දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දිලුම් කට වරද්දා ගනී - වැස්සට වත් පාසල් ආවේ නැද්දැයි ගුරුවරු අසයි !

ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමට ගුරුවරු ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සිදු කළ ප්‍රකාශයක්...

ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමට ගුරුවරු ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සිදු කළ ප්‍රකාශයක් මේවන විට ගුරුවරුන්ගේ දැඩි විවේචනයට පාත්‍ර වී තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රකාශය නිසා අදින් ඇරඹෙන ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් බැහැරය සිදු කරන වර්ජනය තවදුරටත් තීව්‍ර වී ඇති බව යි වාර්තා වන්නේ.

වර්ජනය ප්‍රකාශයට පත් කොට ඇති මොහොතක පවා ළමුන් හට ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඉගැන්වීම් කටයුතු කිරීමට සූදානම්ව සිටි ගුරුවරුන් බොහෝ පිරිසක්, රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට පසු අදාළ වර්ජනයට සහය පළ කරමින් එම ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ද අප වෙත දැනගන්නට ලැබුණා.

එක් ගුරුවරයෙක් ඇතිලු

මෙලෙස නිරෝදායන නීති කඩ කර ඇත්තේ ගුරුවරු නම්, ඔවුන් දරුවන්ට ඉගැන්වීම සඳහා කිසිසේත් සුදුසු නොමැති බව දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ලංකාවේ සියළු දරුවන්ට ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමට එක් ගුරුවරයෙකු ද සෑහෙන බව යි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

වැස්සකට වත් දිලුම් ඉස්කෝලේ ගිහින් නැද්ද?

රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ලංකා ගුරු සංගමයේ උප සභාපති රසිකා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කළේ මෙය මෙරට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ආණ්ඩුව විසින් සිදු කළ බරපතළ අපහාසයක් බව යි.

ආණ්ඩුව ගුරුවරයාට කරන මෙම අපහාසයන්ට එරෙහිව ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වන ලෙස ඇය සියළු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම පාසල් ළමුන් ලක්ෂ 43ක් සිටින බවත්, එවැනි පසුබිමක දී එම සියළුම ළමුන් හට එක් ගුරුවරයෙකුට ඔන්ලයින් හරහා ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකි ද යනුවෙනුත් ඇය ප්‍රශ්ණ කරනවා.

දිලුම් අමුණුගම ඇමතිවරයා වැස්සකට හෝ පාසලකට ගොස් නැතිදැයි ඇය වැඩිදුරටත් අසා සිටියා.

“ගුරුවරුන්ට අපහාස කරන්න, ගුරුවරුන්ව මේ විදිහට මර්ධනය කරන්න මේ වගේ මෝඩ කතා කියලා තවත් පච වෙන්න එපා” යනුවෙන් ද හඳපාන්ගොඩ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මොකක්ද මේ වර්ජනය?

ගුරු, විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් අද (12) දින සිට ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබා දීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළා.

විරෝධතාවන්ට සහභාගී වූ ගුරුවරුන් ඇතුළු වෘත්තීය සගයින් අනීතිකව රඳවා තබාගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව යි එම වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ.

එම කරුණු මෙසේ යි..

*අනීතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති විරෝධතා දැක්වීමේ මූලික අයිතිය උල්ලංඝනය වී ඇති අතර එලෙස අනීතිකව රඳවාගෙන සිටින ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස නිදහස් නොකිරීම.
*අධ්‍යාපන ගැටළු සහ ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව නොවිසඳීමට එරෙහිව හඬනගන ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නායකයින් මර්ධනය.
*නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීම සහ අධ්‍යාපනය හමුදාකරණය කිරීම.

මෙම කරුණු පදනම් කරගනිමින් ගුරුවරුන් පහත වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹ තිබෙනවා.

*දැනට ස්වෙච්ඡාවෙන් සිදුකරන මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත් වීම.
*උසස්පෙළ විභාග අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කිරීම නතර කිරීම.
*ප්‍රාදේශීය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන රාජකාරීවලින් ඉවත් වීම.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට විදුහල්පති සංගම් ඇතුළු අධ්‍යාපන සේවයේ වෘත්තීය සමිති 23ක් එක්ව සිටිනවා.

එම වෘත්තීය සමිති අතර පහත ඒවා ප්‍රමුඛ වනවා.

*ලංකා ගුරු සංගමය
*ලංකා ගුරු සේවා සංගමය
*සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
*විදුහල්පති සේවා සංගමය
*ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
*පුහුණු විද්‍යාපීඨ සහ උපාධිධාරී සංවිධානය
*ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය
*ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය
*අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය
*ලංකා ප්‍රගති ගුරු සංගමය
*ගෘහ විද්‍යා, කෘෂි විද්‍යා ඩිප්ලෝමාධාරී සංගමය
*ඉස්ලාම් ගුරු සංගමය
*කතෝලික ගුරු සංගමය


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිලුම් කට වරද්දා ගනී - වැස්සට වත් පාසල් ආවේ නැද්දැයි ගුරුවරු අසයි !
දිලුම් කට වරද්දා ගනී - වැස්සට වත් පාසල් ආවේ නැද්දැයි ගුරුවරු අසයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi91WECaPCPixwMEVFjkhhmb2DBzzAGE8JfjUmLK4sUv5RXVI2kgJEmYDq8wZrst_5QwZg7GglKg2AZx26-2ZBNiR1XCyy5JRykM_SJzHiHjLmNrNZ_i3H04U8DBBQw4D3TIHg_KEcWSAo/s320/7904b4fbc6b0ed050ae185fe90c272a1_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi91WECaPCPixwMEVFjkhhmb2DBzzAGE8JfjUmLK4sUv5RXVI2kgJEmYDq8wZrst_5QwZg7GglKg2AZx26-2ZBNiR1XCyy5JRykM_SJzHiHjLmNrNZ_i3H04U8DBBQw4D3TIHg_KEcWSAo/s72-c/7904b4fbc6b0ed050ae185fe90c272a1_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_386.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_386.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy