දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහතට. – ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන්නැයි ඉල්ලීමක්.
Homeප්‍රවෘත්ති

ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහතට. – ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන්නැයි ඉල්ලීමක්.

PropellerAds

ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩුකිරීමට පියවර ගන්නා ලෙස පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජ...

සජිත් චෝදනා පිලිගනී.. හිරේ යන්න සූදානම් වෙයි !
මෙරට බලධාරීන් කුණු ගොඩට විසි කළ වොලිබෝල් දක්ෂයා තායිලන්තයේදී වෙනත් කණ්ඩායමකට ක්‍රීඩා කර ශූරතාවය දිනා පෙන්වයි
අපේක්‍ෂකයෙක් පන්දාහ බැගින් කෝටි දෙකක සල්ලි බෙදයි
ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩුකිරීමට පියවර ගන්නා ලෙස පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ලිපියක් යොමු කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

08-21-2021
බැසිල් රාජපක්ෂ මහතා
මුදල් අමාත්‍ය
මුදල් අමාත්‍යාංශය
කොළඔ 01

ගරු මුදල් අමාත්‍යතුමණි,

ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩුකිරීමට කරනු ලබන ඉල්ලීමයි.

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළයාම හේතුවෙන් ඔබතුමා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමට ප්‍රථමයෙන් මෙරට ඉන්ධන මිල ඉහළ දමන ලදී.

2021 ජූනි 11 දින මෙරට ඉන්ධන මිල ඉහළ දමන විට ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 70.91 ක් වූ අතර ජූලි මස 30 වන දින විට ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 73.95 ලෙස වාර්තා වුවද ඉන්පසු දිගින් දිගටම ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සීඝ්‍රයෙන් පහත වැටුණි. එනම් 2021 අගෝස්තු 20 වන ඊයේ දින වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 62.14 ලෙස සීඝ්‍රයෙන් පහත බැස තිබේ. එනම් මෙරට අවසාන ඉන්ධන මිල සංශෝධනය කරනු ලබන අවස්ථාවේ ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල හා අද වන විට ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල සංසන්දනය කිරීමේදී ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 8.77 ක අඩුවීමක් වාර්තා කරයි. එසේ අඩුවූ ප්‍රතිශතය ආසන්න වශයෙන් 12% කි.

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පුරෝකතනයට අනුව 2021 අගෝස්තු මස සිට 2022 පෙබරවාරි මස දක්වා ලෝක වෙළදපොලේ බොරතෙල් මිල දිගින් දිගටම පහළයාමක් පෙන්නුම් කරන අතර නැවතත් 2021 ජූනි 11 දින බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ 2022 පෙබරවාරි මාසයේය එම මිලත් ඇ: ඩො 68.47 කි.

ඒ අනුව පෙනී යන්නේ මෙරට ඉන්ධන පාරිභෝගිකියින්ට දැනෙන ඉන්ධන සහනයක් ලබා දීම සදහා මෙරට ඉන්ධන මිල අඩුකල හැකි බවයි. රට වසා දමැ ඇති මෙම අවස්ථාවේ ඉන්ධන මිල අඩුකිරීම මෙරට පාරිභෝගිකියින්ට ඉතාම වාසිදායක තත්වයක් වන්නේ ජංගම වෙළද රථවලට හා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සදහා එම සහනය ලැබෙන බැවිනි. තවද මෙම අවස්ථාවේ ඉන්ධන භාවිතා කරන්නේ අත්‍යාවශ්‍ය රාජකාරී සදහා පිටව යන සෞඛ්‍ය සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා වල නිරතවන පුද්ගලයින්ට වන හෙයිනි. තවද ඉන්ධන මිල අඩු කිරීම නිසා නිෂ්පාදන පිරිවැය අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයාට ලබාගත හැක.

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය ඉන්දියන් ඔයිල් සමාගම ලබා ගැනීම නිසා එම සමාගම අධික ලෙස ලාභ ලබන අතර එම නිසා මෙරට මුදල් විදේශ රටවලට ඇදීයාම සිදුවනු ලබයි. එහි වාසිය මෙරට නිෂ්පාදකයා වෙත ලබාදීම මගින් දේශිය ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීම සිදුවනු ලබයි.

ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල සීඝ්‍රලෙස අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදීම සදහා මෙරට ඉන්ධන මිල නැවත සංශෝධනය කරන ලෙස ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහතට. – ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන්නැයි ඉල්ලීමක්.
ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහතට. – ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන්නැයි ඉල්ලීමක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZJGVZxF8nVCzq9wuaawyERtPjKt0INoJe0BxayU8debXgi92q6B_bRYRYGLTXGnubuz9bfrjKiGaUMfqjDjQyoXLchq3AA8lmLs1R0Hvt_fRZTn-zsf4uMvekWiQrtB2Vx6E4ueS2ZZvv/s320/fuel-price-in-srilanka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZJGVZxF8nVCzq9wuaawyERtPjKt0INoJe0BxayU8debXgi92q6B_bRYRYGLTXGnubuz9bfrjKiGaUMfqjDjQyoXLchq3AA8lmLs1R0Hvt_fRZTn-zsf4uMvekWiQrtB2Vx6E4ueS2ZZvv/s72-c/fuel-price-in-srilanka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_647.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_647.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy