ඕනෑම අයෙකුට අදහස් දැක්වීමට අයිතියක් ඇති නිසා එය ප්‍රශ්නයක් බවට පත්කර නොගත යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. ඉන්ධන මිල ව...
ඕනෑම අයෙකුට අදහස් දැක්වීමට අයිතියක් ඇති නිසා එය ප්‍රශ්නයක් බවට පත්කර නොගත යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.
ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව වගකීම භාරගෙන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය පිළිබඳව පුවත්පතක් කළ විමසීමකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කොට තිබේ.
මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමුවේ වෙනත් විකල්පයක් නැති නිසා යිය ද පවසන අගමැතිවරයා මෙරට ජනතාවට මුහුණ දෙන තත්ත්වය ගැන තමා හොඳින් දන්නා බවද පවසා ඇත.
කෙසේ වෙතත් මෙය තාවකාලික පියවරක් බවත් ලෝක ඉන්ධන මිල පහළ ගිය වහාම ශ්‍රී ලංකාවේද ඉන්ධන මිල පහත දමන බවත් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන මිල ඉහළ නොදමා පවත්වාගෙන ආ බවත් එම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම අසීරු වීම නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවු බවත් අගමැතිවරයා තවදුරටත් පුවත්පත වෙත සඳහන් කර තිබේ.

COMMENTS