අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලු මහේස්ත්‍රාත්වරුන් සම්මන්ත්‍රණයකට කැඳවා අධිකරණ තීන්දු ගැන කතාබහ කිරීමක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ...
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලු මහේස්ත්‍රාත්වරුන් සම්මන්ත්‍රණයකට කැඳවා අධිකරණ තීන්දු ගැන කතාබහ කිරීමක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් දිසානායක මහතා මෙසේ කීය.
පසුගිය 09 වැනි දා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වන සංජීව සෝමරත්න මහතාගේ අත්සනින් යුතුව 2021.08.13 වැනි දින පෙරවරු 9.30 සිට 1.00 දක්වා විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයක දේශන ශාලාවේ සියලුම මහේස්ත්‍රාත්වරුන් වෙනුවෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වෙන බව දැනුම්දී තිබෙනවා. එසේම ඉහත සම්මන්ත්‍රණය සඳහා සහභාගීවීම අනිවාර්ය බවත් එසේ සහභාගී නොවුනහොත් සේවා උසස්වීමවලදී වාර්ෂික වැටුප් වැඩි කිරීම්වලදි විදේශ පුහුණු කිරීම්වලට ද තෝරා ගැනීමේදී ඉහළ අධිකරණවලට උසස් කිරීමේදී ඒ පිළිබඳ සැලකිල්ලට ගන්නා බව එහි තුන්වැනි වගන්තියේ සඳහන් කරලා තියනවා.
මෙම සම්මන්ත්‍රණයේදී මහේස්ත්‍රාත්වරුන් අපේක්ෂාවෙන් සිටියේ මෙහිදී කොවිඩ් 19 තත්ත්වය මධ්‍යයේ රාජකාරී කිරීමේදී ඇති වී තිබෙන ගැටලුකාරි තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් සිදුවන බවටයි. කෙසේ වුවද වාර්තාවන අන්දමට අපි කවුරුත් දන්නවා අපේ මහේස්ත්‍රාත් අධිකරණ ගණනාවකදි පොලීසිය ගිහිල්ලා විවිධ කරුණු මත අත්අඩංගුවට අරගන රිමාන්ඩ් භාරයට පත් කරන්නයි කියලා ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරු එය ප්‍රතික්ෂේප කර තිබුණා. බෙහෝ අධිකරණවල. ඒ අධිකරණවල ස්වාධීනත්වය.
මේ ලබා දෙනු ලැබූ තීන්දු පිළිබඳව මෙම සකච්ඡාවෙදී ගරු කතානායකතුමනි සාකච්ඡා කොට තිබෙනවා. ඔබලා එවැනි ආකාරයේ තීන්දු ලබා දෙනවානම් ඔබලාගේ වෘත්තීමය ජීවිතයට බලපෑම් ඇති වෙනවා කියලා මේ කරුණු ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම අධිකරණ පද්ධතියේ ප්‍රධානතම වගකීම දරන්නා ඒ කියන්නේ වර්තමාන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු දේශකයින් කිහිප දෙනෙකු විසින් ව්‍යවස්ථාවේ තිබෙන විවිධ වගන්ති උපුටා දක්වමින් මෙන්න මේ අනුව අපිට කටයුතු කළ හැකිය, මේ අනුව රිමාන්ඩ් භාරයට පත් කළ හැකිය කියන කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා ලබාදී තිබෙන තීන්දු වැරදි බව ප්‍රකාශ කරලා තියනවා.
ගරු කතානායකතුමනි මෙවැනි අධිකරණ පද්ධතියක් මහේස්ත්‍රාතවරුන් මෙවැනි කරන බලපෑම් සාධාරණ ද යුක්ති සහගතද? කවර ප්‍රජාතන්ත්‍රවාදයද? කවර අධිකරණයේ ස්වාධිනත්වයක්ද? මේ අධිකරණයේ ස්වාධිනත්වයට බලහත්කාරයෙන් අත පෙවීමක් තමා මේ කරන්නේ. ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විධායකට අනුගත වන ලෙසට මහේස්ත්‍රාත්වරුන්ට සිදු කර ඇති මෙම බලපෑම් සහගත සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා අපි දැන ගන්න කැමති.
අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීන ලෙස ස්ථාපිත කරලා තියන ආයතනයක්. එම ආයතනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන්නේ ස්වාධීණ ලෙස. ඒ සඳහ බලපෑම් කිරීමට අධිකරණ අමාත්‍යවරයාට හා රජයට කිසිම හැකියාවක් නෑ. කරන්න බලාපොරොත්තුවකුත් නෑ. කිසිසේත්ම අපි කරලාත් නෑ. ඒ අනුව මේ ප්‍රශ්නයට උත්තර දෙන්නට ඕනා මේ සම්බන්ධයෙන් සිදු වෙලා තියෙන්නේ මොකක්ද? ඒ සම්බන්ධයෙන් මොකක්ද එතුමා කියන අකාරයෙන් දෙයක්ද වෙලා තියෙන්නේ තියන එක සම්බන්ධයෙන් සම්පූරණයෙන්ම තොරතුරු ලැබෙන්නට ඕනේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්. ඒ සඳහා අපි සති 2 කාලයක් ඉල්ලා සිටිනවා.

COMMENTS