දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Exclusive: ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය වන ඩෙල්ටා වේරියන්ට් හමුවේ චීන වැක්සින් ගන්නා අපට දෙවි පිහිටද?
Homeප්‍රවෘත්ති

Exclusive: ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය වන ඩෙල්ටා වේරියන්ට් හමුවේ චීන වැක්සින් ගන්නා අපට දෙවි පිහිටද?

PropellerAds

  ඩෙල්ටා වේරියන්ට් හෙවත් ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය වෙත ලෝකය අසාමාන්‍ය ලෙස නතු වෙමින් තිබියදී, දැනට භාවිතයේ ඇති කෝවිඩ්-19 එන්නත් මෙයට විසඳුම...

මැතිවරණය සැක සහිතයි..- මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්
මෛත‍්‍රී ජනපති ධුරයෙන් සමුගනී !
මෛත්‍රී යළිත් ශ්‍රීලනිප නායකත්වයට !
 
ඩෙල්ටා වේරියන්ට් හෙවත් ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය වෙත ලෝකය අසාමාන්‍ය ලෙස නතු වෙමින් තිබියදී, දැනට භාවිතයේ ඇති කෝවිඩ්-19 එන්නත් මෙයට විසඳුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු ව ඇත.
B.1.617.2 යනුවෙන් විද්‍යා ලෝකය හඳුනාගන්නා ඩෙල්ටා වේරියන්ට්, මාදිලි 3 ක එකතුවකි. එය සෙසු වෛරස් මාදිලි අබිබවා යාමත්, අනෙක්වාට වඩා වේගයෙන් ව්‍යාප්ත වීමටත් සමත් නිසා එය මේ වන විටත් ලෝකය බිය වද්දා ඇති බව කිව හැක.

2020 ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් හමුවුණු මෙම වෛරස් මාදිලිය මේ වන විට යුරෝපය සහ ඇමරිකාව දක්වා ද පැතිර ඇත. එයට ‘ඩෙල්ටා වේරියන්ට්‘ යන නම ලබාදුන්නේ ජූනි මස මුල ලෝක සෞඛ්‍ය සංවිධානය මගිනි. එය එවකට පැවති ඇල්ෆා වේරියන්ට් සහ දකුණු අප්‍රිකානු ප්‍ර භේදය වන බීටා වේරියන්ට් මාදිලිවලට වඩා සීඝ්‍ර යෙන් පැතිරෙන බවත්, අවදානමෙන් අධික බවත් වැඩි කල් නොගොස්ම අවබෝධ විය.

කෙසේ නමුත් සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරන්නේ මහාපරිමාණ එන්නත්කරණය වේගවත් කිරීම මගින් මෙම මාදිලියේ ව්‍යාප්තිය මැඩ පවත්වාගත හැකි බවයි.

ඒ අනුව දැනට ලෝකයේ භාවිතා වන එන්නත් අතරින් Johnson & Johnson වැක්සිනයේ එක් මාත්‍රාවක් ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදයට 60%ක් සාර්ථක ලෙස පිළිතුරු දෙයි. ඇස්ට්‍රා සෙනිකා (AstraZeneca) එන්නත ද මාත්‍රා දෙකම ගත් විට 60%ක ආරක්ෂාවක් ලබාදෙයි.

mRNA වැක්සින්, ඩෙල්ටා වේරියන්ට් සඳහා හොඳ ප්‍රතිඵල ලබාදෙන බව සොයාගෙන ඇත. ඒ අනුව  Moderna සහ Pfizer/BioNTech එන්නත් ඉන්දියානු මාදිලිය ද සාර්ථක ලෙස මැඩ පවත්වනු ඇත. නමුත් ඒ සඳහා එන්නත්වල මාත්‍රා 2 ම ලබාගත යුතු අතර, එවිට, 88%ක් ප්‍රතිශතයකින් ප්‍රතිශක්තිය ඇති කරයි. මේ අතර ලැන්සැට් ජර්නලය පවසන්නේ මෙම ආරක්ෂාව 79%ක් ද විය හැකි බවයි.


නමුත් Moderna, AstraZeneca, සහ Pfizer එන්නත්වලින් එක් මාත්‍රාවක් පමණක් ලබාගත් විට අපේක්ෂා කළ හැක්කේ 33%ක ආරක්ෂාවක් පමණි.

මෙහිදී මතක තබාගත යුතු කාරණයක් වන්නේ මෙම වැක්සින් නිෂ්පාදනය කළේ මූලික වශයෙන්, කලින් පැවති ඇල්ෆා මාදිලියට පිළිතුරක් ලෙස බවයි. ඩෙල්ටා මාදිලියේ බැරෑරුම් බව පෙන්වා දෙමින්, ඇල්ෆා මාදිලිය සඳහා 92%ක ආරක්ෂාවක් ලබාදෙන ෆයිසර්/බයොන්ටෙක් වැක්සින, ඩෙල්ටා මාදිලියට ලබාදෙන්නේ 79%ක ආරක්ෂාවකි. මේ අන්දමින්ම ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රාසෙනිකා එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව ඩෙල්ටා මාදිලිය සම්බන්ධයෙන් 73%සිට 60% දක්වා අඩු වී තිබේ.

සාමාන්‍යයෙන් ඕනෑම කෝවිඩ් එන්නතකින් අපේක්ෂිත ආරක්ෂාව ලැබෙන්නේ දෙවැනි මාත්‍රාවද ගෙන සති 2 කට පසුව ය.

මේ අතර රුසියාවේ Sputnik V වැක්සින් කණ්ඩායම (Gamaleya Center) ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙන්නේ අන් සියලු වැක්සිනවලට වඩා තමන්ගේ ස්පුට්නික් වැක්සිනය ඩෙල්ටා වේරියන්ට් සඳහා ආරක්ෂාව සලසන බවයි. කෙසේ නමුත් එය වෙනත් රටවල සායනික පරීක්ෂාවලින් තවම තහවුරු වී නැත.

චීන වැක්සින් ගන්නා අපට දෙවි පිහිටද?






















ලංකාව ද ඇතුළ බොහෝ අඩු ආදායම් රටවල් මේ වන විට කෝවිඩ්-19 වසංගතයට පිළිතුරක් ලෙස ලබාගන්නේ චීනයේ නිෂ්පාදිත Sinovac හෝ සිනොෆාම් එන්නතයි. වාර්තාවලට අනුව දකුණු දිග චීනයේ ද මේ වන විට ඩෙල්ටා වේරියන්ට් ඉන්දියානු මාදිලිය වේගයෙන් පැතිර යමින් තිබේ.

ඉන්දුනීසියාවේ වෛද්‍ය වෘත්තිකයන් 350 ක් පමණ දෙනා ලබාගත්තේ චීන Sinovac එන්නත වන අතර, මේ වන විට ඔවුන් දැඩි සේ ඉන්දියානු මාදිලියට ගොදුරු වෙමින් තිබේ. චීන වැක්සින් ලබාගෙන තිබුණත් මේ වන විට ඉන්දුනීසියාව පුරා කෝවිඩ් රැල්ල පැතිරෙමින් තිබේ.

චීන වැක්සින් ලබාගත් ඉන්දුනීසියාව වේගයෙන් වසංගතයට ගොදුරු වෙමින් තිබේ. (Photo by Timur Matahari / AFP)

මේ අතර, ඉන්දියානු මාදිලියට පිළිතුරු ලබාදෙන්නේ නැතිනම්, තමන් එන්නත්කරණ වැඩපිළිවෙළ අත්හිටුවන බවක් කියා තිබෙන්නේ කොස්ටාරිකා රාජ්‍යයයි. ඒ අනුව සායනික දත්ත පරීක්ෂාවෙන් පසුව කොස්ටා රිකා හි සෞඛ්‍ය බලධාරීන් Sinovac වැක්සිනය බෙදාහැරීම ප්‍රතික්ෂේප කර තිබේ.

චීනයේ නිෂ්පාදිත සිනොවැක් සහ සිනොෆාම් එන්නත් දෙකම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාඇති බව සත්‍යයකි. නමුත් 50% අවම ඵලදායීතා සීමාව සලකන විට Sinovac එන්නත වාර්තා කර තිබුණේ 51% ක් බව ද අප අමතක නොකළ යුතුය.

මේ අතර, චීන වැක්සින ලබාගත් සීෂෙල්ස් රාජ්‍යය අතිශය වේගයෙන් කෝවිඩ් වසංගතයට ගොදුරු වෙමින් තිබියදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු වන හුවා චුන්යින්ග් වෝල් ස්ට්‍රීට් ජර්නලය සමග සීෂෙල්ස් වසංගත රැල්ල ගැන පවසා තිබුණේ ‘‘හැම අවස්ථාවදීම චීනය අවමානයට ලක් කරන මානසික සැකසුම නිසා මෙසේ සිදුවන බවයි! (“exposes their unhealthy mind-set of denigrating China at every turn.” )

ජනගහනය ලක්ෂයක් පමණක් වන නිසා, ජනගහනයෙන් වැක්සින් ලබාගත් ප්‍රතිශතය අනුව සීෂෙල්ස් අයත් වන්නේ ‘ලෝකයේ වැඩිපුරම එන්නත්කරණය කළ රට‘ ('most vaccinated country') ලෙස ය. ඒ අනුව ලෝකයේ වැඩිපුරම එන්නත් විදගත් රටටත් වැඩ වැරදුණේ චීන එන්නත විදගත් නිසාද..?

චීනය වැක්සින් හැදූ හැටි සහ බෙදූ හැටි

කෝවිඩ් ගෝලීය වසංගත සමයේදී චීන විදේශ ප්‍රතිපත්තියේ එක් වැදගත් සාධකයක් වූයේ එන්නත් බෙදා හැරීමයි. විශේෂයෙන්ම දුප්පත්ම රටවලටත්, වෙනත් වැක්සින් ලබාගැනීමට වත්කමක් හෝ හැකියාවක් නැති රටවලටත් චීන වැක්සින් බෙදා හැරීම සිදුවිය. වැක්සින් මිලට ගත හැකි රටවලද චීනය වැක්සින් විකිණීම ද සිදුකළේය. හංගේරියාව එයට උදාහරණයකි. හංගේරියාව චීනයෙන් වැක්සින් මිලට ගත්තේ, ලෝකයේ මිල අධිකම වැක්සිනයක් බවට චීන වැක්සිනය පත් කරමිනි.

චීනය,  සිය වැක්සින ගුණාත්මක බවින් ඉහළ බව හැම විටම පවසන්නේය. සායනික පරීක්ෂාවල අවසන් අදියරට පෙර පවා ඔවුන් ඒ බව නැවත නැවතත් කියා සිටියේය. චීනය, ‘පියර් රිවීව්ස්‘ ජර්නලවල සිය සායනික දත්ත ප්‍රකාශනය කිරීමට ද ඉක්මන් වූයේ නැත. අවසානයේ එසේ කළ විට ද හෙළි වූයේ ‘සිනොෆාම් එන්නත නිදන්ගත රෝග පවතින අය, කාන්තාවන් සහ වියපත් වැඩිහිටියන් සම්බන්ධයෙන් සායනික පරීක්ෂාවන්ට ලක් කර නැති බව‘‘ ය.

චීන වැක්සින් ගැන අප තවමත් හරිහැටි දන්නේ නැත

සිනොවැක් සහ සිනොෆාම් එන්නත් ඩෙල්ටා වේරියන්ට් සමග ප්‍රතික්‍රියා කරන ආකාරය පිළිබඳ දත්ත නොමැති අතර, චීනය සායනික දත්ත සම්බන්ධයෙන් විශාල සැලකිල්ලක් අතීතයේ සිටම දක්වා නැති බව ද සිතට ගත යුතුය.

අප්‍රේල් මාසයේ පැවති සම්මන්ත්‍රණයකදී චීනයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝර්ජ් ගාඕ, චීන වැක්සින්වල ගුණාත්මකභාවයේ ගැටළුව පිළිගත්තේය. ‘දැනට තිබෙන වැක්සින්වල ගුණාත්මක බව පිළිබඳ ගැටළුව විසඳීමට‘ තමන් කටයුතු කරමින් සිටින බව ඔහු කීවේය. චීන බලධාරීන් ගාඕගේ අදහස් දැක්වීම විගස ප්‍රතික්ෂේප කරමින් විශාල කැම්පේන් එකක් ගෙන ගියහ. පසුව චීනයේ රාජ්‍ය මාධ්‍ය හරහා පෙනී සිටිමින් ගාඕ පැවසුවේ, මෙම සිද්ධිය ‘වැරදි වැටහීමක්‘ බවයි.

ඉතින් චීන වැක්සින් ගැන අප පවා චීනයවත් හරිහැටි නොදන්නවා වීමට ඉඩ තිබේ.

-lankanewsweb

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Exclusive: ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය වන ඩෙල්ටා වේරියන්ට් හමුවේ චීන වැක්සින් ගන්නා අපට දෙවි පිහිටද?
Exclusive: ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය වන ඩෙල්ටා වේරියන්ට් හමුවේ චීන වැක්සින් ගන්නා අපට දෙවි පිහිටද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiT9uj4cKxjRVpMgkR7kBCcA6VBqvzqJw4-CJRWPoIaU7_8Q7iiVTD_8JnYXaIgjOEd86bg6n6noHBJqpLT8lRwn_ox3k3pJ2KoyOn42BQVhoY2ypZH2IymDr0xC8daBX_jS7L46o8TLlo/s320/chinavc.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiT9uj4cKxjRVpMgkR7kBCcA6VBqvzqJw4-CJRWPoIaU7_8Q7iiVTD_8JnYXaIgjOEd86bg6n6noHBJqpLT8lRwn_ox3k3pJ2KoyOn42BQVhoY2ypZH2IymDr0xC8daBX_jS7L46o8TLlo/s72-c/chinavc.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/exclusive_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/exclusive_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy