දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෙර වැරදිත් සළකා බලා තිදෙනාටම වසර 05 ක් යනතුරු ක්‍රිකට් තහනම් කිරීමට යෝජනාවක් !
Homeප්‍රවෘත්ති

පෙර වැරදිත් සළකා බලා තිදෙනාටම වසර 05 ක් යනතුරු ක්‍රිකට් තහනම් කිරීමට යෝජනාවක් !

PropellerAds

එංගලන්තයේ සංචාරයේ නියුතුව සිටින අතරතුර ජෛව ආරක්ෂණ බුබුළ බිඳිමින් අයාලේ ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට වසර 5ක් දක්වා වන තරග තහනමක් පැනවිය ...

ප්‍රගීත්ට යුක්තිය ඉටුවෙනතුරු රාජපක්ෂවරුන්ට මගේ සාපෙන් මිදෙන්න බැහැ – සන්ධ්‍යා එක්නැළිගොඩ (VIDEO)
ෂැංග්‍රිලාවේ සුපිරි මගුලක්! ජනාධිපතිවරු තුන්දෙනෙක්! මහින්ද-බැසිල්-ගෝඨා-රනිල් එකම ‌මේසයක! කෑම බීම උතුරන්න
රජයේ කුණු කොන්ත්‍රාත්තුව අවලංගු කරයි – පරිසර ලේකම්ගෙන් රාජ්‍ය ආයතන ලොක්කන්ට දොස්!
එංගලන්තයේ සංචාරයේ නියුතුව සිටින අතරතුර ජෛව ආරක්ෂණ බුබුළ බිඳිමින් අයාලේ ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට වසර 5ක් දක්වා වන තරග තහනමක් පැනවිය යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් අතර ඊයේ (28වැනිදා) සාකච්ඡා වී ඇතැයි විශ්වසනීය ආරංචිමාර්ග ඔස්සේ වාර්තා විය.

කණ්ඩායමේ උපනායකයා වශයෙන් කටයුතු කළ කුසල් මෙන්ඩිස් සමග ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ඉකුත් ඉරිදා (27 වැනිදා) මධ්‍යම රාත්‍රිය ආසන්නයේ ඩරම් නගර මධ්‍යයේ දුම් පානය කරමින් සැරිසරන අයුරු එරට සිටින ශ්‍රී ලාංකිකයකු විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග ඊයේ වන විට මෙම හැසිරීම රටේ දැඩි විවේචනයට ලක්විය.

ඒ අනුව කණ්ඩායම් කළමනාකාරවරයාගෙන් මේ පිළිබඳව වහාම වාර්තාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබූ අතර අදාළ ක්‍රීඩකයන්ගේ මෙම හැසිරීම පිළිබඳව එම වාර්තාවෙන් තහවුරු වීමත් සමග එම තිදෙනාට තාවකාලික තහනමක් පනවා වහාම ඔවුන්ව මෙරටට කැඳවීමට නියෝග කෙරිණි.

එසේම මේ පිළිබඳ පරීක්ෂණ අවසන් වනතුරු ඔවුනට සියලු ආකාරයේ ක්‍රිකට් තරග තහනම් කිරීමට ද තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතාම දුර්වල තරග රටාවක් පෙන්නුම් කරන අවස්ථාවක මෙවැන්නක් සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහත් අපහසුතාවට පත්කරවන්නක් වී ඇති අතර අදාළ ක්‍රීඩකයන්ට වසර 5ක තහනමක් පැනවිය යුතුය යන අදහස ක්‍රිකට් ප්‍රධානීන් තුළ පැන නැගී ඇත්තේ එවන් වටපිටාවකය. මෙම ක්‍රීඩකයන්ට වසරක තහනමක් පැනවීම ප්‍රමාණවත් බව මෙහිදී සමහරෙකුගේ මතය වී ඇතත්, මෙම ක්‍රීඩකයන්ගේ පෙර වැරදි රැසක් ඇති බැවින්, මතු ක්‍රිකට් ක්‍රීඩකයන්ටද පාඩමක් වන සේ වසර 5ක තහනමක් පැනවිය යුතු යැයි බහුතරයකගේ මතය වී තිබේ.

සෞඛ්‍ය ආරක්ෂාව මත ජෛව ආරක්ෂණ බුබුළකට නතු කර තිබීම මත ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් රැඳී සිටින ඩරම් හී රැඩිසන් බ්ලූ හෝටලයේ පරිශ්‍රයෙන් පිටත සැරිසැරීමට අවසර නොතිබුණි. එසේම රාත්‍රී 10න් පසුව සිය නේවාසික කාමර තුළ රැඳී සිටීමද අනිවාර්ය විය. මේ සම්බන්ධයෙන් කණ්ඩායම් සාමාජිකයන් සියලු දෙනා දැනුවත්ව තිබූ බවට සාක්ෂියක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු විසින් කණ්ඩායම් සාමාජිකයන් වෙත යවා තිබූ වට්ස්ඇප් පණිවුඩයක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු බව සැලවේ.

චූදිත ක්‍රීඩකයන් තිදෙනා ඊයේ පස්වරුව වන විටත් එංගලන්තයේ රැඳී සිටි අතර ඔවුන්ව හැකි ඉක්මනින් මෙරටට කැඳවීම පිණිස කටයුතු යෙදෙමින් පැවතුනි.

මොවුන් අතරින් කුසල් මෙන්ඩිස් ඉකුත් වසරේ ජූලි 05 වැනිදා පාරේ වැරදි දෙසින් වාහනය පදවා අනතුරක් සිදුකර පාපැදිකරුවකු ම රණයට පත්කිරීමට චෝදනා ලැබූවකු වන අතර ධනුෂ්ක ගුණතිලක දකුණේ සංචාර හෝටලයකදී තරුණියකට අ ඩන්තේට්ටම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් අප්‍රේල් මස 20 වැනිදා නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද ප්‍රමුඛ විනය කමිටුවක් මගින් මානසික උපදේශනය සඳහා නිර්දේශ කර සිටියෙකි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෙර වැරදිත් සළකා බලා තිදෙනාටම වසර 05 ක් යනතුරු ක්‍රිකට් තහනම් කිරීමට යෝජනාවක් !
පෙර වැරදිත් සළකා බලා තිදෙනාටම වසර 05 ක් යනතුරු ක්‍රිකට් තහනම් කිරීමට යෝජනාවක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwdBD0axpJ2Yemx0o-udtO62-bK8apm2YJO4mUEjnTQf0sniP-rHlDEXXyxEv5yzuZ1AyS4ViEBrdBtK80yBCyhVIhnCF_Oypa4Jy6FLMgtKKE1sfkMP1vtpqdeeKLRvtkZrES9LDzzJA/s320/dhanushka-kusal-mendis.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwdBD0axpJ2Yemx0o-udtO62-bK8apm2YJO4mUEjnTQf0sniP-rHlDEXXyxEv5yzuZ1AyS4ViEBrdBtK80yBCyhVIhnCF_Oypa4Jy6FLMgtKKE1sfkMP1vtpqdeeKLRvtkZrES9LDzzJA/s72-c/dhanushka-kusal-mendis.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/05_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/05_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy