දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෞඛ්‍ය ලේකම්වරයා වසංගතයේ තොරතුරු වසං කිරීමට උත්සාහයක යයි චෝදනා !
Homeප්‍රවෘත්ති

සෞඛ්‍ය ලේකම්වරයා වසංගතයේ තොරතුරු වසං කිරීමට උත්සාහයක යයි චෝදනා !

PropellerAds

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. සෞඛ්‍ය ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ හා නිලධාරීන් වෙත ...

මන්නාරම සමූහ මිණි වලේ සිරුරුවල ඇමරිකානු කාබන් වාර්තාව අද
යාපනය විශ්වවිද්‍යාලයේ කොටි ස්මාරකයක් හැදුවේ එල්.ටී.ටී.ඊ.මහවිරු උළෙල විශ්වවිද්‍යාලයේම තියන්න
"නායකයෙක් කියන්නෙ වැරදි නිවැරදි කරන කෙනෙක් මිසක් වැරදි අනුන් පිට පටවන කෙනෙක් නෙවෙයි" - හෙක්ටර් අප්පුහාමි
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සෞඛ්‍ය ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ හා නිලධාරීන් වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් ලිපිය වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක්.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට බලපාන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයක් උපුටා දක්වමින්, එම විධිවිධාන නොසලකා සෞඛ්‍ය සේවාවට අදාලව  මාධ්‍ය වෙත තොරතුරු සපයන සියලු පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවට අනතුරු ඇඟවීමේ ලිපියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ සහ නිලධාරීන් වෙත නිකුත් කර තිබේ. කොවිඩ් 19 වසංගතය බරපතල ලෙස වර්ධනය වෙමින් පවතින අවස්ථාවක විවිධ මූලාශ්‍ර ඔස්සේ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කරමින් වසංගත තොරතුරු වසං කිරීමට බලධාරීන් ගන්නා මෙම උත්සාහය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් හෙළා දකි.

මෙවැනි අනතුරු ඇඟවීම් හරහා නිලධාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන අතර, ජනමාධ්‍යයට විවිධ මූලාශ්‍ර ඔස්සේ තොරතුරු ලබා ගැනීමට ඇති අයිතියට ද බාධා කරයි. එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංගම් අයිතිවාසිකම්ලට මෙන්ම සංවිධානගත වීමේ අයිතියට ද අහිතකර බලපෑම් ඇති කරයි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආයතන සංග්‍රහයේ රෙගුලාසිවලට ඉහළින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතියකි. තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතියක් බවට පත්වී ඇති අතර 2016 වසරේ සිට ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ පනත හරහා තොරතුරු සඳහා ඇති ප්‍රතිපත්ති සම්බන්ධ නව දැක්මක් ඇති විය. එහෙයින් යල් පැනගිය ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන වහා වෙනස් කළ යුතු ඒවා බවට ලඝු කළ යුතු ඒවා වන අතර ජනතාව වෙනුවෙන් තමන් සතු තොරතුරු හෙළිදරව් කරන නිලධාරීන් මර්දනයට යොදා ගත යුතු ඒවා නොවේ.

කොවිඩ් 19 වසංගතය පාලනය සහ කළමනාකරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීය සංගම්, කණ්ඩායම් ප්‍රධානීන් තමන් දන්නා තොරතුරු,  ගැටලු හා යෝජනා අනාවරණය කිරීම සිදු කරයි.  සෞඛ්‍ය ප්‍රතිපත්ති නිවැරැදි‌ව ක්‍රියාත්මක නොවේ නම් ජනතාවට, රටට විශාල බරක් වී ඇති මෙවැනි වසංගත තත්ත්වයකදී ඒවා රටට අනාවරණය කොට  නිවැරැදි මඟට ගැනීම කළ යුතුය. රට මුහුණ දී සිටින්නේ යල් පැන ගිය විධිවිධාන බිඳ දමා, සියලු නිලධාරීන් සමාජ වගකීමක් සහිතව කටයුතු කළයුතු අවස්ථාවකටය. ලේකම්වරයා දැනුම් දී ඇති ආකාරයට  සත්‍ය තොරතුරු ඇත්නම් ඒවා වසං කොට මහජනයාගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීමෙන් පලක් නැත. එහෙයින් මාධ්‍ය වෙත තමන් සතු තොරතුරු ඉදිරිපත් කරන සෞඛ්‍ය වෘත්තීය සංගම් හා වෙනත් නිලධාරීන් නිවැරැදි නොවන තොරතුරු හා දත්ත ඉදිරිපත් කරන්නේ යැයි චෝදනා කොට ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන පෙන්වා ඔවුන් මර්දනය කිරීමට ගන්නා උත්සාහයෙන් වළකින ලෙස සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන් වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෞඛ්‍ය ලේකම්වරයා වසංගතයේ තොරතුරු වසං කිරීමට උත්සාහයක යයි චෝදනා !
සෞඛ්‍ය ලේකම්වරයා වසංගතයේ තොරතුරු වසං කිරීමට උත්සාහයක යයි චෝදනා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjb3kQpEJ1ssIAYLzyP2UaNR1mcyFDbSpyZB129QE3Y_37wyXXqlMTuZ_XQD_kpFwApCuVAqqGcb0dR2iNKBZ_LzxhFX3C5VJsFcx-WNWZNdnEYMiki_deWugm_0BLPtsLl21JIr7m6m8/s320/sanjeewa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjb3kQpEJ1ssIAYLzyP2UaNR1mcyFDbSpyZB129QE3Y_37wyXXqlMTuZ_XQD_kpFwApCuVAqqGcb0dR2iNKBZ_LzxhFX3C5VJsFcx-WNWZNdnEYMiki_deWugm_0BLPtsLl21JIr7m6m8/s72-c/sanjeewa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_776.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_776.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy