දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ණය වුණාට මට දේපළ තියෙනවා.. ඇමතිකමක් තිබුණා නම් සල්ලි හම්බුවෙනවා, ඉතුරුත් වෙනවා - SB
Homeප්‍රවෘත්ති

ණය වුණාට මට දේපළ තියෙනවා.. ඇමතිකමක් තිබුණා නම් සල්ලි හම්බුවෙනවා, ඉතුරුත් වෙනවා - SB

PropellerAds

තමන්ගේ වැටුප කොවිඩ් මර්දනයට පරිත්‍යාග කළ නොහැකි බවටත් එය රුපියල් ලක්ෂ 300ක ණය මුදලක වාරිකයක් වශයෙන් සම්පූර්ණයෙන්ම කැපෙන බවටත් ශ්‍රී ලංකා ප...

සජිත් රනිල් හමුවේ දණින් වැටේ.. විශේෂ පණිවුඩයක් යවයි..
රාජපක්ෂලා එකට තියලා කෙලවලා දාන්න මට ලොකු ආශාවක් තියෙනවා.. 05 වැනිදා ඒක කරනවා..
ඉදිරි පැය 48 ඇතුලත සජිත් අත්අඩංගුවට..?
තමන්ගේ වැටුප කොවිඩ් මර්දනයට පරිත්‍යාග කළ නොහැකි බවටත් එය රුපියල් ලක්ෂ 300ක ණය මුදලක වාරිකයක් වශයෙන් සම්පූර්ණයෙන්ම කැපෙන බවටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබිණි. 

ඒ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් ඒ මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සිදුකළේය. 

ප්‍රශ්නය - එස්.බී. දිසානායක ඇයි මෙච්චර මේ ණය වෙලා තියෙන්නෙ ?

"නෑ, මං කවදාවත් එහෙම හම්බුකරලා නෑ. මේ ගෙදර වුණත් මම විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙ මම රස්සා කළා, ඒවායින් හම්බු කළා, නමුත් මන්ත්‍රීවරයෙක් හැටියට මම හම්බුකරපු දෙයක් නෑ"

ප්‍රශ්නය - ලක්ෂ තුන් සීයක් එස්.බී. දිසානායක ණයයි කිව්වෙ ?

"නෑ ඉතිං, මට දේපළ තියෙනවානෙ. මේ පාර්ලිමේන්තුව එහා පැත්තෙත් මට අක්කර දෙකහමාරක් තියෙනවා. මේ දවස්වල ඒක විකුණන්න කියලා යන්නෙ. ඒවා අපෙ නෝනාගෙ ඉඩම්. හඟුරන්කෙතත් මට තියෙනවා අක්කර 50ක් 60ක්. අපි දුප්පත් අය නෙවෙයි. නමුත් මම දේශපාලනයෙන් සත පහක්වත් හම්බුකරපු කෙනෙක් නෙවෙයි. හැබැයි මං ඒක ගැන කිසි දුකක් එහෙම නෑ" 

ප්‍රශ්නය - දැන් ඔය ලක්ෂ තුන්සීයෙ ණයට සාමාන්‍යයෙන් වාරිකේ කීයක් විතර එනවාද ?

"පඩිය යනවා සම්පූර්ණයෙන්ම" 

ප්‍රශ්නය - ඒ කියන්නෙ මන්ත්‍රීවරයෙකුගෙ සාමාන්‍යයෙන් වැටුප කීයක් විතරද තියෙන්නෙ ?

"පොඩි ගාණක්, ලක්ෂ දෙකහමාරක් විතර ඇති. ඊට වඩා ගෙවන්න ඕනෙ"

ප්‍රශ්නය - අතිනුත් දානවා ?

"ඔව්, අතිනුත් දානවා. මගෙ බිරිඳගෙ වැටුප තියෙනවා. ඒ නැතත් මගෙ පොඩි පොඩි ආදායම් තියෙනවා. දැනටත් මං අක්කර විස්සක විතර ගොවිතැන් කරලා තියෙනවා" 

ප්‍රශ්නය - දැන් ඔබතුමාගෙ වාහන තියෙනවා, නඩත්තු කරන්න ඕනෙ ... ?

"නෑ, ඔය ජීප් එකත් මට යාළුවෙක් දීපු එකක්"

ප්‍රශ්නය - සේවකයො එහෙම පඩිනඩි ගෙවන්නත් එපැයි ?

"තියෙනවා ඉතිං ... අමාරුයි ..." 

ප්‍රශ්නය - එස්.බී. දිසානායක අර හඟුරන්කෙත ගේ හැදුවෙත් ණය වෙලාද ?

"නෑ, නෑ. ඒක අපේ ඉඩම් නෙ. අපේ ඉඩම්, අපේ ගෙවල්. ඒක මහා ලොකූ ගෙයක් නෙවෙයි"

ප්‍රශ්නය - ඒ වුණාට ඒ දවස්වල ලොකූ ආන්දෝලනයක් නෙ ?

"ඔව්, ලොකුවට කිව්වට ... ඒකෙ මාළුවො යනවා කිව්වා සාලෙ අරහෙ මෙහෙ ... ඔය චන්ද්‍රිකා මැතිණිය කිව්ව ඒවානෙ. ඒවා ඇත්ත නෙවෙයිනෙ ඉතිං. එහෙම ස්විමිං පූල් එකක්වත් එහෙම නෑ ඒ ගේ. මං එළවලු හදනවා, කොටුවලට වටේ දාන්න වතුර ටැංකියක් තියෙනවා මහපොළවෙ හදපු. ඒක පූල් එකක් නෙවෙයි, මඩ ටැංකියක්" 

ප්‍රශ්නය - ඇමතිකමක් එහෙම තිබුණා නම් මේ වෙලාවෙ මේක කළමනාකරණය කරගන්න තිබුණාද මීට වැඩිය හොඳට ?

"ඔව්, ඔව්. එතකොට ඉතිං සල්ලි දෙනවානෙ. එහෙම වගේ වෙලාවක ඡන්දයට ගියා නම් මිනිස්සු ඇවිල්ලා උදව් කරනවානෙ. එහෙම වෙලාවට ඉතුරුත් වෙනවා සමහර වෙලාවට" 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මේ බව පැවසුවේ හිරු ටීවී නාලිකාවේ ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනක් සමග එක්වෙමිනි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ණය වුණාට මට දේපළ තියෙනවා.. ඇමතිකමක් තිබුණා නම් සල්ලි හම්බුවෙනවා, ඉතුරුත් වෙනවා - SB
ණය වුණාට මට දේපළ තියෙනවා.. ඇමතිකමක් තිබුණා නම් සල්ලි හම්බුවෙනවා, ඉතුරුත් වෙනවා - SB
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhx4lW6ZS8iiQPF3-o4ZgfmhMMW-E6rQm0AQYEvN6yBic7P-wfcm6kZIl6omj9ye5ZMEwE2PUlRfot3TRRy0R_btr__Hw9K-gb0ho2_ilCqK9xfG0YOiAMMj8_RQVdNyR3CeL8bXaRYSMzE/s320/sbsk.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhx4lW6ZS8iiQPF3-o4ZgfmhMMW-E6rQm0AQYEvN6yBic7P-wfcm6kZIl6omj9ye5ZMEwE2PUlRfot3TRRy0R_btr__Hw9K-gb0ho2_ilCqK9xfG0YOiAMMj8_RQVdNyR3CeL8bXaRYSMzE/s72-c/sbsk.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/sb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/sb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy