කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ප...
කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා වෙත ඊයේ වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ අනුව ලබන 12 වනදා දක්වා එම වාරණ නියෝගය බලපැවැත්වෙනු ඇති.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාට සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට නොතිසි ද නිකුත් කර තිබෙනවා.
2020 මැයි මස 20 වනදා කුරුවිට ජල යෝජනා ක්‍රමය අසලදී අමාත්‍ය වාසුදේව නානායක්කාරට අවමන් සහගත අයුරින් බැනවැදුණේ යැයි චෝදනා කරමින් තමන් ඉවත් කරන ලෙස වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබු බවයි පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ.
තමන්ව පක්ෂයෙන් නෙරපීමට ගත් ක්‍රියාමාර්ගය නීතියට පටහැනි යැයි පැවසූ පැමිණිලිකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තමන්ව ඉවත් කොට එම පුරපාඩුව සඳහා වෙනත් අයෙකු පත් කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වෙත වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණා.

COMMENTS