දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෝකයේ කොරෝනා මර්ධනය නව මාවතතට.. විප්ලවීය REGN-COV2 රටවල් රැසක අනුමතයි.. ශ‍්‍රී ලංකාවටත් බලාපොරොත්තුවක්..
Homeප්‍රවෘත්ති

ලෝකයේ කොරෝනා මර්ධනය නව මාවතතට.. විප්ලවීය REGN-COV2 රටවල් රැසක අනුමතයි.. ශ‍්‍රී ලංකාවටත් බලාපොරොත්තුවක්..

PropellerAds

කොරෝනා රෝගීන්ගේ ප‍්‍රතිකාරය සඳහා ලෝකයේ දැවැන්තම ඖෂධ සමාගමක් වන රෝෂ් සමාගම විසින් හඳුන්වා දෙන ලද REGN-COV2 ප‍්‍රතිදේහ මිශ‍්‍රණය හදිසි භාවිත...

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ !
කොරෝනා ඉවර වෙනකල් බලා හිටියොත් ජනපතියි 14 දෙනායි සදාකල් පාලනය ගෙනියයි - මහින්ද
හෝමාගම ක‍්‍රිකට් පිට්ටනිය මං හිගා කාලා හරි හදනවා - ඇමති බන්දුල
කොරෝනා රෝගීන්ගේ ප‍්‍රතිකාරය සඳහා ලෝකයේ දැවැන්තම ඖෂධ සමාගමක් වන රෝෂ් සමාගම විසින් හඳුන්වා දෙන ලද REGN-COV2 ප‍්‍රතිදේහ මිශ‍්‍රණය හදිසි භාවිතාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, ස්විට්සර්ලන්තය ඉන්දියාව හා ජපානය යන රටවල අනුමැතිය ලබා ඇත. මෙම ප‍්‍රතිදේහ මිශ‍්‍රණය පසුගිය වසරේ ඔස්තෝම්බර් මස කොරෝනා වෛරසය ආසාධනය වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ එකවට ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා හට ප‍්‍රතිකාර කිරීමේදී පවා සාර්ථකව යොදා ගන්නා ලද අතර මේ මිශ‍්‍රණය හරහා කොවිඞ් 19 වෛරසය නිසා රෝහල්ගත වීමේ අනුපාතය 70% ක් දක්වා අවම කිරීමේ හැකියාව ඇති බව සායනිකව ඔප්පු කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ජේ්‍යෂ්ඨ විශේෂඥ වෛද්‍ය චින්තක ද සිල්වා මහතා මෙසේ පැවසීය.

”REGN-COV2  ප‍්‍රතිදේහ සංයෝගයේ අන්තර්ගත Casirivimab හා Imdevimab ප‍්‍රතිදේහයන්ට කොවිඞ් – 19 ආසාදිත රෝගීන් හට රෝහල්ගත වීමට හෝ මරණයට පත්වීමට ඇති අවදානම අවම කිරීමට ඇති හැකියාව සායනිකව තහවුරු කර තිබෙනවා. මේ විසඳුම ශ‍්‍රී ලංකාවේ රෝගීන් වෙනුවෙන් හදුන්වාදිය හැකි නම් එය ඉතා වැදගත් පියවරක් වනු ඇති බව නොඅනුමානයි”

REGN-COV2 ප‍්‍රතිදේහ මිශ‍්‍රණය මොනෝක්ලෝනල් ප‍්‍රතිදේහ ද්විත්වයක් වන Casirivimab හා Imdevimab භාවිතා කර නිර්මාණය කර ඇති අතර එය වැඩි ජීවිත අවදානමක් ඇති, මෘදු/මධ්‍යස්ථ මට්ටමේ කොරෝනා ආසාධනයක් සිදුව ඇති රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනේ. මෙම මොනෝක්ලෝනල් ප‍්‍රතිදේහයන් පර්යේෂණාගාර තුළ නිෂ්පාදිත ප්‍රෝටීන වන අතර ඊට වෛරස් වැනි රෝගකාරක විනාශ කිරීම සඳහා ශරීරයේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇති හැකියාව අනුකරණය කිරීමට හැකිය. Casirivimab හා Imdevimab යන ප‍්‍රතිදේහයන් SARS-CoV-2 වෛරසයේ ස්පයික් ප්‍රෝටීනයට එරෙහිව විශේෂයෙන්ම නිර්මාණය කර ඇති අතර ඊට වෙරසය මානව සෛලවලට ඇලීම සහ ඇතුළු වීම වැළක්විය හැකිය. මෙම ප‍්‍රතිදේහයන් නිර්මාණය කර ඇති විශේෂ ආකාරය නිසා REGN-COV2 මිශ‍්‍රණය කොවිඞ් 19 වෛරසයේ වෙනස් වෙන නව ප‍්‍රභේදයන් හට සාර්ථකව මුහුණ දීමට හැකියාව ඇති අතර ඒ හැකියාව නව ප‍්‍රභේද කොතෙක් පැමිණියද නොවනස්ව පවතී.

මෙම ප‍්‍රතිදේහ මිශ‍්‍රණය මෘදු/මධ්‍යස්ථ කොවිඞ් 19 වෛරස ආසාධනයක් ඇති වැඩිහිටියන්ට සහ වයස අවුරුදු 12 ට වැඩි, අවදානම් තත්ත්වයට රෝගය පෙරළිය හැකි රෝගීන් සඳහා නිර්දේශිතය. මෙලෙස අවදානම් තත්ත්වයට පත් විය හැකි රෝගීන් වන්නේ වයස අවුරුදු 60 ට වැඩි රෝගීන් හා අඩු ප‍්‍රතිශක්ති හැකියාවක් ඇති, පිළිකා රෝගය සඳහා ප‍්‍රතිකාර ලබන, ඇට මිදුළු බද්ධ කිරීම හෝ වෙනත් අවයව බද්ධ කිරීමක් සිදු වී ඇති හෝ හදවත් රෝග, පෙනහළු රෝග හෝ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන්ය. රෝෂ් සමාගම විසින් තෙවන අදියරයේ අත්හදා බැලීමේ පර්යේෂණයන්හිදී රෝහල්ගත නොකෙරුණු, දැඩි අවදානම් රෝගීන් 4500 ක් සඳහා අනුමත මාත‍්‍රාව වන මිලිග‍්‍රෑම් 1200 ක (මිලිග‍්‍රෑම් 600) ලබා දෙන ලද අතර එහිදී මරණය හෝ රෝහල්ගත කිරීමට සිදු වීමේ අවදානම 70% කින් අවම වන බවත් රෝග ලක්ෂණ බලපවත්වන කාලය සතියක් දක්වා අවම වීමත් සිදුවන බව තහවුරු වී ඇත. එමෙන්ම තවදුරටත් පරීක්ෂණවලින් තහවුරු වූයේ රෝග ලක්ෂණ පෙන්වන කොරෝනා වෛරස් ආසාදනය 81% කින්ද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් රෝග ලක්ෂණ පෙන්වන තත්ත්වය දක්වා පත්වීම 31% කින්ද අවම වන බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා වෙත REGN-COV2  මිශ‍්‍රණය අත්හදා බැලීමේ අවධියේ පවතිද්දී ඉහළ මාත‍්‍රාවක් ලබා දෙන ලද අතර එය අතිශයින් සාර්ථක බව එහිදී තහවුරු විය.

මෙම REGN-COV2 මිශ‍්‍රණයට හදිසි භාවිතය සඳහා අනුමැතිය රටවල් ගණනාවක හිමි වී ඇත. ඒ සඳහා 2020 නොවැම්බර් මසදී පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ අනුමැතිය හිමි වූ අතර 2021 වසරේ පෙබරවාරි මසදී යුරෝපා ඖෂධ ආයතනයේ අනුමැතිය මානව භාවිතය සඳහා ඖෂධ නිෂ්පාදන (CHMP) කාණ්ඩය යටතේ අනුමැතිය හිමි විය. මෙලෙස අනුමැතිය හිමි වූයේ අවදානම් තත්ත්වය කරා යා හැකි රෝගීන් සහ ඔක්සිජන් ලබා නොදෙන රෝගීන් සඳහා විශේෂිත වූ ප‍්‍රතිකාරයක් ලෙයසි. 2021 වසරේ අප්‍රේල් මසදී REGN-COV2 සඳහා ස්විට්සර්ලන්තයේ ස්විස්මෙඩික් ආයතනයට මෙම ඖෂධය බෙදාහැරීම සඳහා අනුමැතිය හිමි විය.

කොරෝනා වසංගය නිසා ලොව දෙවැනියට වැඩියෙන්ම බලපෑමට ලක්ව ඇති රට වල ඉන්දියාව මැයි මස මුලදී මධ්‍යම ඖෂධ ප‍්‍රමිති පාලන ආයතනය (CDSCO) හරහා REGN-COV2 සඳහා හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් අතර ඒ අනුව ඉන්දියාව පුරා ප‍්‍රධාන රෝහල්වල සහ කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල මෙම ප‍්‍රතිකාරය දැන් ලබා දෙනු ලැබේ. එමෙන්ම ජපානයද කොවිඞ් ප‍්‍රතිකාර සඳහා රෝෂ් සමාගමෙන් මෙම ඖෂධය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින අතර ඊට එහි සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය නුදුරේදීම හිමි වීමට නියමිතය.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් පුරෝකථනය කරන ආකාරයට REGN-COV2 ප‍්‍රතිදේහ මිශ‍්‍රණය කොවිඞ් 19 සඳහා ප‍්‍රතිකාර කිරීමේ විප්ලවයක් සිදුකරනු ඇති අතර ඒ හරහා දැනට ක‍්‍රියාත්මක එන්නත්කරණය කිරීමේ ක‍්‍රියාවලියට දැවැන්ත පිටුබලයක් ලැබෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරයි.

– Thanzyl Thajudeen
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝකයේ කොරෝනා මර්ධනය නව මාවතතට.. විප්ලවීය REGN-COV2 රටවල් රැසක අනුමතයි.. ශ‍්‍රී ලංකාවටත් බලාපොරොත්තුවක්..
ලෝකයේ කොරෝනා මර්ධනය නව මාවතතට.. විප්ලවීය REGN-COV2 රටවල් රැසක අනුමතයි.. ශ‍්‍රී ලංකාවටත් බලාපොරොත්තුවක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgM00lc3BXrJacxKtI5NVx0Y5-NZsptItkNeNWWg3J5kizJ-wT_D8z70i7c5BlrsiROlWOVb8egqI1Hjz8uaK_8dGOQuo6QIQR7xJSz9YNkBh7nL290Fbn4F2yHVxWa24-SPEELFRyeDZQ/s320/rege.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgM00lc3BXrJacxKtI5NVx0Y5-NZsptItkNeNWWg3J5kizJ-wT_D8z70i7c5BlrsiROlWOVb8egqI1Hjz8uaK_8dGOQuo6QIQR7xJSz9YNkBh7nL290Fbn4F2yHVxWa24-SPEELFRyeDZQ/s72-c/rege.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/regn-cov2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/regn-cov2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy