දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
(EXCLUSIVE) විමුක්ති කුමාරතුංග එනවා : නව පක්ෂය ඔහු සඳහායි
Homeප්‍රවෘත්ති

(EXCLUSIVE) විමුක්ති කුමාරතුංග එනවා : නව පක්ෂය ඔහු සඳහායි

PropellerAds

විමුක්ති කුමාරතුංග මහතා ශ්‍රී ලාංකීය දේශපාලනයට ඉතා ලඟදීම පැමිණීමට නියමිතයි. මීට පෙරද විමුක්ති විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට පැමිණෙන ...

එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. ඇතුලත් කරන්න රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි..
මාෆියාවට යටවෙන්නෙ නෑ... සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ගේනවා - බන්දුල
කෝට්ටේ පොහොට්ටු නගරාධිපතිට මහපාරෙදි මැහුම් 13ක් දාගන්න ගහලා!
විමුක්ති කුමාරතුංග මහතා ශ්‍රී ලාංකීය දේශපාලනයට ඉතා ලඟදීම පැමිණීමට නියමිතයි.

මීට පෙරද විමුක්ති විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට පැමිණෙන බවට ප්‍රකාශ වූ නමුත් ඒ සියල්ලම ඔහුගේ මව වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ප්‍රතික්ෂේප කලා.

මූලික වැඩ කටයුතු සූදානම්

එහෙත් මෙවර විමුක්ති විමුක්ති කුමාරතුංග මහතාගේ ශ්‍රී ලාංකීය දේශපාලනයට අවතීර්ණ වීම ස්ථිර ලෙසම සිදු වන බවත් ඒ සඳහා අවශ්‍ය මූලික වැඩ කටයුතු මේ වන විටත් විවිධ පාර්ශව හරහා සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා "අපි ශ්‍රී ලංකා" නමින් නව පක්ෂයක් ගොඩ නැගීමට කටයුතු කරන්නේ විමුක්ති කුමාරතුංග මහතාට දේශපාලනයට පිවිසීම සඳහා අවශ්‍ය කරන වේදිකාවක් සැකසීමට බවයි දැනගන්නට තිබෙන්නේ.

"අපි ශ්‍රී ලංකා" පක්ෂය ලියාපදිංචි කිරීමටද වෙල්ගම මන්ත්‍රීවරයා උත්සාහ කළ මුත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එම පක්ෂය සමග බැඳී එම නමම ඇති සංවිධානයක් විසින් විරෝධය දැක්වීම හේතු කොටගෙන එය තාවකාලිකව නතර වී තිබෙන්නේ.

නව පක්ෂය විමුක්ති සඳහා

වෙල්ගම මන්ත්‍රීවරයා සතුව නව ලංකා නිදහස් පක්ෂය නමින් පක්ෂයක් තිබියදීත් "අපි ශ්‍රී ලංකා" නමින් තවත් නව පක්ෂයක් බිහි කිරීමට කටයුතු කරන්නේ එම පක්ෂය හරහා හැම අතින්ම බණ්ඩාරනායකවරුන් බිහි කළ ශ්‍රී.ල.නි.ප යට සමගාමීව කටයුතු කිරීමේ පදනම මත බවද දැනගන්නට තිබෙනවා.

දේශපාලනයට පැමිණීම පිළිබඳව විමුක්ති කුමාරතුංග මහතාගේ කැමැත්ත ඔහුගේ මව වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ වන විටත් ගෙන තිබෙන බවයි වෙල්ගම මන්ත්‍රීවරයාට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

මේ වන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විමුක්ති කුමාරතුංග මහතා ජීවත්වෙන එංගලන්තය බලා ගොස් සිටින අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඔහු සමඟ සාකච්ඡා කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

දේශපාලනයට පැමිණීමට සුදුසුම කාලය

මේ වන විට 38 වැනි වියේ පසුවන විමුක්ති කුමාරතුංග මහතාට මෙරට දේශපාලනයට පිවිසීමට සුදුසුම කාල වකවානුව වත්මන් කාල වකවානුව බවයි කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමට කටයුතු කරන පිරිසගේ විශ්වාසය වන්නේ.

විමුක්ති කුමාරතුංග මහතා සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ ජනප්‍රියතම රංගධරයා මෙන්ම සැබෑ මානව හිතවාදි දේශපාලඥයෙකු වූ විජය කුමාරතුංග මහතාගේ පුත්‍රයා වන අතර දිවංගත එස්.ඩබ්ලිව්ආර්.ඩී බණ්ඩාරනායක අමාත්‍යවරයාගේ හා සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරියගේ මුණුපුරාද වනවා.

-asianmirror


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: (EXCLUSIVE) විමුක්ති කුමාරතුංග එනවා : නව පක්ෂය ඔහු සඳහායි
(EXCLUSIVE) විමුක්ති කුමාරතුංග එනවා : නව පක්ෂය ඔහු සඳහායි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjk1WH4hqBg1H-h3xTLZlxA7IuSa62q2nS1OaiUwcI7fF_lnZmjXkibpQJMPcxtVXXSg_6gs3_HMVkzZZs-o3QtVOBx16CbV_4EzlcG4GiW36L0a7D6UEdcYN4ueVQQHDo_iHAzWt3iRJU/s320/0c3eff29494036ab11c312aba7ae5756_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjk1WH4hqBg1H-h3xTLZlxA7IuSa62q2nS1OaiUwcI7fF_lnZmjXkibpQJMPcxtVXXSg_6gs3_HMVkzZZs-o3QtVOBx16CbV_4EzlcG4GiW36L0a7D6UEdcYN4ueVQQHDo_iHAzWt3iRJU/s72-c/0c3eff29494036ab11c312aba7ae5756_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/exclusive_73.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/exclusive_73.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy