දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙහිවල සිංහයෙකුට කොරෝනා! - සීබ්‍රා පැටියෙක් හදිස්සියේ මියයයි
Homeප්‍රවෘත්ති

දෙහිවල සිංහයෙකුට කොරෝනා! - සීබ්‍රා පැටියෙක් හදිස්සියේ මියයයි

PropellerAds

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඞ්’ රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි වාර්තා වේ. මෙසේ කොරෝනා වැළඳ...

ත්‍රිරෝද රථ රියදුරන් ලෝටස් පාර වසයි
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
කුමාර් ගුණරත්නම් නිදහස්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඞ්’ රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි වාර්තා වේ.
මෙසේ කොරෝනා වැළඳී ඇත්තේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් (Thor) නමැති කේසර (පිරිමි) සිංහයාටය.

දින කිහිපයක් කැස්සකින් හා උගුරේ වේදනාවකින් පීඩා විඳි මෙම සිංහයා පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.

ඉන් පසු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමුකළ සතාගේ සෙම පටල පරීක්ෂාවෙන් කොවිඞ් බවට තහවුරු වී ඇත.

මේ අතර සිංහ කූඩුව භාරව සිටි සත්ව රැකවලූන් දෙදෙනකු සත්වෝද්‍යානය තුළත්, තවත් රැකවලකු නිවසේත් නිරෝධායනය කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

සිංහයා ලෙඩ වූ දිනවලට ආසන්න දිනවලදී සත්වෝද්‍යානයේ විසූ සීබ්‍රා පැටවකු සහ වැඩුණු හිපපොටේමස් සත්වයකු ද හිටි හැටියේ මියගොස් සිටි බවත් වාර්තා වේ.

කෙසේවුවද, ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නොමැති බව ද මාධ්‍ය වාර්තා කර ඇත.

ආසාදිත තෝර් නමැති සිංහයා වෙසෙන සිංහ දූපත තුළ 2012 වසරේදීම මෙරටට ගෙන එන ලද ෂීනා (Sheena) නමැති සිංහ ධේනුව සහ සිංහයින් සිව්දෙනකු සිටින බව වාර්තා වේ.

කෙසේවුවද, වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පුවත්පතකට පවසා ඇත්තේ සත්වෝද්‍යානයේ සිංහයකු අසනීප තත්ත්වයෙන් පසුවන බව සැබෑ නමුත්, සතුන් සඳහා ලබාගන්නා පී. සී. ආර්. පරීක්ෂණ ප්‍රතිඵල දෝෂ තිබිය හැකි බැවින් ඉන්දියාව සමග කතා කර නිවැරදි පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙහිවල සිංහයෙකුට කොරෝනා! - සීබ්‍රා පැටියෙක් හදිස්සියේ මියයයි
දෙහිවල සිංහයෙකුට කොරෝනා! - සීබ්‍රා පැටියෙක් හදිස්සියේ මියයයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTLbtqc92vFftmnV2K7bVhmoKh9ru4HNWvEnSecnzxEUZd-yiJSoTkJyjS9P4n_V_18rNGqcsy-Zlufl5rbooBq9hs2aMmV4kiKnz3KjZZNB5P-F64HIH3H9V8Lbww5AnHe55KZSNANW0/s320/ec89be48f07b227cf51742478f962cdc_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTLbtqc92vFftmnV2K7bVhmoKh9ru4HNWvEnSecnzxEUZd-yiJSoTkJyjS9P4n_V_18rNGqcsy-Zlufl5rbooBq9hs2aMmV4kiKnz3KjZZNB5P-F64HIH3H9V8Lbww5AnHe55KZSNANW0/s72-c/ec89be48f07b227cf51742478f962cdc_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_290.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_290.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy