දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වසංගත රෝග ඒකකය වැඬේ අනනවා… ප‍්‍රධානියාට ප‍්‍රායෝගික දැනුම නෑ… ඉතා භයානක ලෙස රෝගය පැතිරෙනවා - පාදෙණිය
Homeප්‍රවෘත්ති

වසංගත රෝග ඒකකය වැඬේ අනනවා… ප‍්‍රධානියාට ප‍්‍රායෝගික දැනුම නෑ… ඉතා භයානක ලෙස රෝගය පැතිරෙනවා - පාදෙණිය

PropellerAds

වසංගත රෝග විද්‍යා ඒකකයේ අත්තනෝමතික කි‍්‍රයාමාර්ග නිසා කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීමේදී විශාල ගැටලූ සහගත තත්ත්වයක් උදා වී ඇති බව රජයේ වෛද්...

මාරක රිය අනතුරෙන් පසු කුසල් පැන ගිහින්.. පැයකට පසු බාරවෙලා.. පාරේ වැරදි පැත්තෙන් ගිහින්.. බීලාදැයි පරීක්‍ෂණ.. අවිශ්කගෙන්ද ප‍්‍රශ්ණ කරයි
සම්පත් බැංකුවේ මුදල් ඉවත් කර අමානා බැංකුවේ තැන්පත් කරන්නැයි ජමිතුල් උලමා මුස්ලිම් ජනතාවට දැනුම් දීලා - රතන හිමි
කොටි ළමා සොල්දාදුවන් හිටියේ නෑ.. පින්තූරවල ඇත්තේ රගපාන්න ගත්ත දරුවන් - කරුණා
වසංගත රෝග විද්‍යා ඒකකයේ අත්තනෝමතික කි‍්‍රයාමාර්ග නිසා කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීමේදී විශාල ගැටලූ සහගත තත්ත්වයක් උදා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.

ඉතාම භයානක අන්දමින් පැතිර යමින් තිබෙන කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා සකස් කරන ලද විශේෂ වැඩපිළිවෙළට සම්බන්ධ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පෙරේදා භාරදුන් බව ද වෛද්‍ය පාදෙණිය මහතා කියා සිටියේය.

කොරෝනා මර්දන ව්‍යාපෘතිය සම්බන්ධ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව කළ විමසීමකදී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව කීවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාදෙණිය මහතා මෙසේ ද කියා සිටියේය.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානියා ඇතුළු තුන්දෙනකුගේ මතයට අනුව තමයි මේ වෙනකොට කොරෝනා මර්දන කි‍්‍රයාවලිය කරගෙන යන්නේ. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානියාට ඒ තනතුර සඳහා සුදුසුකම් තිබුණට එයාට ප‍්‍රායෝගිකව මේ කටයුත්ත කළ යුතු ආකාරය පිළිබඳව දැනුමක් නැහැ. ඒ වගේම මේ ඒකකයේ තවත් විශේෂඥ වෛද්‍යවරුන් 24 දෙනකු රාජකාරි කරනවා. මේ ඒකකයේ ප‍්‍රධානියා ඇතුළු තුන්දෙනෙක් තමන්ට අවශ්‍ය ආකාරයට තවත් කිසිවකුගේ අවවාදයකට උපදෙසකට කන්නොදී කටයුතු කරගෙන යනවා.

මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ වෙනකොට රට තියෙන්නෙ ඉතාම භයානක තත්ත්වයක. අපි හරි ආකාරයට කටයුතු නොකළහොත් මේ වෛරස ව්‍යාප්තිය පාලනය කරගන්න බැරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට යෝජනා කීපයක් ඉදිරිපත් කළා.

මේ යෝජනා සකස් කිරීමට අපි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් 24 දෙනකුගෙ දැනුම උපයෝගි කරගත්තා.

අපිට රට හැමදාම වහලා තියන්න බැහැ. ඒ නිසා අපි ක‍්‍රමවත් වැඩපිළිවෙළකට යන්න ඕනෙ. එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතාම විධිමත් ආකාරයට කරන්න අවශ්‍යයි. රටේ ජනතාවගෙන් 70%ක් පමණ එන්නත්කරණයට භාජනය කළ යුතුයි.

රටේ මරණ අනුපාතය අවම කර ගන්න වයස අවුරුදු 60 ඉක්මවූ අයට බෝ නොවන රෝග ඇති අයට මෙන්ම සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ අය මෙන්ම රෝගීන් හා ගැටෙන පාර්ශ්වවලට මුලින්ම එන්නත් ලබාදිය යුතුයි.

ඒ ක‍්‍රමය හරහා අපට මරණ අනුපාතය අඩු කර ගන්න පුළුවන්. මේ වනවිට සිදුවී ඇති කොරෝනා මරණවලින් විශාල ප‍්‍රමාණයක් වාර්තා වෙන්නෙ වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන්. ඒ වගේම බෝ නොවන රෝගවලට ගොදුරු වූ අය. ඒ නිසා අපි මුලින්ම ඒ අය එන්නත්කරණය සඳහා යොමු කළ යුතුයි.

ඒ වගේම කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් තම නිවසේ රඳවාගෙන ප‍්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ ක‍්‍රමවත්ව කළ යුතුයි.

මේ සියලූ කරුණු කාරණාවලට විසඳුම් සහිත වාර්තාවක් අපි ජනාධිපතිවරයාට ලබා දුන්නා. ඒ පිළිබඳව ජනාධිපතිවරයා සිය අවධානය යොමු කර තිබෙනවා යැයි ද වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හේමන්ත රන්දුණු
divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසංගත රෝග ඒකකය වැඬේ අනනවා… ප‍්‍රධානියාට ප‍්‍රායෝගික දැනුම නෑ… ඉතා භයානක ලෙස රෝගය පැතිරෙනවා - පාදෙණිය
වසංගත රෝග ඒකකය වැඬේ අනනවා… ප‍්‍රධානියාට ප‍්‍රායෝගික දැනුම නෑ… ඉතා භයානක ලෙස රෝගය පැතිරෙනවා - පාදෙණිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDat6gWGQk8KD4GTGJsRgzFMb8LE4OwPflLb6qEjLdM0ASQc7y7Vq1BsGA9KPSc6pfur7N1Ppq8imqOuPEpOUra7etLelk0-V2ylWGe7R5tjD4woVak_9SINt95Bd9_48Nab01_zI-4Xg/s320/anuruddha-padeniya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDat6gWGQk8KD4GTGJsRgzFMb8LE4OwPflLb6qEjLdM0ASQc7y7Vq1BsGA9KPSc6pfur7N1Ppq8imqOuPEpOUra7etLelk0-V2ylWGe7R5tjD4woVak_9SINt95Bd9_48Nab01_zI-4Xg/s72-c/anuruddha-padeniya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy