය සමිති පමණක් නොව විදුලිබල වෘත්තීය සමිති, ඛනිජ තෙල් වෘත්තීය සමිති තුනම අවදියෙන් සිටිනා බවයි.

”මහ බැංකුව හොරකම් කරපු කෙනෙක් ගෙනල්ලා මේ රට ගොඩගන්න යන්නේ මේ වගේ රත්තරන් බිම් කොටස් විකුණලාය කියලා මේ කට්ටිය හිතනවා නම් පොඩි මුලාවක්. අපි ආණ්ඩුවට කියනවා නැවතත්”

වසර 5කට බලයට පත්වන දේශපාලනඥයින්ට උප නූපන් පරම්පරාවන්ට හිමිවිය යුතු ජාතික සම්පත් පෞද්ගලික අංශයට පැවරීමේ බලයක් නැතැයි, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අවධාරණය කර සිටී.

එහි ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පවසන්නේ, කැබිනට් පත්‍රිකාව වහාම හකුලා නොගතහොත් හෙට දවසේ වරාය සේවකයින් පමණක් නොව විදුලි බල, තෙල් සංස්ථා සේවකයින් ද වරායේ ගේට්ටු අසලට රැස්වනු ඇති බවයි.

”අපි ආණ්ඩුවට කියනවා, රෝහිත අභයගුණවර්ධන අමාත්‍යවරයාට කියනවා, ඔබ බලයට පත් වෙන්නේ අවුරුදු පහකට. ඔබට අයිතියක් නැහැ උප නූපන් පරම්පරාවන්ට හිමිවිය යුතු මේ ජාතික සම්පත් පෞද්ගලික අංශයට පවරන්න . එක පැත්තකින් රටට ඩොලර් නැහැයි කියනවා අනෙක් පැත්තෙන් ඩොලර් එන පාර වහනවා. අපි සටන දියත් කරනවා මහත්වරුනේ, ඔබ මේ ගත්ත කැබිනට් පත්‍රිකාව වහාම හකුලා ගත්තේ නැති උනොත් එහෙම හෙට දවසේ වරාය පාරට බස්සනවා. වරාය සේවකයෝ පාරට බස්සනවා. වරාය සේවකයෝ විතරක් නෙමෙයි වරායේ ගේට්ටු ගාවට එන්නේ විදුලි බල සේවකයෝ එදාට වරායේ ගේට්ටුව ගාවට එනවා. තෙල් සංස්ථාවේ සේවකයෝ වරාය දොරටුව ගාවට එනවා. ඔබ කොවිඩ් වසංගතය වසන්තයක් කරගෙන මේ රටේ දේපළ විකුණද්දි අපි සූදානම් අපි මේ කොවිඩ් අස්සෙ තවදුරටත් යටවෙලා ඉන්න සූදානම් නැහැ. මේ කොවිඩ් අනතුර දරාගෙන අපි ජීවිත පසෙකින් තියලා මේ රටේ සම්පත් ටික රැකගැනීම සදහා අපි පෙරමුණ ගන්න මැදිහත් වෙන්න සූදානම් කියන පණිවිඩය අපි දෙනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා සූදානම් වෙන්න ඔබ.. මේ අපහසුතා ඔබ මේ ආයතන හරහා වෙන වැඩ වර්ජන තුළ, ඔබට අපහසුතාවයක් වෙනවා නම් එහි වගකීම මේ ආණ්ඩුව භාර ගත යුතුමයි. අපි වෘත්තිය සමිති විදියට ඒ වගකීම භාර ගන්නෙ නැහැ. අපි ආණ්ඩුවට කියනවා අපිව පාරට ගෙන්න ගන්න එපා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ කැබිනට් පත්‍රිකාව හකුලා ගන්න කියලා”

මේ අතර වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ, පර්යන්ත 5 කින් සහ අනාගතයේදී තව පර්යන්ත 3 කින් ගොඩනැගෙන ආසියාවේ ප්‍රබලම වරාය බවට පත්වෙන තැන මෙය බවයි.

”දැකලා නැතුව මන් දැක්කා කියනවා ලක්ෂ 8 ට පර්චස් එකක් දෙන්න යනවා කියලා. ලක්ෂ 8 ට දෙනවානම් සිමියුන් අයියාට එන්න කියලා මෙහේ විකුණනවානේ. ලංකාවේ ඉන්න සිමියොන් අයියාට හරි මාටින් අයියට හරි එන්න කියලා ලක්ෂ 8 යි කිව්වාම ඕන කෙනෙක් ගන්නවා. අමූලික බොරු. ජනතා විමුක්ති පෙරමුණ තරම් නහය උල් කරලා දිව අඹරලා කණ මිරිකලා ඕන තරම් බොරු කියන්න පුළුවන් ජාතියක් ඉන්නවා නම් ඒක තමයි ඒ ජාතිය. විදේශ ආයෝජන අපි ලංකාවට ආකර්ශනය කරගන්නවා. පර්යන්ත 5 කින් සහ අනාගතයේදී තව පර්යන්ත 3 කින් ගොඩනැගෙන ආසියාවේ ප්‍රභලම වරාය බවට පත්වෙන තැන. ඒකට අවශ්‍ය කරන ඒ සේවා මධ්‍යස්ථානය ජස්ටික් හබ් එකක් අපිට අත්‍යඅවශ්‍යයි. ඒ අවශ්‍යතාවය අපි පෞද්ගලික හා රජයේ හවුල් සහ අවුරුදු 35 කින් නැවත අපිට සීයයට සීයයම අපේ අයිතියට පැවරෙන සේවා මධ්‍යස්ථානයක් ගොඩ නැගෙනවා.”

සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර පවසන්නේ, මේ අක්කර 13 තුට්ටු දෙකට දීමට සූදානම් වන බවයි

”මේ අක්කර 13 දෙන්නේ තුට්ටු දෙකට. එතකොට මූලික ගෙවීම සත බින්දුවයි මේකෙ බද්ද විදිහට ගන්නෙ ලක්ෂ අටහාමාරයි මම හිතන්නේ අක්කර 13 දහතුනක් ලක්ෂ අටහමාරට කොළඹ වරායෙන් නෙවෙයි, බින්තැන්නේ එහෙම නැත්නම්  මහියංගනය පැත්තෙන් වත් ගන්න බැහැ. මේ ආණ්ඩුව කරන්නේ අපි නෙවෙයි ජිංපිං මහත්තයා ඒක නිසා ජිංපිං මහත්තයාගේ යුවෑන් ගත්ත මේ ආණ්ඩුවේ නියෝජිතවරු, මේ ජිංපිං මහත්තයාගේ යූ ඇන්වලට යට වෙලා ජිංපිං මහත්තයා කියන කියන දේවල් කරනවා. ඒකෙ මේ එකක් විතරයි මෙහෙ කොළඹ වරායේ වටිනා අක්කර 13 ක බිම් කඩ සී.අයි.සී.ටී සමාගමට දෙන්නෙ කියන එක බොහොම පැහැදිලිවම කියනවා ”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ වරායේ අක්කර 13ක් චීනයට දීම වහා නවතනු - වරාය-තෙල්-විදුලිය ඒකාබද්ධ වර්ජනයකට සැරසෙයි (video)
කොළඹ වරායේ අක්කර 13ක් චීනයට දීම වහා නවතනු - වරාය-තෙල්-විදුලිය ඒකාබද්ධ වර්ජනයකට සැරසෙයි (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixjhrO-_SuXIsy42ZmivfJ0SeSzFA0dMSnbCqoCTwWmQFwja7pjdJkHBwtuo4biM00lbzBoZ0tj4h7jVG-7AQJEu7aqpq6GNDHF0kH5Zu0XKy0QlOaT6Ym1cUCSMirXXzpEIpoJTCEl-4Z/s320/PORT-scaled.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixjhrO-_SuXIsy42ZmivfJ0SeSzFA0dMSnbCqoCTwWmQFwja7pjdJkHBwtuo4biM00lbzBoZ0tj4h7jVG-7AQJEu7aqpq6GNDHF0kH5Zu0XKy0QlOaT6Ym1cUCSMirXXzpEIpoJTCEl-4Z/s72-c/PORT-scaled.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/13-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/13-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy