දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ !
Homeප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ !

PropellerAds

පා ස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව ලබන සදුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප...

දැඩිගම මුදලාලි දුටු තැන අල්ලන්න පොලිසිය සොයයි
මහින්ද රාජපක්ෂ කියන්නේ කැප්පෙටිපොල විරුවා හා සමකළ හැකි විරුවෙක් - වෙඬරුවේ උපාලි නාහිමි
මහින්ද, ගෝඨා, බැසිල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න සාකච්චා?
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව ලබන සදුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ මිනුවන්ගොඩ පක්ෂ කාර්යාලයේ  පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකින් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවද  අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නැවත අධීක්ෂණය කර එය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, හා රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම කමිටුව පත් කරනු ලැබිය.

නව කමිටුවේ වාර්තාව පසුගිය 15 වැනිදා භාරදීමට නියමිතව තිබූ අතර වැඩිදුර විමර්ශනය කිරීම සඳහා කමිටුව විසින් තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය.  එම කාලසීමාව පසුගිය තිස් වැනි දායින් අවසන් වූ අතර කමිටු වාර්තාව එළැඹෙන සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වීමට ප්‍රථම කමිටු සාමාජිකයින් විසින් ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතව තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ. මැරුණ මිනිස්සුන්ට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ. ඒ වැරදිකරුවන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමටත් එවැනි දෙයක් නැවත සිදුනොවීමටත් තමයි ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. පසුගිය රජය මුස්ලිම් නායකයින්ව සතුටු කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. හොඳම උදාහරණය වන්නේ පළාත් සභා මැතිවරණය 50ට 50 දෙන්න කියලා පනත රෑ 8:30 වෙනකම් කතානායකවරයා කල්දාලා කටයුතු කළේ මුස්ලිම් නායකවරුන්ට අවස්ථාව දෙන්නයි. එතකොට කවදාවත් ස්ථාවර පළාත් සභාවක් පිහිටුවන්න බැරි වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබන කොට ඒ ගැන කටයුතු කලේ නැහැ. ඒ වෙනුවට මුස්ලිම් නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඒ ගැන හොයන්න පාර්ලිමේන්තු කමිටුවක් දැම්මා. ඒ වගේ දේවල් පහුගිය රජය කළා. නමුත් අපි එවැනි දේවල් කරන්න බලාපොරොත්තුවක් නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසි කෙනෙක් වගකීමක් භාර ගන්නේ නැහැ. අද රටේ ආර්ථිකය මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මහ බැංකු හොරකම නිසා රටේ ආර්ථිකය විනාශ වුණ නිසයි. ඒ වගේ දේවල් පහුගිය ආණ්ඩුවේ අය පිළිගන්නේ නැහැ.

රටක් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. අපි බලයට ඇවිත් තාම මාස අටයි. පාස්කු ප්‍රහාරයේ කමිටු නිර්දේශ ඉදිරිපත් කරලා තාම මාස දෙකක්වත් නැහැ. ඉදිරි කාල සීමාව තුළ අපි හරි දේ කරනවා.

සෞඛ්‍යයට අහිතකර පොල්තෙල් ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය වසර හතරහමාරක කාලය පුරා රටට තෙල් ගෙන් වූ ව්‍යාපාරිකයින්ම තවදුරටත් එම තෙල් රටට ගෙන්වීමේ කටයුත්තේ යෙදෙන බවයි. අවුරුදු හතරහමාරක් ම පහුගිය ආණ්ඩුව අපේ මිනිස්සුන්ට වහ දීලා දැන් අපි ඒක අල්ලලා දුන්නාම අපි වහ දෙනවයි කියලා අපිට චෝදනා කරනවා. අනිවාර්යෙන්ම ඒ වගේ වැරදි දේවල් වලට අපේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරනවා.

මේ වෙනකොට ලංකාවට සංචාරකයින් 9000ට අධික පිරිසක් ඇවිල්ලා තිබෙනවා. අපි විශ්වාස කරනවා මැයි මාසෙ වෙනකොට ජර්මනිය ,චීනය ඒ වගේම ඉන්දියාව, යුරෝපයේ රටවල් සහ ලෝකයේ අනෙකුත්  රටවල සංචාරකයින්ට ලෝකය විවෘත කිරීමත් සමගම අපේ සංචාරකයින් ප්‍රමාණය වැඩිවෙයි කියලා. අපේ සංචාරක මාර්ගෝපදේශ  අපි දැනටමත් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා.

ඒ අනුව කටයුතු කරන සංචාරකයෝ ලංකාවට ගේන්නේ සහන දෙන්න නෙවෙයි. සංචාරකයෝ ලංකාවට ගේන්නේ ඒ අය සතුටු කිරීම තුළින් අපිට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය ලබා ගැනීමටයි. අපේ රටේ කොවිඩ් රෝගීන් මේතරම් දුරට පාලනය කරලා සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් අපි ජනාධිපතිවරයාට ස්තුතිය පළකළ යුතුයි. අදටත් ලෝකේ රටවල් විශාල ප්‍රමාණයක් ඒ කියන්නේ තුනෙන් එකක් තාම එන්නත්කරණය ආරම්භ කරලා නැහැ. අපේ රටේ එන්නත්කරන වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඉදිරියේ දී හොඳින් එන්නත්කරන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම තුළින් සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වෙතැයි මම විශ්වාස කරනවා. සංචාරක ව්‍යාපාරයෙහි නියැලී සිටින්නන්ට සහන ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ සංචාරක ව්‍යාපාරය ඉතා කඩිනමින් සාර්ථකත්වයට පත් කර ගැනීම තුළින් සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින පුද්ගලයින් ආර්ථිකමය වශයෙන් නැවත යථා තත්ත්වයට පත් කිරීම රජයේ අරමුණ බවයි. මේ සඳහා සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

– ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ !
පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrhecGGsIcqjFHXPDRmvTYyMz5GFsv-IOmaMQCGZlBvneE93vvcuzqGIvdmZkC6HXIBQ9EYOKkFmTu_05fnA6hl5ASt7BUl8AWfQIzHyiZritiZUuL35Ynm16SpJa9Fr-sLcXO19_fk4g/s320/prasanna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrhecGGsIcqjFHXPDRmvTYyMz5GFsv-IOmaMQCGZlBvneE93vvcuzqGIvdmZkC6HXIBQ9EYOKkFmTu_05fnA6hl5ASt7BUl8AWfQIzHyiZritiZUuL35Ynm16SpJa9Fr-sLcXO19_fk4g/s72-c/prasanna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_81.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_81.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy