එක් පසෙකින් ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයින් සීනි බදු වංචාව හරහා දැවැන්ත ධනස්කන්ධයක් අදටත් උපයමින් සිටියදී අනෙක් පසින් ආණ්ඩුව රජයේ සේවකයින්...
එක් පසෙකින් ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයින් සීනි බදු වංචාව හරහා දැවැන්ත ධනස්කන්ධයක් අදටත් උපයමින් සිටියදී අනෙක් පසින් ආණ්ඩුව රජයේ සේවකයින් වැටුප් සහ සාමාන්‍ය ජනතාවගේ සහන කප්පාදු කිරීමට යෝජනා කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
"රුපියල් 50 ට තිබුණු සීනි බද්ද ශත 25 ට අඩු කරනවාත් එක්කම මාස 6කට 7කට 8කට අවශ්‍ය සීනි තොග ගජමිතුරු සමාගම් ටික රටට ගෙනල්ලා තිබුණා. දැන් සීනි 160යි 165යි 170යි. ඉතිං කිලෝ එකකින් රුපියල් 50ක් 60ක් ගජමිතුරෝ හම්බ කරනකොට අර පැත්තෙන් කියනවා රාජ්‍ය සේවකයාගෙ වැටුප කපන්න වෙයි, සහන කපන්න වෙයි කියලා. වෙන මොකුත් ඕනෙ නෑ මේ සීනි ජාවාරමෙන් අතිරේකව උපයාගන්නා දැවැන්ත ධනස්කන්ධය පුළුවන් නම් රාජ සන්තක කරගන්න, වෙන අලුතින් සල්ලි ඕනෙ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (21) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS