දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රටේම තියෙන ප්‍රශ්න ටිකත් එක්ක සතපහක තේරුමක් නෑ" ඇමැති දුමින්ද ජනපති එක්ක සාකච්ඡාවක
Homeප්‍රවෘත්ති

"රටේම තියෙන ප්‍රශ්න ටිකත් එක්ක සතපහක තේරුමක් නෑ" ඇමැති දුමින්ද ජනපති එක්ක සාකච්ඡාවක

PropellerAds

ජනතාව සමඟ නිරන්තරයෙන් ගැටෙන රජයේ සේවකයින්ට කොවිඩ් එන්නත ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දීමට හා අනුරාධපුර දිස්ත්‍රික්කයට කඩිනමින් කොවිඩ් එන්නත්කර...

වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි..- ශ‍්‍රීලනිප සමුළුවේදී යෝජනා කෙරේ…
මීගමුවේ තම්මිට වැඩිහිටි නිවාසෙට ගොඩවුණු සජිත් වැඩිහිටි අම්මලා තාත්තලා සනසන්න ගිටාරය වාදනය කරමින් සින්දුවක් කියයි! කඳුලු සලමින් අම්මලා සන්තෝෂ වෙයි! (VIDEO)
ආහාර හිඟයක් දැනුම් දෙන්න ලියුම් ලියන්න අවශ්‍ය නෑ…මා ඉවත් කලේ ජනතාව දැනුවත් කළ නිසා..- හිටපු කෘෂිකර්ම ලේකම්
ජනතාව සමඟ නිරන්තරයෙන් ගැටෙන රජයේ සේවකයින්ට කොවිඩ් එන්නත ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දීමට හා අනුරාධපුර දිස්ත්‍රික්කයට කඩිනමින් කොවිඩ් එන්නත්කරණය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඊයේ (02) ජනාධිපතිතුමන් සමඟින් සාකච්ජා කරන බව රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කොවිඩ් මර්ධන කමිටුවේදීය.

මිහින්තලය ඇගලුම් කම්හලෙන් රෝගීන් 53 ක් වාර්ථා වී තිබීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු අතර, එහි සේවකයින් 1500 කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරත වීම හේතුවෙන් අවධානමක් පවතින බව සෞඛ්‍ය බළධාරීන් පැවසීය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, සේවා මුර ක්‍රමය යටතේ ඇගලුම් කම්හල පවත්වාගෙන යාමේදී සේවකයින් කඩින් කඩ කැඳවීම වෙනුවට සති දෙකෙන් දෙකට සේවකයින් ප්‍රමාණය දෙකට බෙදා කැඳවීමට කටයුතු කරන ලෙස අදාළ ඇගලුම් කම්හලට උපදෙස් දෙන ලෙසයි.

ඒ මගින් සේවකයින් මුහු වීම මෙන්ම සේවකයින් ගමට මුහු වීමද අවම වන බවත් ඒ හරහා ඇගලුම් කම්හලේ කටයුතුද සාර්ථකව කරගෙන යා හැකි බවත් අමාත්‍යයවරයා එහිදී පැවසීය. 

එහිදී අදහස් දැක්වූ දුමින්ද දිසානායක අමාත්‍යවරයා කියා සිටියේ, 

"මේකේ ඇත්තම කථාව තමයි දැනට රෝගය බෝ කරන කණ්ඩායම විදිහට ඉන්නේ මිනිස්සුන්ව මුණ ගැහෙන කණ්ඩායම,ඒ කියන්නේ රාජ්‍යය නිළධාරීන්ට තමයි මේකේ ප්‍රමුඛතාවය දෙන්න අවශ්‍යතාව තියෙන්නේ.රටටම එන්නත්කරණය කරන්න අවශ්‍යයි, මම මිනිස්සු 100 ක් මුණ ගැහෙනවා නම් මට එන්නත්කරණය කරන එකද හොඳ අර මිනිස්සු 100 අතරින් කෙනෙක්ට එන්නත දෙන එකද හොඳ? ඒවගේ දෙයක් රජයේ නිළධාරීන් කිව්වම සෞඛ්‍ය වෙන්න පුළුවන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙන්න පුළුවන්, ප්‍රාදේශිය සභා, ගොවිජන සේවා වගේ ආයතන වලට එන්නත් කරණය කලොත් අපිට යම් මුරකපොල්ලක් දාගන්න පුළුවන්කම තියෙනවා.ඒ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ජා කරන්නම්. ජනාධිපතිතුමන් සමඟ සාකච්ජාවක් තියෙනවා. ඒකෙදී අනුරාධපුර දිස්ත්‍රික්කයට එන්නත්කරණය කිරීමට නුදුරු දිනයක් යොදා ගන්නත් සාකච්ජා කරන්නම්" 

රටේ පහුගිය දිනවල සිදු වූ සියලු අත්දැකීම් අරගෙන ඡන්ද නාම ලේඛණය අනුව එන්නත් කරනය කරන්න,එක මන්ත්‍රී හෝ තව කෙනෙක් කියන අයට එන්නත් කරන්නේ නැතිව ගමේ ග්‍රාමසේවක මහත්තයා ලග ඡන්ද නාම ලේඛණය තියෙනවා, පාරවල් වලට හෝ ගම්මාන වලට වෙලාවල් දීලා ලැයිස්තුවකට අනුව එන්නත්කරණය කරන්න. එතකොට හැම ගෙදරම ඉන්න අය දන්නවා, ගහපු අය දන්නවා, තව කීයකට ගහන්න තියෙනවාද කියලා දන්නවා.ඒ නිසා ගැටලුවක් ඇති නොවන ලෙස ඒ දේ කරන්න.අපි ඒකට අතදාන්නේ නෑ.සෞෟඛ්‍ය බලධාරීන් අවශ්‍යය ලෙස ඒ දේ කරන්න යැයි පැවසීය.

මිහින්තලය ප්‍රාදේශීය සභා සභාපතිතුමන්ටද උපදෙස් දෙමින් අමාත්‍යවරයා එහිදී පැවසූවේ, "ඒකට මැදිහත් වෙන්න එපා අපේ අය, එන්නත්කරණය කරන එක හැමෝටම කරන්න අවශ්‍යය නිසා පොදුවේ එන්නත්කරණ ක්‍රියාවලියට අපි සහය දෙනවා මිසක් අපේ ලැයිස්තු දාන්න හරි අපේ හිතවත්කම් වලට කිසි දෙයක් කරන්න එපා. රටේම තියෙන ප්‍රශ්න ටිකත් එක්ක සතපහක තේරුමක් නෑ. අපේ පදනම වෙලා තියෙන්නේ දෙසැම්බර් වන විට ලංකාවේ හැමෝටම එන්නත්කරණය කරලා අවසන් කරන්න.ඒ නිසා අපි කණ්ඩායම් හදලා, අපි නොමිලේ එන්නත්කරණය කරලා, වියදම් කරලා නරක නාමයක් අහගන්න වුවමනා නෑ.මේක ව්‍යසනයක් නිසා අපි හැමෝගැනම බලන්න ඕන අපේ මිනිස්සු විදිහට මිසත් මේ ගොල්ල විතරක් අපේ කියලා නෙමෙයි. රජයේ නිළධාරීන් හා දේශපාලන අධිකාරය විදිහට අපි අපේ ජීවිතත් ආරක්ෂා කර ගන්නා අතරේ , මේකට කොහොමද උපරිම දායකත්වයක් දීලා මේකෙන් ඉක්මනටම ගැලවෙන ක්‍රමය මොකක්ද කියලා හොයා ගන්න ඔ්න. සේරම මැරිලා අපි විතරක් ඉතුරු වෙලා වැඩක් නෑ."

ඒ නිසා වෘත්තීය සමිති වෙන්න පුළුවන්, දේශපාලඥයෝ වෙන්න පුලුවන්, රජයේ නිළධාරීන් වෙන්න පුළුවන් මොන ප්‍රශ්න තිබ්බත් මේ හැමදේම වෙනදා වගේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට නොයා, ඒ අයිතීන් ආරක්ෂා කර ගන්නා ගමන් මේ වෙලාවේ අපි හැමෝම එකතු වුණොත් විතරයි බේරෙන්න පුළුවන් කියන එක අපි පිළිගන්න ඕන.අපි එක එක්කෙනා මේක එහාට මෙහාට ඇද්දොත්, අරයාගේ වැරදි කියනවා, මෙයාගේ වරද කියනවා කිය කිය වැරදි කිය කිය හිටියොත් දන්නෙම නැතිව අපිත් මැරිලා යයි. ඒ නිසා මේක ඉවරයක් කර ගන්න අපිට හම්බෙන්නේ නෑ, ඒ නිසා අපි හැමෝම එකතු වෙලා ගොඩ යමු. මේ වැඩ ටික හරියටම කරලා, රුපියල් 5000, බඩු මල්ල පරිස්සමින් බෙදලා, ආසාධිතයෝ හදුනාගෙන ඔවුන්ට අවශ්‍ය කටයුතු කරලා, බෝ වෙන එක වලක්වාගෙන අපි අපේ කොටස කලොත්, මේක සාර්ථකයි.

ඒ නිසා පහුගිය සිදු වූ වැරදි ඉගෙන ගෙන, හොදටම වැඩේ කරන එක තමයි අපේ වගකීම වෙන්න ඔ්න, ඒ නිසා දේශපාලන අධිකාරිය විදිහට මම නම් කොහොමත් මැදිහත් වෙන්නේ නෑ, ප්‍රාදේශීය දේශපාලඥයොත් මැදිහත් වෙන්නේ නැති වෙයි ඒ නිසා නීතී රීතී අනුව කටයුතු කරන්න රජයේ නිළධාරීන්. ඒ වගේම ජනතාවට අවශ්‍යය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ගම්මාන මට්ටමින් නිසි අධීක්ෂණයක් යටතේ වෙළඳසැල් විවෘත කිරීමට කටයුතු කරන ලෙස හා ජනතාවට අත්‍යවශ්‍යය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලොරි රථ මගින් ගම්මාන වලට භාණ්ඩ ප්‍රවාන රථ යොමු කරන ලෙසත්, ඒ්වායේ මිල ගණන් සම්බන්ධයෙන් පරික්ෂා කරන ලෙසත් අමාත්‍යයතුමන් නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රටේම තියෙන ප්‍රශ්න ටිකත් එක්ක සතපහක තේරුමක් නෑ" ඇමැති දුමින්ද ජනපති එක්ක සාකච්ඡාවක
"රටේම තියෙන ප්‍රශ්න ටිකත් එක්ක සතපහක තේරුමක් නෑ" ඇමැති දුමින්ද ජනපති එක්ක සාකච්ඡාවක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbO-vQWBaqZGWGHpzF2H22C8hftXJrhM3TR_v0FBL0UTMw-TCBkU8JHJT1KesYw7-82oGGS4u6gs_RH8qtDN3Zr7Ec2ABOihCkXeeCw2DPjbV4cFT3QJfh3iSUIO7Vlbz-8m8BOkkv2AM/s0/duminda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbO-vQWBaqZGWGHpzF2H22C8hftXJrhM3TR_v0FBL0UTMw-TCBkU8JHJT1KesYw7-82oGGS4u6gs_RH8qtDN3Zr7Ec2ABOihCkXeeCw2DPjbV4cFT3QJfh3iSUIO7Vlbz-8m8BOkkv2AM/s72-c/duminda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_96.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_96.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy