කොරෝනා මර්දනය සඳහා එන්නත්කරණය සිදුකළ ‘ඇස්ටසෙනිකා’ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ලක්ෂ 6ක පමණ මෙරට ජනතාවට එහි දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි...
කොරෝනා මර්දනය සඳහා එන්නත්කරණය සිදුකළ ‘ඇස්ටසෙනිකා’ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ලක්ෂ 6ක පමණ මෙරට ජනතාවට එහි දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වීම මානව විරෝධී ක්‍රියාවක් මෙන්ම මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.
දෙවන මාත‍්‍රාව ලබාගැනීමට රටවල් කිහිපයකින්ම ඉල්ලීම් කර තිබුණ ද මෙතෙක් ඒ ගැන පැහැදිලි පිළිතුරක් ලැබී නොමැති බව ද ඔහු පැවසීය.
එම එන්නත් ලබා ගැනීම සඳහා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග රැසක් රජය විසින් ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
පෞද්ගලික අංශයේ ඇතැම් ජාවාරම්කරුවන් එම එන්නත්වලින් යම් සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා දීමට රජය සමග සාකච්ඡා කර තිබෙන බවද කී ඔහු පිළිගත් සමාගමක් හැර එම ජාවාරම්කරුවන් ගැන විශ්වාසයක් තැබිය නොහැකි බව ද පැවසිය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අවස්ථාවේදී මෙම මානව විරෝධී ක‍්‍රියාව සම්බන්ධයෙන් අවශ්‍ය පිවයර ගත යුතුව ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

COMMENTS