හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට පරිසර අමාත්‍යධුරය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවට පලව ඇති වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා මිරර...
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට පරිසර අමාත්‍යධුරය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවට පලව ඇති වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා කියා සිටියේය.
කෙසේවුවද, බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිත බවත්, ඔහු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාද කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම්දීමට නියමිත බව අද පුවත්පත වාර්තා කර තිබේ.
බැසිල් රාජපක්ෂ සහතා දිවුරුම්දීමට නියමිතව ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍යධුරයේ හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යධුරයේ බවද මේ අතර වාර්තා වේ.
කෙසේවුවද, මීට පෙර වාර්තා වූයේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයේ දිවුරුම් දීමට නියමිත බවයි.
ආර්ථික සංවර්ධන අමාත්‍යධුරය යටතට කොළඹ වරාය නගරය, ආයෝජන මණ්ඩලය ඇතුළු දැනට මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක් ඇතුළත්බවද වාර්තා වේ.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතා ද මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමටත්, ඔහුට ඒ සඳහා ඉඩ විවෘත කර දීමට ජයන්ත කැටගොඩ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමටත් සැලැසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට රාජ්‍ය අමාත්‍යධුර ලබාදීමටද සැලසුම් කර ඇති බව ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS