කොවිඩ් – 19 සඳහා ලබා දෙන එන්නත් කරනයේ යෙදී සිටි වෛද්‍යවරියක ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට දේශපාලන බලහත්කාරය යොදවමින් බාධා කිරීම සම්බන්ධයෙන් අත...
කොවිඩ් – 19 සඳහා ලබා දෙන එන්නත් කරනයේ යෙදී සිටි වෛද්‍යවරියක ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට දේශපාලන බලහත්කාරය යොදවමින් බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මොරටුව නගරාධිපතිවරයාට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස නව නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජනතා නීතීඥයෝ සංවිධානය ප්‍රකාශ කරයි.
වීඩියෝ තාක්ෂයට ඔස්සේ එම ප්‍රකාශය කරමින් නීතීඥ සුනිල් වටගල මෙම ඉල්ලීම නීතිපතිවරයගෙන් කර තිබේ. එහිදී නීතීඥවරයා අවධාරණය කරන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ සමීපතමයෙකු වන කුරුණෑගල නගරාධිපතිවරයාද මෙයට පෙර පෞරානික වටිනාකමකින් යුත් රාජසභා මණ්ඩපය ඩොසර් කර විනාශ කරමින් බලය අයුතු ලෙස යෙදවූවත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකළ බවය.
කෙසේ වෙතත් මොරටුව නගරාධිපතිවරයාට විරුද්ධව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතීඥවරයා අවධාරණය කරයි.

COMMENTS