දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගැටුම දුරදිග යයි! අලුත් ආණ්ඩුවක් ගැනත් සැලසුම්!
Homeප්‍රවෘත්ති

ගැටුම දුරදිග යයි! අලුත් ආණ්ඩුවක් ගැනත් සැලසුම්!

PropellerAds

යම් අයෙකුට පාර්ලිමේන්තු මැතිවරණය ජයගත යුතු නම් අනිවාර්යයෙන්ම පොහොට්ටුවට එක් විය යුතුය යන මතය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඇති කර තිබූ බ...

මාස්ක් නැතුව සුපර්මාකට් එකට ගිහින් විල්බැරෝවේ බඩු ගෙනගිය දර්ගා නගරයේ පුද්ගලයාට වැඩ වරදී !
ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටස් මීගමුව වෙරළට
පිරිසුදු පොල්තෙල් කොරෝනා මඩිනවා - රසායන විද්‍යා මහාචාර්යවරයෙක් උපුටමින් CNN කියයි
යම් අයෙකුට පාර්ලිමේන්තු මැතිවරණය ජයගත යුතු නම් අනිවාර්යයෙන්ම පොහොට්ටුවට එක් විය යුතුය යන මතය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඇති කර තිබූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව සැළකිය යුතු එකක් නොවූ බව ඔහු පෙන්වා දෙනවා.

තමන් හා එක් නොවූයේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වීමට ද නොහැකි වන බව යි ඔහු පවසන්නේ.

මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුව ද මෙම ආණ්ඩුව කඩාගෙන වැටීමේ අවදානමක් නොමැති බව ඔහු අවධාරණය කරනවා.

එබැවින් නිදහස් පක්ෂය ඉවත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු බියක් නොමැති බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තරම් හේතුවක් පවතින බව තමන්ට නොපෙනෙන බව ද ඔහු සඳහන් කර සිටියා.

නිදහස් පක්ෂ ආණ්ඩුවක් 2025 දී

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වර්තමානයේ දී සියළු දෑ අමතක වී ඇති බව යි.

පසුගිය මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව නොතිබුණේ නම්, වර්තමාන ආණ්ඩුව බිහි නොවන බව ඔහු ප්‍රකාශ කළා.

පොදුජන පෙරමුණට අවැසි වී ඇත්තේ තම පක්ෂය එළවා දමා අතීතයේ මෙන්ම සිය අධිකාරී පාලනය පවත්වාගෙන යාමට බව යි පියදාස මහතා පවසන්නේ.

2025 වසරේ දී නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කේන්ද්‍ර කරගත් ආණ්ඩුවක් ගෙන ඒමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළා.

ගියත් එකයි නැතත් එකයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර පවතින “සීතල ගැටුමේ දී” වැඩි අවධානයක් දිලුම් අමුණුගම මහතා වෙත යොමු වුණා.

පසුගිය දා ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලැබුණේ පසුගිය ජනාධිපතිවරණයේ දී පමණක් බවයි.

ඊට පෙර දී නිදහස් පක්ෂයේ සහය ලැබුණේ එක්සත් ජාතික පක්ෂයට බව ද ඔහු සිහිපත් කළා.

කැමතිනම් ආණ්ඩුවත් සමග ඉන්නත් අකමැති නම් ආණ්ඩුවෙන් යන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකි බව අමුණුගම මහතා අවධාරණය කළා.

එම පක්ෂය ආණ්ඩුවේ හිටියත් නැතත් ආණ්ඩුවේ සංයුතියට ලොකු බලපෑමක් සිදු නොවන බව ද ඔහු පෙන්වා දුන්නා.

අපි නැත්නම් ගෝඨාත් නෑ

අමුණුගම මහතාගේ ප්‍රකාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවස්ථා කිහිපයක දී දැඩිව ප්‍රතිචාර දක්වන ආකාරය ද දක්නට ලැබුණා.

තමන්ට උදව් කළ අය අමතක කරන්නේ නම් ඔවුන් ගුණමකුවන් බව යි ජයසේකර මහතා පෙන්වා දුන්නේ.

මේවන විට දිලුම් අමුණුගම මහතා හට උරුම වී ඇත්තේ ගුණමකුවෙකුගේ ඉරණම බව ද ඔහු ප්‍රකාශ කරනවා.

පක්ෂ දෙකෙහි එකමුතුව තවදුරටත් ආරක්ෂා කරගෙන යාමට අවැසි නම් මෙවැනි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස නිදහස් පක්ෂ මහලේකම්වරයා දිලුම් අමුණුගම මහතාගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති නම් වර්තමාන ආණ්ඩුව ද නැති බව යි දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේ.

එමෙන්ම තම පක්ෂය නොමැති වූයේ නම් වර්තමාන ජනාධිපතිවරයාට ද බලයට පත් විය නොහැකි බව ඔහු පවසා සිටියා.

එබැවින් ඉතිහාසය අමතක කරන්නේ නම් එය මහා කුහක කමක් බව ද නිදහස් පක්ෂ මහලේකම්වරයා පැවසුවා.

ප්‍රශ්ණවලට මුල දයාසිරිගේ ඇට නැති දිව

මේ අතර වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ දයාසිරි ජයසේකර මහතා “දාන සද්ද” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එතරම් ලොකු දෙයක් නොවන බව යි.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයාවන මෛත්‍රිපාල සිරිසේන මහතා දයාසිරි ජයසේකර මහතාගෙන් පරිස්සම් විය යුතු බව ඔහු පවසනවා.

දයාසිරි ජයසේකර යනු පුටුවෙන් පුටුවට මාරුවන කෙනෙකු බවත්, යම් පුටුවකට “වැඩේ දීම” සඳහා එම පුටුවේ වාඩි වී සිටින කෙනා නැගිටින තෙක් ඔහු බලා සිටින බවත් අබේගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සභාපති පුටුවට ද එම ඉරණම අත්විය හැකි බවට යි ඔහු අනතුරු අඟවන්නේ.

කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් එකතු කර ගනිමින් නව පක්ෂයක් නිර්මාණය කරන්නට යන්නේ ද, අනෙකුත් සියළු ගැටළු හටගෙන ඇත්තේ ද දයාසිරි ජයසේකරගේ ඇට නැති දිව නිසා බවයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

ආණ්ඩුවෙන් ඉවත් වෙමු!

මේ අතර වහාම ආණ්ඩුවෙන් ඉවත් වී වෙනම ගමනක් යා යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන වෘත්තීයවේදීන් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දැඩිව ප්‍රකාශ කර තිබෙනවා.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ධම්ම දිසානායක, සෝමරත්න දිසානායක ආදීන් ද මෙම පිරිස අතරවන බව සඳහන්.

කෙසේ වෙතත් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත්තේ පොහොට්ටුවේ ඇතැමුන්ගේ කතා ගණන්ගත නොයුතු බව යි.

දයාසිරි හිත හදාගෙන

මේ අතර සිය අමාත්‍යධූරයෙන් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව දයාසිරි ජයසේකර මහතා පවසනවා.

එය සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට ද දැනුම් දීමට කටයුතු කළ බව යි ඔහු අනාවරණය කළේ.

සිය අමාත්‍යධූරය භාර ගැනීමට කැමති අයෙකු සිටින්නේ නම් ඉදිරිපත්වන ලෙස ඔහු එහි දී සඳහන් කළ බව ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවා.

මෙම අමාත්‍යධූරවල සදාකල් රැඳී සිටීමේ බලාපොරාත්තුවක් නොමැති බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

-asianmirror


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගැටුම දුරදිග යයි! අලුත් ආණ්ඩුවක් ගැනත් සැලසුම්!
ගැටුම දුරදිග යයි! අලුත් ආණ්ඩුවක් ගැනත් සැලසුම්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxhuymUZhu1IL3SuqvsjTmySi-D8w10l3Jg3m7uayJMalXDnypqJWzsc5FeBfJjh_mRCBLMiJb6bJwo2DbnQjqmz4x4i51jXPJvHaUFIlK5h0kSd3Zsg_0DLU6A8qCCKOj790QfdVx7yo/s320/mahinda-rajapaksa-maithripala-sirisena.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxhuymUZhu1IL3SuqvsjTmySi-D8w10l3Jg3m7uayJMalXDnypqJWzsc5FeBfJjh_mRCBLMiJb6bJwo2DbnQjqmz4x4i51jXPJvHaUFIlK5h0kSd3Zsg_0DLU6A8qCCKOj790QfdVx7yo/s72-c/mahinda-rajapaksa-maithripala-sirisena.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_824.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_824.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy