දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොසොන් පුර පසළොස්වක පොහොය අදයි !
Homeප්‍රවෘත්ති

පොසොන් පුර පසළොස්වක පොහොය අදයි !

PropellerAds

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. ශ්‍රී ලාං...

මහින්ද-රවී හමුවේ.. සජිත් අපේක්‍ෂක කලොත් තමන් ඇතුළු 08ක් එජාපයෙන් ඉවත් වන බව දන්වයි !
තමන් හා එක්වන්නැයිගෝඨාභයගෙන් ෆොන්සේකාට ඇමතුමක් !
දේශපාලන තීන්දුවක් ගන්න හිතන්න වෙනවා - අර්ජුන
ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ, සංස්කෘතික, ආගමික සහ අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතු විය.

එකල දේවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය, මිහින්තලය ආලෝකමත් වූවා පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජය ම ආලෝකමත් විය.

එවක පටන් බෞද්ධයන් විසින් පොසොන් පුර පෝය දිනය ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ සිහි කරනු ලබන අතර පින් අනුමෝදම් කරමින්, අනුරාධපුරය මෙන් ම මුළු දිවයිනේ ම ආගමික ස්ථාන කේද්‍ර කරගමින් මෙවරත් සීල, සමාධි, භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වුව ද කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

එමෙන් ම, ජනතාවට වෙහෙර විහාරස්ථාන වෙත ගමන් කිරීමට සෞඛ්‍ය හේතූන් මත මෙවර ද අවස්ථාව හිමි නොවේ.

යහපත් රටක් ගොඩනැගීමට තථාගත දහමත්, දස රාජ ධර්මයත් පදනම කරගත් රාජ්‍ය සංකල්පයක් අපගේ පාලනයේද පූර්වාදර්ශය කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මේ අතර පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ බුදු දහමේ හරය නිවැරදිව තෝරා බේරා ගැනීමටත්, බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවත සැලසුම් කර ගැනීමටත් මෙම කාලය ඉතා වැදගත් බවය.

නූතන ශ්‍රී ලංකාවේ බුදුදහම මත පදනම් වූ සංස්කෘතික සමාජීය පරිසරයකට පදනම වැටුනේ මහින්දාගමනයෙන් පසුව බව පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පවසයි.

ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් නිවෙසේ සිටම පොසොන් සමරන්න

කොවිඩ් වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වමින් මේ වසරේ පොසොන් උත්සවය නිවෙස්වල සිට සැමරීමට සියලු දෙනා අදිටන් කර ගත යුතුව ඇතැයි ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

අද වන විට මෙරට පමණක් නොව සමස්ත ලෝකයම ‍කොරෝනා වසංගත තත්ත්වයෙන් දැඩිව පීඩා විඳින පසුබිමක සම්බුද්ධ දේශනාවන් තුළින් ජීවිත පෝෂණය කර ගන්නා සැදැහැති බෞද්ධයන් ලෙස ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් තමන්ගේත් අනුන්ගේත් සමස්ත සමාජයේත් සෞඛ්‍යමය යහපැවැත්ම උදෙසා සිය වගකීම් ඉටු කිරීම සඳහා මෙවර පොසොන් දිනයේ කටයුතු කිරීම සමාජයේ වගකීම බවද උන්වහන්සේලා ප්‍රකාශ කරති.

සියම් මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ වැඩ බලන උත්තරීතර මහනායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල යන මහනාහිමිවරු පොසොන් උත්සවය නිමිත්තෙන් මේ අනුශාසනාව කරති.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොසොන් පුර පසළොස්වක පොහොය අදයි !
පොසොන් පුර පසළොස්වක පොහොය අදයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1urKcJWgNQnIQTrdN5XGf3J1VvfmGIcuBIV1zim4qFgrsMgwxVfaBaVLZCr37Cb0AD4ipahmtiGxACSgCNusw5t04QGAqOnO5E44Cbd96vxTTJvaEipoGIrtcImd3MqLxDu82fT0NUfk/s320/5f21665a08f0089e0f2419863154aa0b_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1urKcJWgNQnIQTrdN5XGf3J1VvfmGIcuBIV1zim4qFgrsMgwxVfaBaVLZCr37Cb0AD4ipahmtiGxACSgCNusw5t04QGAqOnO5E44Cbd96vxTTJvaEipoGIrtcImd3MqLxDu82fT0NUfk/s72-c/5f21665a08f0089e0f2419863154aa0b_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_165.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_165.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy